Article

දිල්ශාන් ඕස්ට්‍රේලියාවේ ඉදන් 45 වෙනි උපන්දිනය සමරු හැටි චායාරුප මෙන්න

Written by Prasad

තිලකරත්න දිල්ෂාන් එහෙමත් නැත්නම් ටී එම් දිල්ෂාන් කියල කිවුවහම ඔහුව හඳුනන්නේ ලංකාවේ ඉන්න අපි පමණක් නෙවෙයි. සත්තකින්ම ඔහු ලෝක ප්‍රසිද්ධ චරිතයක්. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවක ජනප්‍රියම තරුවක් විදියට ඔහු මිනිසුන්ගේ ආදරය දිනා ගෙන හමාරයි.ඔහුගේ සම්පූර්ණ නම වෙන්නේ තිලකරත්න මුදියන්සේලාගේ දිල්ෂාන් ය. ඒක කෙටි කරලා T.M dishan විදිහට තමයි ඔහු සාමාන්‍යෙන් භාවිත කරන්නේ. 1976 ඔක්තෝම්බර් මස 14 වනදා ඉපදුන දිල්ශාන් මේ වන විට සිය හතලිස් පස්වැනි වියයි පසු කරමින් ඉන්නෙ. යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව මොරටුව මහා විද්‍යාලයේත්, කළුතර විද්‍යාලයෙත් අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම ඉස්ලාම් ආගමිකයෙකු වුන දිල්ශාන් බෞද්ධ ආගමිකයකු ලෙස තම නම පවා වෙනස් කර ගත්ත කෙනෙක්.

ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු පමණක් නෙවෙයි ඔහුගේ සහෝදරයෙක් වන තිලකරත්න සම්පත් කියලා කියන්නෙත් කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. Dilee, Mr. Pallekele කියන නම් වලිනුත් දිල්ශාන්ව ඇතැමුන් හඳුන්වනවා. දකුණත් පිතිකරුවෙකු වන ඔහු all-rounder කෙනෙකුත් වෙනවා. dil-scoop ලෙස තමාටම ආවේණික පහරකුත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තුළ ස්ථාපිත කරල හමාරයි. එම පහර නම් කළේ පවා ඔහුගේ නමේ කොටසක් රැගෙන. ඉතින් ඔහු එක්තරා විදිහකින් ක්‍රිකට් ක්‍රීඩාවේ කොටසක නිර්මාතෘවරයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දිල්ෂාන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිලේ හිටපු නායක වරයෙක් ද වෙනවා.

තිලකරත්න දිල්ෂාන් විවාහ වුණේ ශ්‍රී ලංකාවේ කලකදී අතිශය ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක් සමග. ‘නිලංජනා” නම් ටෙලිනාට්‍යයේ රඟපාමින් අතිශය ප්‍රේක්ෂක ආදරයට පත් වුණු ඇය නමින් මන්ජුලා මීගහවත්ත. දැන්නම් මංජුලා අපිට රංගන ක්ශේෂ්ත්‍රයේ දකින්න හම්බ වෙන්නේ නෑ. මේ වෙනකොට ඔවුන්ගේ කැදැල්ලේ දූවරු හතර දෙනෙක් ඉන්නවා. මේ වෙනකොට දිල්ෂාන් ඔස්ට්‍රේලියාවෙ තමයි පදිංචි වෙලා ඉන්නේ.

ඉතින් මංජුලා තිළිණිත් එක්ක සුන්දර ජීවිතයක් දරුවන් සමග ගෙවන ඩිල්ෂාන් තම හතලිස් පස්වැනි හතළිස් පස් වැනි ජන්ම දිනය පසුගියදා හරිම චාම් විදියට පවුලේ අයත් එක්ක සමරලා තිබුණා. පොඩියට කේක් එකක් එහෙම කපලා මේ සාදය අරන් තිබුණේ හරිම චාම් විදිහට. ඉතින් මේ විදිහට ආදරණීය ලෙසින් පවුලේ අය එකතු වුන ආදරණීය අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නට දිල්ෂාන් අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ ඡායාරූප ටිකක් නරඹන ගමන් පසුගියදා තම උපන් දිනය සැමරූ තිලකරත්න දිල්ෂාන් නම් ආදරණීය දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාට සුභ උපන් දිනයකුත් අපි ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment