Article

දන් කඩන්න කැලේට ගියාම වෙලාව යනවා දන්නෙම නැහැ ගමෙන් ආපු චන්ඩි ඩාලින් අක්කා

Written by Prasad

ඩාලින් අක්කාගේ කට ඔච්චර සැර ඇයි.දකින දකින තැන ඩාලින් අක්කා හැමෝගෙන්ම ගේම ඉල්ලන එකම තමයි කරන්නේ ඉතින් ඇය ගැන තමයි අද අපි ඔබට කියන්නේ.ඇගේ නම තමයි චන්දිමා කරුණාදාස.චන්දිමා ඇගේ ජිවිතේ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඩාලින් අක්කා කියන්නේ මම රඟපාන චරිතයක්. එහෙම නැතිව සාමාන්‍ය ජීවිතයේදී මගේ කට එහෙම සැර නැහැ. හැබැයි ඩාලිං අක්කගේ චරිත ස්වභාවය ඒකයි. පාරදිගේ නාට්‍යයේදි හමුවෙන ඩාලිං අක්කා මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත්වෙන විවාහක කාන්තාවක්. ටිකක් මුදල්වලට ලොල් චරිතයක් විදිහට තමයි ඩාලිං අක්කාගේ චරිතය දිග හැරෙන්නේ. කටකාර, බයනැති කාන්තාවක් විදිහට තමයි ඩාලින් අක්කා ඉන්නේ.

කැලණි විශ්වවිද්‍යාලය තමයි මාව නිළියක් කලේ. කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි මම මේ වෙද්දී හදාරලා තියෙනවා. මගේ කලාවේ මුල්ම අඩිතාලම වේදිකාවයි. සරසවි ජීවිතේ ඒ අවුරුදු හතර වේදිකාවත් එක්ක ඉඳලා මම කලාවට සම්බන්ධ වුණා. ඊළඟට වෙළඳ දැන්වීම් වලට සම්බන්දවුනා එත් එක්කම පුංචි තිරයටත් අවතීර්ණ වුණා.මම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පුනෑව කියන පුංචි ගමේ තමයි ඉපදුනේ පුංචි කාලේ ජීවත්වුණේ මම පාසල් ගියේ මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලට.පාසලේ මම කවදාවත් වේදිකාවට නැගලා නැහැ.

මගේ පවුලේ අක්කලා තුන්දෙනයි මමයි ඉන්නේ. මම තමයි පවුලේ බාලයා. ඒ තුන්දෙනාත් දැන් විවාහකයි. තාත්තා රජයේ රැකියාවක් කළා. දැන් විශ්‍රාමිකයි. අම්මා රුකියාවක් කළේ නැහැ. අපේ පවුලේ හැමදෙනාම ඉන්නේ ගමේ. මට හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. දැන් ළමයින්ට නැති ළමා කාලයක් අපිට තිබුණා. මම ගමේ හරිම නිදහසේ හැදුණු ළමයෙක්. කිසිම දේකට අපේ අම්මා තාත්තා තහංචි දාලා තිබුණේ නැහැ. වෙල් එළියේ, වැව්වල අපි සෙල්ලම් කළා. කොළඹ ජීවත්වෙද්දී හැම පළතුරක්ම කඩෙන් අරන් කෑවත් ගමේදී ඇති තරම් කන්න පළතුරු තිබුණා. ගස් උඩ නැගගෙන පළතුරු කෑවා. පොලුවලින් ගහලා පළතුරු කඩාගෙන කෑවා. පැය ගණන් වැව්වල නෑවා. කකුල් ලෙලි යනතුරු ලේ එනතුරු වැටි වැටී ඇති පදමට දාඩිය පෙරාගෙන සෙල්ලම් කළා. ඒ කාලේ හරි සුන්දරයි. වැව්වල තරගයට පීනුවා. ඉස්කෝලේ ඇරිලා දං කඩන්න කැලේට ගියාට පස්සේ වෙලාව යනව තේරෙන්නෙම නෑ. ඒක පුදුමාකාර සුන්දර කාලයක්

මට ඕනේ වෙලා තිබුනේ කොහොම හරි කැම්පස් යන්න ඒක නිසා මට වෙන ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ.විශේෂ රස්සාවක් කරන්න ඕනේ කියලා මට අදහසක් තිබුනෙත් නැහැ.ගමේ ඉපදුනු හැමෝගෙම හීනෙ හොදට ඉගෙන ගෙන රැකියාවක් කරන්න ඒක තමයි ගමේ ළමයින්ට ගමෙන් ගොඩ යන්න තියෙන එකම හීනේ එක නිසා මගේ අරමුණ උනේ කොහොම හරි කැම්පස් යන්න මම පලවෙනි සැරේටම උසස්පෙළ සමත්වෙලා කැලණිය කැම්පස් එකට තේරුනා ඒක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය.ඉතින් දැන් මම රැකියාවක් කරන ගමන් කලාවේ වැඩ වලටත් සම්බන්ද වෙනවා.

මගේ ජීවිතේ යම් දෙයක් මට ලැබුණා නම් ඒකට සරසවිය මූලික වෙනවා කැම්පස් ආව මුල් කාලේ ගෙදර යන්නයි ඕනේ උනේ මොකද මම ගමේ කෙල්ලෙක් නිසා තාත්තා මාව දාලා ගියාට පස්සේ මම හැමදාම වගේ ඇඩුවා එත් ටික ටික ඒ පරිසරේට හුරුවුනා දැන් ගානක් නැ මට මම විවහාවුනෙත් ඒ කැම්පස් එකේම මගේ වසරේම තරුණයෙක් සමගම තමයි.සිනමා ජීවිතයේ මුල්ම අවස්ථාව වුණේ කුමාර තිරිමාදුර මහතා සහ සරත් කොතලාවල මහතා අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණු එක ඒක මගේ ජිවිතේ ලොකු වෙනසක් කරන්න පිටුවහලක් උනා.ඔන්න ඔහොමයි ඩාලින් අක්කා ඇයගැන පැවසුවේ.

About the author

Prasad

Leave a Comment