Article

තවමත් මට සිකුරා ලබලා නැතුව ඇති මම ගමේ කෙල්ලෙක් නිසා මට වැඩ අඩුයි දිලිනි ලක්මාලි

Written by Prasad

ස්වාධීන රූපවාහිනී සේවය මගින් පවත්වනු ලබන අවුරුදු කුමරිය තේරීමේ තරඟයෙන් 2008 වසරේදි කිරුළු පැළඳීමෙන් කලා ලොවේ දොරගුලු විවර කරගන්න ඇය නමින් දිලිනි ලක්මාලි තිරිමාන්නය. ගුවන් සේවිකාවක් වීමේ ආශාවකින් සිටි ඇයට අවුරුදු කුමරිය වීමත් සමග අහම්බෙන් තමයි කලාවට එන්න පුලුවන් වෙන්නෙ. රූමත්, ගුණවත්, ප්‍රතිභාපූර්ණ මේ රංගන ශිල්පිණිය අදටත් තම රසික ප්‍රසාදය නොකඩවා තමාට ඇද බැඳ තබාගන්නට සමත් වෙලා තියනවා. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ දිනපතා විකාශය වන “සිදූ” ටෙලි නාට්‍යයේ “පූර්ණා” ලෙස හා ජාතික රූපවාහිනියේ ඉරිදා සහ සෙනසුරාදා විකාශය වන “යන ගමනේ යා” ටෙලිනාට්‍ය හරහාද ඇය අපේ ආලින්දයට ගොඩ වෙනවා.

ඇය පුංචි තිරය ඔස්සේ අපිට ගොඩක් අඩුවෙන් නේද දකින්න හම්බෙන්නෙ කියලා ඇහුවාම ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්. ” මගේ සමකාලීන අනිත් නළු නිළියන් එක්ක බැලුවම නම් මම ටිකක් අඩුවෙන් තමයි නිර්මාණ වලට සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මම හරියටම කියන්න දන්නේ නැහැ. සමහර විට මම කොළඹින් ටිකක් දුර බැහැර තමයි පදිංචි වෙලා ඉන්නේ. හේතුව එක වෙන්නත් පුළුවන්. මට නිර්මාණවලට නිතර නිතර කථා නොකරන නිසා ප්‍රේක්ෂකයන්ට මාව ගොඩක් අඩුවෙන් තමයි දකින්න හම්බ වෙන්නේ.”

දිලිනි රංගනයට අවතීර්ණ වෙන විදිහ, වගේම වෘත්තීය රංගන ශිල්පිනියක් ද කියලා ඇහුවහම ඇය කීවේ මේ විදිහ දෙයක්.” මට රංගන ක්ෂේත්‍රයට එන්න වරම් හිමිවෙන්නෙ 2008 වර්ෂයේදී ධ්ඊව් සූර්ය මංගල්‍යයයේ අවුරුදු කුමරිය විදිහට කිරුළු පැළඳුවාට පස්සේ. මේ වෙනකොට නම් මගේ වෘත්තිය රංගනය තමයි. ඒත් මට හිතෙනවා ඒ කාලේ ඉඳලම මගේ හීනය වෙලා තිබ්බ ගුවන් සේවිකාව තියෙන හීනයත් හැබෑ කරගෙන ඒ අතරතුර විනෝදාංශය විදියට රංගනය කරන්න තිබුණ නම් හොඳයි කියලා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ රංගනය ගැන අතෘප්තිමත් කියලා. මම රංගනය ගැන ගොඩක් සතුටු වෙනවා. අද වෙනකොට මං මේ කලාවෙන් ඇචීව් කරගත්ත දේවල් ගැන මට සතුටුයි.

මගේ ප්‍රථම රංගනය ගැන කිව්වොත් සුසිල නිෂ්පාදන යටතේ කරපු ටෙලි නාට්‍යයකට සන්ධ්‍යා පීරිස් මහත්මිය තමයි මට මුල්ම අවස්ථාව දුන්නෙ. ඊට පස්සේ තරංග දිසානායක මහත්මයාගේ ” අපි අපි වගේ” ටෙලිනාට්‍යටත්, දෙරණ රූපවාහිනී නාළිකාවෙන් විකාශය වුනු “පිනි බිංදු” කියන ටෙලිනාට්‍යයටත්, දායක වුණා. පිනි බිංදු සහ සිදූ කියන ටෙලි නාට්‍ය දෙකේම අධ්‍යක්ෂකවරයා වෙන්නේ ජානක සිරිවර්ධන මහතායි.

