Article

දරුවෙක් ඉන්න පෝස්ට් එකකටවත් කමෙන්ට් කරන්න දන්නෙ නැති මිනිස්සු ඉන්න රටක්නේ මේක චතුරිකා පිරිස්

Written by Prasad

චතුරිකා පීරිස් කියන්නේ මීට කාලයකට ඉහතදී වගේ තවනත් එක විදිහට ජනප්‍රිය රංගන ශිල්පිණියක. 1980 වර්ෂයේ ජනවාරී මාසේ 02 වනිදා ඉපදුන චතුරිකාට මේ වෙනකොට වයස අවුරුදු 42ක් වුනත් ඇයට තවමත් අවුරුදු 25-26 ක තරුණියක් වගේ රූපයෙන් අනූනයි. ඇය ඉතාමත් දීර්ෂ කාලයක් , අපේ රටේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුන රොෂාන් පිලපිටිය සමග තමයි විවාහා ගිවිසගන්නෙ. 2005 හේදී විවාහ වෙන ඔවුන් 2012 වර්ෂයේදී දික්කසාද වෙන්නේ යම් යම් පුද්ගලික කාරණා කීපයක් හේතුකරගෙන. ඊට කාලයකට පසුව ඇය නැවත විවාහ වෙන්නෙ අපේ රටේ තවත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමතිලක සමඟින්. මේ වෙද්දී ඔවුන්ට ආරාධනා නමින් සුරතල් දියණියකුත් ඉන්නවා.

ඉතින් තමන් ගෙවන වර්ථමාන ජීවිතය ගැන ඇය අපිත් එක්ක කීවේ මේ විදිහට. “අපේ ජීවිත දැන් හරිම උද්‍යෝගිමත්. උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නිදාගන්න යනකම් එයා එක්ක අපි සතුටින් ජීවත් වෙනවා. එයාට තවම අවුරුදු පහයි වෙන්නෙ. නම ආරාධනා හංසධ්වනී. එයා මට් ගොඩාක් ආදරෙයි. ටෙලිනාට්‍යයකට හරි මම වෙන ළමයෙක්ව තුරුල් කරගත්තොත් එයා මූණ බෙරි කරගන්නවා. මාව කා එක්කවත් බෙදාගන්න කැමති නෑ. අපි අඬන දර්ෂනයක් තිබ්බොත් එයත් අඬනවා. එයා හරිම සංවේදී ළමයෙක්. අපි දෙන්නගෙම ගතිගුණ එයාට තියෙනවා. ගයාන් වගේ කේන්ති යනවා. මම වගේ හොඳට නිදාගන්නවා.”

කොහොම වුනත් මේක චතුරිකාගේ වගේම ගයාන්ගෙත් දෙවනි විවාහය නිසා ගොඩාක් මඩ ප්‍රහාර වලට ලක් වෙන්න ඇයට සිද්ධ වුනා. ඉතිං ඒ ගැන ඇය මේ විදිහට කිවුවා ඇත්තටම මම තරම් සයිබර් ප්‍රහාර වලට ලක්වුන තව කෙනෙක් නැතුව ඇති. අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනේ. ඒ අයට ප්‍රතිකාර අවශ්‍යයි. අඩුම තරමේ දරුවෙක් එක්ක ඉන්න ෆොටෝ එකාට කමෙන්ට් කරන්නවත් එයාලා දන්නෙ නෑ.කියලා තමයි චතුරිකා නම් කියන්නේ,කෙසේ වෙතත් ඒ ආදරණීය කැදැල්ලට අපි සුබ ප්‍රාර්ථනා එකතු කරමු.

About the author

Prasad

Leave a Comment