Article

දැන්නම් මගේ සැමියා කියනවා මගේ බර වැඩි කියලා සුරූපී නිලි විනු සිරිවර්දන කියන කතාව

Written by Prasad

නිතර මුහුණේ සිනහවක් රන්දාගෙන සිටින ඇය කලා ලෝකයේ ඉතාමත් නිහතමානි චරිතයක්. ඒ වගේම ආදර්ශමත් ලෙස ඇය තම කටයුතුවල නියැලෙන අතර ඇය තම පුද්ගලික ජීවිතයද සමබරව ගෙන යන්නියකි. 2012 මිස් ශ්‍රී ලංකා කිරුල දිනා ගනිමින් කලාවට පිවිසෙන ඇය නමින් විනූ උදානි සිරිවර්ධනයි.ඇගේ සාමාන්‍ය ජීවිතය ගැන ඇය අදහස් බෙදා ගත්තේ මේ අයුරින්.” මම විවාහයෙන් පස්සේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගත්තා. උයන්න ඉගෙන ගත්තා. බඳින්න කලිනුත් උයන්න නම් දන්නවා. ඒත් රස නෑ. දැන්නම් එහෙම නෑ. මට රසට උයන්න පුලුවන්. ගෙදර අයගෙනුත් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා මට. දැන් ඒවා කාලා කාල මගෙ බරත් වැඩිවෙලා කියලා සැමියා කියනවා

කලා කටයුතු ගැන කතා කරොත් හැමදාම රංගන ක්ෂේත්‍රයේ ඉන්නවද නැද්ද කියල නම් කියන්න අමාරුයි. ඒත් දැනට මගේ කාලයෙන් වැඩිම කොටස යොදවලා තියෙන්නේ රංගන කටයුතු වලට, ඊට අමතරව නිරූපණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු වලටත් අවධානය දෙනවා. ඒ නිසා එකම ක්ෂේත්‍රයක රැඳිලා ඉන්නවා කියලා කියන්න් බෑ. කොහොමටත් මම ලැබෙන ලැබෙන හැම චරිතයම බාර ගන්නේ නෑ. මට ගැලපෙන එකිනෙකට වෙනස් චරිත තමයි බාර ගන්නෙ. ඒ නිසා හැම වෙලේම තිරයේ පේන්න ඉන්නේ නෑ. සීමා සහිතව තිරයේ පෙනී හිටියත් මම එකිනෙකට වෙනස් චරිත තමයි කරලා තියෙන්නෙ. ඒ නිසා මට මම ගැන සතුටුයි.

ජනප්‍රියතාවය කියලා කියන්නේ අපිට ඉල්ලලා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක අපිට ලැබෙන්න ඕනෙ දෙයක්. අපි ගන්න චරිතයට අපි කරන සාධාරණත්වය මත තමයි අපිට හිමි වෙන ජනප්‍රියතාවය තීරණය වෙන්නේ. අපේ ඉදිරි ගමන තීරණය වෙන්නෙ අපේ දක්ෂතාවය මත තමයි.මගේ ජීවිතේ මට නිළියක් වෙන්න හීනයක් නම් තිබුණේ නෑ. මගේ හීනේ වෙලා තිබ්බේ වෘත්තීයෙන් වෛද්‍යවරියක් වෙන්න. ඒත් උසස්පෙළ වාණිජ අංශ්‍යෙන් කරපු නිසා පස්සෙ බැංකු කළමණාරවරියක් වෙන්න හිතුවා. ඒත් මිස් ශ්‍රී ලංකා වුන නිසා ඒ හැමදේම වෙනස් වෙලා මගේ ගමන් මග කලාවට යොමුවුනා.මොනවා වුනත් මෙතෙක් මම ආව ගමන ගැන මම සතුටු වෙනවා. නවකයෙක් විදියට ආවත් මට ප්‍රවීණයෝ සෑහෙන්න උදව් කරා. ඉතිං මගේ බලාපොරොත්තුව ඉදිරි ගමනත් සාර්ථකව ඉදිරියට යන්නයි.

About the author

Prasad

Leave a Comment