මෙතෙක් කාලයකට මම නිර්මාණ හතළිහක් විතර කරලා තියෙනවා. ඒ හැම එකක්ම වගේ ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වුණා. චිත්‍රපට වලට නම් ගොඩක් අඩුවෙන් දායක වුනේ. රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය අතරින් කප්සුව, පුරකලනී, මද්දහන වගේ ටෙලිනාට්‍ය තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂණ විදිහට හිතන්නෙ. මේ දිනවලදි මම සිදූ ටෙලිනාට්‍යයේත්, යන ගමනේ යා කියන ටෙලිනාට්‍යයේත් මාව දකින්න පුළුවන්. ඒ වගේම යූ ටියුබ් එකේ යනවා මම රංගනයෙන් දායක වුන ” රෙඩ් ලයිට් ” කියලා කතාවක්. මේ නිර්මාණ වලින් තමයි මම වර්තමානයේ ප්‍රේක්ෂකයා ඉස්සරහට එන්නෙ.

මගේ රංගන ජීවිතයෙදී මම සම්මාන කිහිපයුත් ලබාගෙන තියෙනවා.සිග්නිස් සම්මානය, 2010 රයිගම් ටෙලි සම්මාන උලෙලේ නැගී එන හොඳම නිළියට හිමි සම්මානයත්, 2015 පුරකළණී ටෙලි නාට්‍යය වෙනුවෙන් රයිගම් ටෙලි සම්මාන උලෙලේදි කුසලතා සම්මානයද ලබාගත්තා. ඇයගේ කොණ්ඩය මේ තරම් හොඳට තියාගන්නේ කොහොමද කියලා ඇහුවහම ඇය කීවේ මෙහෙම දෙයක්.අනේ ඇත්තටම මම මගේ කොණ්ඩයට කෘතීම දේවල් නම් පාවිච්චි කරන්නේ නෑ. මමම හදාගත්තු ස්වභාදික ශාක සාර අඩංගු තලපයක් තමයි මම කොණ්ඩෙට දාන්නෙ. ඊට අමතරම නැවුම් එලවලු පළතුරු ආහාරයට ගන්නවා. වතුර බොනවා. ඕවා තමයි කරන්නෙ.

ඔබේ පෞද්ගලික විස්තර ටිකක් අපිට කියන්නකෝ.” මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි, මමයි මල්ලියි. මල්ලි ඩුබායි හොටෙල් එකක තායි අංශයේ කෝකියෙක් විදිහට වැඩ කරනවා. තාත්තා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මම මුලින්ම පදිංචි වෙලා හිටියේ රාජගිරිය කලපළුවාවේ. දැන් ඉන්නේ කොස්ගොඩ. මූලික අධ්‍යාපනය ලැබුවේ කලපලුවාව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන්. ඊට පස්සේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. ගුවන් සේවිකාවක් වෙන්න ඒ කාලේ හීන දැක්කත් පසුව රංගන ශිල්පිනියක් බවට පත්වුනා. ඇගෙන් ආදරයක් තියෙනවද කියලා ඇහුවහම ඇය කීවේ මෙහෙම. ඒ කාලෙනම් පෙම්වතෙක් හිටියා. ඒත් දැන් නම් නෑ. තවම මට සිකුරා ලබලා නැතුව ඇති. ගෙවල් වලිනුත් එහෙම බාධාවක් නෑ. මට ඕනේ දෙයක් කරන්න මට නිදහස දීලා තියෙනවා. ඒ හින්දා කලබලයක් නෑ. හරියටම හරියන කෙනාව ඉදිරියේදී හමුවේවී කියලයි ඇය අවසාන වශයෙන් කීවේ.

About the author

Prasad

Leave a Comment