Article

නිරාශා මමත් ඔයාවගේම පරාජයවුණු කෙනෙක් ඔයා වගේම මමත් වැරදි කළා ශිහාන් මිහිරංග තැබූ සටහන මෙන්න

Written by Prasad

ශිහාන් මිහිරංග එදා ඉදන්ම අද වෙනකල් ප්‍රේක්ෂකයින්ගේ හදවතේ සිටිනා ගායකයෙක් ඉතින් හැමදාම සින්දු කිවුවේ නැතිවුනාට කාටවත් ඔහුව අමතක වෙන්නේ නැහැ සිරස සුපස්ටාර් වේදිකාවෙන් ආපු ඔහු සංගීත ලෝකේ ලොකු ගමනක් යන්න සමත්වෙලා සිටිනවා තමන්ගේම ගීත වලින් ප්‍රේක්ෂකයා පිනවන ඔහු අපේ රටේ සිටිනා දක්ෂ නිහතමානි ගායකයෙක් කියලා කියන්න පුළුවන් එක ඔහු ක්‍රියාවෙනුත් ඔප්පු කරලා තියෙනවා.ඉතින් පසුගියදා හිරු ස්ටාර් වේදිකාවේ ඔහුගේ ගීතයක් ගායනා කරපු නවක තරුණියකට ඔහු මෙහෙම සටහනක් තබා තිබුනා.

නිරාශා ඔයාට වඩා හොඳට ගායනා කරපු නිසා එයාව තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. මමත් ඔය කාලේ ඔය විදිහම තමයි. මමත් වේදිකාවට නගින්නේ අවුරුදු 19දී. අවුරුදු 20 එලියට එන්නේ. ඔයාගේ අඩුපාඩු ටික මටත් ඒ විදිහටම තිබ්බා. සතුටු වෙන්න කරනා දෙකක් තියෙනවා . ඔයා වගේම වැරදි කරලා ඒ වැරදි හදාගෙන මම අද ඔයාට කතා කරනවා. අනිත් එක තමයි මට එදා වේදිකාවේ ගායනා කරන්න ප්‍රවිනයින්ගේ ගීත උදව් වුනා. අද මේ වේදිකාවේ මගේ ගීතයක් උදව්වක් වෙන හැටි මගේ ඇස් පනාපිට පේනවා. ඒක මට තවත් ජයග්‍රහණයක්. ඒ කියන්නේ මට කරන්න පුළුවන් වුනු එක ඔයාටත් කවදා හරි කරන්න පුළුවන් කියන එක . මමත් ඔයා වගේම පරාජය වුනු කෙනෙක්. මතක තියා ගන්න මටත් ඔයාට වගේම ඔය වැරදි ටික ඔය විදිහටම තිබ්බා. මම මගේ ලකුණු හත පාවිච්චි කලේ නැහැ.

About the author

Prasad

Leave a Comment