Article

දවසක් විනූ මගේ උපන් දිනය දවසේ රෑ 12ට කේක් එක අරගෙන වෙන ගෙදරකට ගිහිල්ලා තිබුණා.

Written by Prasad

අපේ පුංචි තිරයටත්, රිදී තිරයටත් පායන නැග එන, බැස යන තරු අතරේ ඇය මේ දවස්වල කරළියේ ඉන්න තරුවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. සුන්දර තරුණියක් වන ඇය නමින් රශීපබා සන්දීපනී. 1994 වර්ෂයේ 12 වෙනි මාසයේ 27 ඉපදුන ඇය වැඩිමල් දරුවා වන අතර ඇයට ඇයට වඩා බාල මල්ලි කෙනෙක් පමණයි ඉන්නේ.

පසුගිය දිනක ඇයගේ උපන් දිනය යෙදිලා තිබුණා. ඒ පිළිබඳව ඇය අදහස් දක්වලා තිබුණේ මේ විදිහට.”දැන් ඉතින් මට වයස තිහකටත් කිට්ටුයි. ඒ ගැන හිතද්දී නම් ගොඩක් දුකයි. ඒත් ඉතින් ඒ දුක හිතලා වැඩක් නැහැනෙ. ඒ නිසා මම හිතාගෙන ඉන්නේ වයස කියන්නේ අංකයක් විතරයි කියලා. ඉතින් මම වයසට යන එක මගේ හිතින් නවත්තලා තියෙන්නේ. ඒ නැවතීම සිද්ධ වුණේ අවුරුදු විසි දෙකේදී වගේ. ඉතින් මම හිතන්නේ තවමත් මම ඉන්නේ අවුරුදු 22 කියලා. ඉදිරියේ දවසට කියලා මම විශේෂ දේවල් කරන්නේ නැහැ ලොකුවට සාද පවත්වන්නේ නැහැ නමුත් ගෙදර අය එක්ක එකතුවෙලා චූටියට පොඩි දෙයක් කරනවා හැමදාම වගේ.

අනික ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගොඩක් ළමයි ඉස්කෝලේට එක එක ඒවා අරන් එනවා උපන්දිනේ දවසට. නමුත් මට නම් එහෙම කවදාවත් කරන්න ලැබිල නැහැ. මොකද මගේ උපන් දිනය යෙදිලා තියෙන්නෙ නිවාඩු කාලෙට. මේ නිසා යාලුවොන්ට මට දෙයක් දෙන්නවත් මට යාලුවොන්ට දෙයක් දෙන්න වත් අවස්ථාවක් ලැබිලා නැති එක ගැන නම් ගොඩක් දුකයි.

ඒ උනාට ඔබ කලා ක්ෂේත්‍රයේ අයත් එක්ක නම් උපන් දිනය සමරන ඇති නේද.? අපොයි එහෙම නම් කරලා තියෙනවා. එක පාරක් හරි අපූරු වැඩක් වුණා. අවුරුද්දේ උපන්දිනේ දවසෙ මං ලොකු වැඩක හිර වෙලා හිටියේ අසයිග්මන්ට් එකක. රෑ 12ට අසයිග්මන්ට් එක සබ්මිට් කරන්න ඕනේ. ඉතින් ඔහොම ඉන්නකොට රෑ 12ට විතර විනූ මාව සප්‍රයිස් කරන්න කේක් එකකුත් අරගෙන ආවා. හොඳම දේ කියන්නේ විනූ ඉස්සෙල්ලම ගිහින් තියෙන්නෙ ගේ පැටලිල්ල වෙන ගෙදරකට. ඉතින් ඕවගේ රසවත් සිද්ධියකුත් ගිය අවුරුද්දේ උපන් දිනේදී මට සිද්ධ වුණා.තමන්ගේ උපන් දිනය දා සිද්ධ වුණ අපූරු රසබර මතකයකුත් එක්ක ඇය අපෙන් සමුගත්තා.

About the author

Prasad

Leave a Comment