Article

දෙවෙනි ඉනිම නිසා මට පෙම්වතියක් වෙන්නත් බැරිවුනා දැන් මම පෙම්වතියක් චුටි මැණිකේ ගේ ආදරේ

Written by Prasad

දෙවනි ඉනිමේ ලිහිණි විදිහට අවුරුදු හතරක් පුරාවට පුංචි තිරයේ අපිට දකින්න ලැබෙන ඇය නමින් ශලිනි ප්‍රනාන්දු. අවුරුදු හතරක් තරම් වුන කුඩා කාලයේ තාත්තගේ සෙනෙහස අහිමි වෙන ශලිනි, අයිගෙයි අම්මගෙයි රැකවරණය එක්ක මීගමුව ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නෙ. අයියගේ අධීක්ෂණය එක්ක ජීවත් වෙන හින්දම ලොකු නිදහසක් ඇය බුක්ති විඳින්නේ නෑ.ඒත් අහම්බෙන් වගේ එයා දෙරණ අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබීමත් එක්ක ඇගේ ගමන් මග වෙනස් වෙනවා. ඇය, ගැන අදහස් දක්වන්නේ මේ විදිහට.

මම අම්මයි අයියයි එක්ක විතරක් හිටිය නිසා අයියා මාව ගොඩක් පරිස්සම් කරා. ඒ හින්දම මම ගෙදරට කොටු වෙලා හිටියේ. ඒත් දෙරණ අවුරුදු කුමාරිය වෙන්න ලැබුණු අවස්ථාවක් එක්ක මගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඒත් එක්කම අහම්බෙන් වගේ දෙවෙනි ඉනිමේ රඟපාන්න අවස්ථාව මට හම්බ වෙනවා. ඒක නම් හරිම සුන්දර දෙයක්. ආධුනිකයෙක් විදිහට ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණ මට ඒ බව දැනෙන්නේ නොදී එයාලගෙම කෙනෙක් විදියට මට සැලකුවා. ඒ කාලෙදි ගත්ත ෆොටෝස් පවා තාම මං ගාව තියෙනවා. ඉතින් එතනින් පටන් ගත්තු ගමන අද ඉතින් ටික දුරක් ඇවිල්ලා තියනවා. ඒ වගේම ලොක්කි කියන ටෙලි නාට්‍යයටත් මම මේ දවස් වල සම්බන්ධ වෙලා තියෙනවා.

මේ ටෙලිනාට්‍ය දෙකේ චරිත ගත්තොත් එකිනෙකට ගොඩක් වෙනස්. ලිහිණිගේ චරිතය දුක හිතුනත් කියවනවා, සතුටක් තිබුණත් කියවනවා. ඒත් ලොක්කි ඊට වඩා ගොඩක් වෙනස්. එයා නිහඬ චරිතයක්. හැමදේම නිහඬව දරාගෙන ඉන්න චරිතයක්. ඉතින් ඒ චරිත දෙකම මගේ ඇත්ත ජීවිතයට වඩා නම් ගොඩක් වෙනස්. ඒ විතරක් නෙවෙයි ලිහිණි කියන්නෙ ආදරවන්තියක් නොවුනට ලොක්කි කියන්නේ ආදරවන්තියක්. දෙවෙනි ඉනිම අවුරුදු හතරක් රඟපාලත් මට තවම ආදරවන්තියක් වෙන්න බැරි වුණා.

ඇත්ත ජීවිතයෙත් ඉතින් මං තවම තනිකඩ කෙනෙක්. පෙම්වතියක් වුණත් මට ඕනේ නිදහස් ජීවිතයක්. ඉතින් මම හොයන්නෙත් ඒ වගේ ආදරයක් බලමු ඉදිරියේදී එහෙම ආදරයක් හම්බවෙයිද කියලා.ක්ෂේත්‍රයේදී ගොඩක් ඉතින් හිත් රිදීම් වලට නතු වෙන්න අපට සිද්ධ වෙනවා. ඒත් ඉතිං මං ඒ හැම දේම දරාගෙන ඉන්නවා. කටකතා වගේ නොයෙක් දේවල් අහලා සමහර වෙලාවට තනියම අඬපු වෙලාවල් තියෙනවා. ඒත් ඉතින් හැමදේම දරාගෙන ඉදිරියට හොඳින් මුහුණදෙන්න තමයි මගේ බලාපොරොත්තුව.ඒ වගේම තව අලුත් නිර්මාණය කිහිපයකින් අනාගතයේ දී ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නත් මම බලාපොරොත්තු වෙනවා.

About the author

Prasad

Leave a Comment