Article

දරැවට උගන්වලා දරැවා බන්දලා දරැවන්ගෙ දරැවො හදලා හුස්ම ගන්නකොට හුස්ම පොද ගිහින් පියුමි තැබූ සංවේදී සටහන

Written by Prasad

නිලියක් නිරුපන ශිල්පිනියක් විදියට ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් තරුණියක් මවක් විදියට පියුමි හංසමාලිව හදුන්වා දෙන්න පුළුවන්.ඔබට මතක ඇතිනේ පසුගියකාලේ නැවක් ගිනිගෙන එකත් පියුමි නිසාම ගොඩ දෙනෙක්ට අමතක කරන්න සිදුවීමක් සිදුවුනා.ඉතින් මේ වෙද්දී අපේ රටේ පවතින ජන අරගලයට සහයෝගය දෙන්නත් මේ සොදුරු කළා කාරිනිය අමතක කරලා නැහැ කළා කරුවන් රැසක් සමගින් පියුමිත් මේ වෙද්දී ගේමට බැහැලා ඉන්නේ. ඉතින් මේ දවස් වල ජනතාවගේ දුක දැනිච්ච පියුමි ඊයේ දිනයේ ජනතාව වෙනුවෙන් තැබූ සටහනක් අපි ඔබට ගෙන එන්නට අමතක කලේ නැහැ එම සටහන පහතින් බලාගන්න පුළුවන්.

ගෙයක් දොරක් හදලා ‘වාහනයක් අරගෙන’දරැවට උගන්වලා’දරැවා බන්දලා’දරැවන්ගෙ දරැවො හදලා’නැවතිලා හුස්ම ගන්නකොට’නොදැනිම හුස්ම පොද ගිහින් අනෙ දෙවියනෙ මගෙ රටට වෙච්ච දෙයක්.ඉක්මනටම හොදක් වෙන්න දෙව්යනෙ.මිනිස්සු බඩගින්නෙ දුක් විදිනවා වෙලක් කැවොත් ඉලග වෙල කන්න මහා අරගලයක් දෙනවා තවත් අය මහා දාවාලෙ අව්වෙ දුක් විදිනවා බුමිතෙල් පොලිමෙ .තවත් අය වැස්සෙ තෙමෙනවා ගැස් පොලිමෙ.ලෙඩ උන අසරන තාත්තලා ⁣ගැස් පොලිම් වල ඉදලා ඇද වැටි මිය යනවා.හරිම ආමාරැවෙන් petrol ටික ගහගත් උදවිය එටික ඉවර වෙනකල් මහා පාරෙ trafiek එකෙ ඉන්නවා.එ උද්ගොශන නිසා පාරෙ යන්න බැ ආමාරැයි පුංචි දරැවො පාසැල් ඇරිලා පැය ගානක් පාරෙ ගෙදරය යන්න බැ.

රට බෙරාගන්න කියලා සියලු දෙනා පාරට බැස්ස නිසා මහා පාරෙ පාරවල් හරස් වෙලා කාවදාවත් tv නොබලන මම අම්මා එක්ක News බලන්න ඉදගත්තාම අසරම අම්මලා අඩනවා බඩු මිල අඩු කරන්න අපිට කන්න බොන්න ගන්න විදිහක් නැ කියලා තවත් අය කියනවා දවසට එක වෙලයි මාත්තයො අපි කන්නෙ අපිට ජිවත් වෙන්න විදිහක් නැ කියලා වැදලා ඉල්ලනවා මාත් මෙවට සම්බන්ධයි සාමාවෙන්න.සර්ට මාත් චන්දය දුන්නා.එදුන්නෙ මගෙ රටට හොදක් වෙයි .සිතලා.එත් මොකක්දො සාපයක් වැදුනා වගෙ දෙයක් උනා අපි කිසිම කෙනෙක්ට හිතා ගන්න බැ.එත් ඉක්මනට මෙ කරදර නැති වෙලා සියලුම දෙනාට සැනසිම ලැබෙවා කියලා උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන පිලියමක් නැ ඇත්තමයි හරිම දුකින් මෙ සටහන ලියමි.පියුමි හංසමාලි.

About the author

Prasad

Leave a Comment