Article

පසුගිය කාලෙම තිබුනේ නිරුවත් රැල්ල මම කැමති නැහැ නිරුවතට සැමියාට සමුදී තනිව ජිවත් වෙන පියුමි පුරසිංහ

Written by Prasad

ලංකාවම කතා කරපු ලංකාවම හිනස්සන්න සමත්වුණු චිත්‍රපටයක් තමයි වැඩබැරි ටාසන් චිත්‍රපටය.ටෙනිසන් කුරේ මහතා සමග රංගනයට එකතුවෙන්නේ පියුමි පුරසිංහ.ඉතින් අද අපි හිතුවා හිටි හැටියේ අතුරුදහන් වුනු පියුමි පුරසිංහ ගැන ඔබට කියන්න.හිටි හැටියේම කලාවෙන් සමුගන්නා ඇය වසර හතකට පමණ පසුව තමයි නැවතත් අපට හමුවන්නේ.ඒ වැඩබැරි ටාසන් ගෙන් පසුවයි.ඉතින් ඇගේ අලුත් ජිවිතේ වගේම ගෙවුණු ජිවිතේ ගැනත් අපට කිවුවේ මෙන්න මෙහෙමයි.

මම මේ දවස් වල සතුටෙන් හොදින් කාලය ගෙවනවා ගෙදරට වෙලා තමයි සිටින්නේ.වසර හතකටත් වැඩිය කාලයක් මම නිශ්ශබ්දව සිටියේ විදෙස් ගතවෙලාවත් රංගනයට සමුදිලාවත් නෙවෙයි මම ලංකාවේම තමයි හිටියේ මම මගේ අද්‍යාපන වැඩ ටික ඔක්කොම ඉවර කළා මම උපරිම ජනප්‍රියත්වයේ ඉන්නකොටම තමයි රංගනයෙන් ටිකක් ඈත් වෙන්නේ මම මගේ ඩිග්රි එක සම්පුර්ණ කළා ඒ නිසා තමයි මාව මේ කාලේ කාටවත් දැකගන්න ලැබුනේ නැත්තේ අද්‍යාපන කටයුතු ඉවර වෙනකල්ම මම කිසිම දෙයක් කලේ නැහැ කලාව නිසා මම මගේ වැඩ වලට බාදාවක් වෙනවට මම කැමති නැහැ දැන් මට නැවතත් කලාවට එන්න වෙලාව තියෙනවා.

මට ඕනේ හොද නිර්මාණයකින් නැවතත් ජනතාව අතරට එන්න මම පසුගිය කාලෙත් වැඩ ගොඩක් ආවා හැබැයි මම එකක්වත් බාරගත්තේ නැහැ.හොද එකක් ලැබුණු ගමන් මම නැවතත් කලාවට සම්බන්ද වෙන්න සුදානමින් තමයි සිටින්නේ.මෙගා නාට්‍ය වලට නම් සම්බන්ද වෙන්නේ නැහැ කියක් දෙන්නම් කිවුවත් අවුරුදු ගානක් එකම දේ කරන්න මට අමාරුයි මම කැමති නැහැ මට ඕනේ වෙනසක් කරන්න ඒ නිසා මෙගා කියන ඒවා මගේ ලග නැහැ මම කැමතිත් නැහැ.මම වැඩිම ආසාවෙන් සිටින්නේ චිත්‍රපට වලට සම්බන්ද වෙන්න.

මම යන ගමන වෙනස් මගේ අරමුණු වෙනස් මම මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ මට වයස අවුරුදු 17 දී කවදාවත් මම ප්‍රසිද්දිය පස්සේ ගියේ නැහැ ඒ නිසා තමයි මම ප්‍රසිද්දිය පැත්තක තියලා මගේ අද්‍යපන වැඩ කටයුතු ඉවරකරන්නම තීරණය කලේ.පසුගිය කාලේ තිබුනෙම නිරුවත විකුණන එක මම එකට කැමති නැහැ අලුතෙන් එන ගොඩක් දෙනා ප්‍රසිද්ද වෙන්නම බලාගෙන ඒ වගේ වැඩ වලට සම්බන්ද වෙනවා ඒවා වැඩි කාලයක් රැදී තියෙන්නේ නැහැ.දැන් ඉන්න ළමයි දක්ෂයි ඒ උනාට වැඩිපුරම යන්නේ නිරුවත පස්සේ.මම ඒවා පස්සේ යන්නේ නැහැ එකක් කලොත් මට වැටෙන්නෙත් ඒ නම ඒ නිසා මට නිරුවත කියන දේ හරියන්නේ නැහැ.

මම කලාවේ නැති කාලෙත් මට ලොකු ප්‍රතිචාර ලැබුනා හැමෝම කෝල් කරලා SMS කරලා මගේ විස්තර ඇහුවා ඇත්තටම මම ඒ ගැන සතුටුවෙනවා.මගේ විවාහය වැඩි කාලයක් තිබුනේ නැහැ මම ඔහුගෙන් වෙන්වුනා කියලා තනිවුනේ නැහැ මගේ ප්‍රේක්ෂකයෝ හැමදාමත් මාත් එක්කම හිටියා.මේ වෙද්දී මං පෙම්වතියක්වත් නෙවෙයි මම පෙන්න හිටියේ නැතිවුනාට හැමෝටම අදටත් මාව හොදට මතකයි.මම උපාදිය සම්පුර්ණ කලෙත් ෆැෂන් ඩිසයිනර් මම ඉස්සර වගේම විලා සිතා කරන එක නම් තාම නවත්තලා නැහැ.

මම ඇදුම් වියාපාරයක් කළා ඒක මුලදී අසාර්තකවුනා මම ආයේ ඒක පටන් ගන්නවා මම ආසාවෙන් කරන දෙයක් ඒක.අම්මගේ කැමැත්ත නිසාම තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ අම්ම ඇරෙන්න අනිත් අය හැමෝම අකමතිවුනා මම කලාවට සම්බන්ද වෙනවාට.අනිත් දේවල් වලටනම් ගෙදර හැමෝම මට උදව් කළා කලාවට අම්මා විතරයි මට උදව් කලේ.මම දැන්ම විවහා වෙන්නේ හිතන්නෙත් නැහැ මගේ අරමුණ ඉටු වෙනකල් මම පාඩුවේ මගේ වැඩ ටික විතරක් කරගෙන යනවා.ඔන්න ඔහොම තමයි පියුමි ඇගේ අලුත්ම තොරතුරු අපට කිවුවේ.

About the author

Prasad

Leave a Comment