Article

දරුවාගේ තාත්තා දරුවාට කන්න දෙන්න හාල් ඇටයක් බොන්න කිරි පිටි ටිකක් තියෙනවද කියලවත් අහලා නැහැ.

Written by Prasad

ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. එක පිට එක පිට එක හොඳම රංගන ශිල්පීන් හිමි සම්මාන දිනා ගන්නට පවා සමත් වුණු අග්‍ර ගණයේ නිර්මාණ වලට දායක වෙන්නට වාසනාව ලද නිර්මාණ කාරියක්. රිදී තිරයේ පුංචි තිරය එක ලෙස දස්කම් දක්වපු ඇය නිල්මිණි තෙන්නකෝන්. හැන්දෑව වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලින් ඇගේ රංගන කුසලතාවය අපට මනා ලෙස දැක ගන්නට හැකියාව ලැබුණා. නමුත් වර්තමානය වෙනකොට නම් ඇය ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනිය කියන භූමිකාවෙන් බැහැර වුණු ඇය තමන්ගේ දියණියත් සමග වගේම ඇගේ ම රූපලාවණ්‍යාගාරයේ කටයුතු සමඟ කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක් විදිහටත් අපිට මේ දවස් වල අයව දැකගන්න පුළුවන්.

මොන තරම් කාර්ය බහුල වුණත් කලාව ප්‍රධාන ස්ථානයේ තියාගෙන ඉන්න හින්ද වෙන්නැති ඇයට තවමත් මිනිස්සු ගොඩක් ආදරේ කරන්නේ.මධුමාධව අරවින්ද සමග විවාහ වෙලා උන්නු ඇය මේ වෙනකොට නම් ජීවත්වෙන්න ඔහුගෙන් වෙන් වෙලා ඇගේ දියණියත් සමග තනිවම.විවාහ ජීවිතය තුළ ඇතිවන යම් යම් මතභේදාත්මක ගැටලු නිසා දියණියට අවුරුදු එකහමාරක් වැනි කුඩා වයසකදී ඔවුන් තම විවාහය අවසාන කරනවා.කෙසේ නමුත් එදා පටන් තමන් තමන්ගේ දියණියව රැකබලා ගත්ත නිල්මිණි තෙන්නකෝන් ඒ පිළිබඳව අදහස් දැක්වුවේ විදිහට.

දැන් මගේ දරුවා ගොඩක් ලොකුයි. දරුවාට වයස අවුරුදු ඉඳන් මං අම්මගෙන් වත් සත පහක් අරගෙන දරුවෝ මෙතනට ගොඩ නැගුවෙ නැහැ. මගේ අම්මයි නංගියි ඇරෙන්න දරුවා වග කියන පුද්ගලයවත් මේ තරම් කාලයක් අහල නෑ මගේ දරුවාට දෙන්නත් කිරිපිටි කොච්චරක් ඕනද හාල් ඇටයක් ඕනද කියලවත්.”ඉතින් මං මගේ දුවට හැමවෙලේම කියලා දෙනවා පියාව මග වගේම මේ ජීවත් වෙද්දී හොඳ ගුණධර්ම ඇති මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න කියලා.මොකද මම මගේ බලාපොරොත්තු මගේ දියණියගේ තුළින් ඉටු කරගන්න කැමති නැහැ. දුව ඉතාම සතුටින් ඉන්නවා දකින එක විතරයි මගේ එකම හීනය.”

මට ඉන්නේ ගොඩක් ලස්සන දුවෙක් චිත්‍රපටි වලට ඇයව ඉල්ලූ වාර අනන්තයි නමුත් මගේ එකම අරමුණ අධ්‍යාපනයෙන් ඇය විදිහටම ගෙනයාමයි. ඇයට රංගනයට එන්න ඕන්නං ඇයි කැමති දවසක ඒවි. නමුත් ඒ අධ්‍යාපනය අවසන් වුණු කාලයක.”තමන්ගේ ආදරණීය දියණිය ගැන අය අදහස් දැක්වූයේ මේ විදියට. අයටත් දියණියටත් බලාපොරොත්තු ඉෂ්ට කර ගනිමින් සුන්දර ජීවිතයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment