Article

දරුවෙක් හදන්න පරක්කු කරා මිසක් ළමයි නැතුව ට්‍රිට්මන්ට් කලේ නැහැ රංගනයෙන් ඈත්වුණු මුතු තරංගා කියන දේ

Written by Prasad

කාලයක් තිස්සෙම පුංචි තිරය හැඩකරමින් විටෙක දඟකාරියක් ලෙස, විටෙක අහිංසක පෙම්වතියක් ලෙස අපේ ආලින්දයට ගොඩ වැදුන මුතු ඇටයක් තරම්ම ලස්සන ඇය නමින් මුතු තරංගා.එක් වකවානුව දී ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයකට ඇගේ දායකත්වය ලැබුණා.ඇය ඉතා සුන්දර රංගනයකින් අපිව කුල්මත් කරා. නමුත් මේ වෙද්දි නම් ඇයව කලා ලොවේ එතරම් දකින්නට නැහැ.පුද්ගලික ජීවිතය පුද්ගලික ලෙසම තබාගනිමින් කාලය ගෙවන ඇය මේ වනවිට ආදරණීය බිරිඳක් වගේම මවක් ද වෙනවා. ඇය සමග සමග කළ කතාබහකදී ඇය මෙසේ අදහස් දැක්වූවා.

අම්මා කෙනෙක් කියලා කියන හැඟීම ගැන නම් මට වචනයෙන් විස්තර කරන්න බැහැ.මේ ලෝකෙ තියෙන වාසනාවන්තම උත්තරීතරම පදවිය තමයි අම්මා කියන්නේ. කාලයක් තිස්සේ ම රංගන ශිල්පිනියක් විදියට හිටපු මම වෙනස්ම කෙනෙක් කරන්න මේ පදවියට පුළුවන් වුණා වුණා හරියට මාව කරකවල අතෑරියා වගේ. අම්මා කෙනෙක් කියලා කියන්නේ වගකීම් ගොඩක් තියෙන කෙනෙක්. ඒ වගේම මටනම් හිතෙන්නේ අම්මා කෙනෙක් වෙන්න වාසනාව තියෙන්න ඕන කියලයි.

මම අම්ම කෙනෙක් වෙන්න යනව කියන දේ දැනගත්ත දවස මට අද වගේ මතකයි. ඒ කාලේ වෙනකොට දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ හින්දම මම ඒක දැන ගත්තහම නිශාන්තට කියන වෙලාවේදී ඒක මම හොරෙන් රෙකෝඩ් කරා. මට ආස හිතුන එයාගේ ප්‍රතිචාර බලන්න. මම හිතුව විදිහටම් ඒක කිව්වහම එයා ගොඩක් නැටුවා. එයා දුවෙක්ට ආස වෙද්දි, මම පුතෙක්ට ආස උනත්, කවුරු ලැබුනත් දෙන්නම අපේනෙ කියන හැඟීමෙන් අපි අපේ දරුවා එනකම් බලාගෙන හිටියා.

ඉස්සර ප්‍රෙග්නන්ට් අයව දකිද්දි මම බයයි. එයාලගේ ලොකු උණ බඩ දැක්කම මට හිතුනා කොහොමද මේ බර දරාගෙන ඉන්නේ? එතකොට මේ බඩ පිපිරෙයි ද? ඔය වගේ විකාර දේවල්. අපේ නංගිට බබා ලැබෙන්න ඉද්දි මං එයා ගාවටවත් ගියේ නැහැ. එයා ළමයා දඟලනව කියලා මට කතා කලත් මම ගියේ නැහැ. ඒත් මට බබා ලැබෙන්න ඉද්දී, ඒ බබා බඩේ ඉඳන් දඟල්ද්දී පුදුම ආදරයක් දැනුණේ. ඒක කියාගන්න බැරි හැඟීමක්. බබෙක් හදන්න මේ තරම් පරක්කු කරපු මම මොන තරම් මෝඩද පවුකාර ද කියලා හිතුණා. මොකද ඒ හැඟීම ඒ තරම් ම උත්තරීතර නිසා.

ඒත් එක්කම පුතා ලැබුනට පස්සේ තමයි මට දැනුනේ අම්මා කෙනෙක් දරුවෙක් හදන්න මොන තරම් දුකක් විදිනවද කියලා. අපේ අම්මා මාවයි නංගිවයි හදන්න මොන තරම් දුකක් විඳින්න ඇතිද කියල හිතුනා. ඒ අතරේ අම්මලා ඉන්නවා නේ මගේ කුසින් වදන දරුවෝ මහ පාරේ දාලා යන. ඒත් මොන හිතකින් කොහොම කරනවද කියන එක නම් මට හිතාගන්න බැහැ. තමන්ගේ කිරි ටික එරෙන්නෙ ඒ හම්බෙන දරුවා වෙනුවෙන් නේ. එහෙව් දරුවෝ දාලා යන්නේ කොහොමද කියන එක නම් මම දන්නේ නැහැ.

කොහොම වුණත් මට දරුවා ලැබුන වෙලාවේ සුබපැතුම් නම් ගොඩක් ආවා. ඒ සුබ පැතුම් අතරේ හිතට දුක දැණෙන දේවලුත් සිද්ද වුනා. මම දරුවා හැදුවේ සාමාන්‍ය කෙනෙක් අම්මා කෙනෙක් වෙනවට වඩා ටිකක් පරක්කු වෙලානේ. ඒක එහෙම වුනේ මම දරුවා හදන්න කල් දැම්ම නිසා. ඒත් සමහර අය හිතුවේ මට දරුවො නැතුව හිටියා කියලා. ට්‍රීට්මන්ට් කරලා බබෙක් හැදුවා කියලා. ඒත් මම එහෙම කළේ නෑ. කරානම් කියන්න ලැජ්ජා වෙන්නෙත් නෑ.

මම සාමාන්‍යෙන් මගේ පුද්ගලිකත්වය රැකගෙන ඉන්න කෙනෙක්. මගේ පළවෙනි තැන මගේ පවුල. දෙවැනි තැන තමයි රංගනය. නිශාන්ත හරිම ආදරණීය සැමියෙක්. ලෝකෙට පේන්න අපි දේවල් කරේ නෑ. මහා ලොකු වෙඩින් අරන් කසාද බැන්දේ නෑ. ඒත් පවට බය නිසාම වරදක් නොකර ලස්සනට ජීවත් වෙනවා. මම රංගනය අතාරිනවා කියලා කියන්නේ නෑ. ප්‍රෙග්නන්ට් වෙලා හිටිය කාලේ වැඩ නම් ගොඩාක් ආව. ඒ මොක වුනත් මම දැන්ම රංගනයට එන්නේ නෑ. හේතුව මගේ දරුවා වෙනුවෙන් තව ටික කාලයක් කැප කරන්න ඕනේ මම. ඒකයි. ඒ වගේම නිශාන්ත කියන්නේ පෙරුම් පුරලා ලබාගන්න ඕන සැමියෙක්. ඉතිං මගේ පවුල වෙනුවෙන් තමයි මගේ පළවෙනි කැපකිරීම තියෙන්නෙ.

About the author

Prasad

Leave a Comment