Article

පළමු විවාහය ගැන කථා කරන්න මං හරිම අකමැතියි. වොල්ගගෙන් වෙන් වී නැවත විවහා වූ හර්ෂණ බෙත්මගේ.

Written by Prasad

හර්ෂණ බෙත්මගේ කියන්නේ කාලයක් පුරාවට ලංකාවේ නමක් දින්ගෙන් සිටි ජනප්‍රිය නළුවෙක් බව හැමෝම දන්නවා. අදටත් ඔහුට තියෙන ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය එලෙසින්මයි.ඔහු විටකේ නිවේදකයෙක් ලෙසත් හදුන්වන්න පුළුවන්. මේ දිනවල සිදු ටෙලි නාට්‍යයේ ඔහු රංගනයෙන් දායක වනවා.තාරුණ්‍ය නියෝජනය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස ඔහු මේ වෙද්දී ප්‍රේක්ෂක ආදරයට පත්ව තිබෙනවා.

විශේෂයෙන්ම ඔහුට තවමත් තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. ඔහු පළමු විවාහයෙන් වෙන්වෙලා කාලයක් පුරාවට ජිවත් වෙන්නේ තනිවම. ඒ කාලය තුල ඔහු අලුත් නිරමනයකින් දැකගන්න අවතාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔහු ගැන පළමු කසාදය ගැන සමාජයේ බොහෝ දෙනා බොහෝ කතා මවන්න උත්සහ කළා. නමුත් මේ සියල්ලන්ටම මුහුණ දුන් ඔහු නැවතත් ජීවිතය අලුතින් පටන් ගන්න තීරනය කරා, මේ වෙද්දී ඔහු වෙනස්ම් ජිවිතයක් ගත කරනවා.

අතීතය අතීතය වෙන්නම දී ඔහු අලුත් ආදර කතාවක පැටලෙනවා.ඒ අරුණි සමගින්. ඔහු විවාහ වෙන්නේ අරුණි සමගින්. අරුණි කියන්නේ ඔහු ව්‍යාපාර සම්බන්ධව ඉගෙන ගනිමින් සිටින කාලයේදී. ඒ කාලයේදී තමයි ඔහු අරුණි සමග පෙමින් වෙලෙන්නේ. ඔහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙන්නේ ඇය තමයි. ඇය තරමකින් වයසින් බාල යුවතියක්. නමුත් ආදරය ඉදිරියේ කිසිවක් ඇවසි නැති බව පවසමින් ඔවුන් විවාහ දිවියට ඇතුලත් වුනා.ඉතින් අයගේ ආදරණිය බිරිඳ ගැන ඔහු කියන්නේ මේ වගේ දෙයක්.

අරුණි කියන්නේ මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.එයාට මං ගැන හොඳ අවබෝධයක් තියෙනවා.මටත් එහෙමයි.මං හිතන්නේ ඇයව ලැබීම නිසා මගේ ජීවිතයට අලුත් වටිනාකමක් එකතු වුනා කියලා.මගේ නිර්මාණ කටයුතුවලට ඇය ලොකු සහයෝගයක් දක්වනවා.ඉතින් මං හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වීමට ලැබීම ගැන. ඇත්තටම පළමු විවාහය ගැන කථා කරන්න මං අකමැතියි.අපි නීතියෙන් වෙන් වුනේ අපි අතර තිබුන යම් යම් නොගැළපීම් නිසා.නොගැලපීම් ගලපගෙන ජීවත් වනවාට වඩා ගැලපෙන අදහස් තියෙන කෙනෙක් එක්ක ජීවත්වන එක වඩාත් පහසුයි”

About the author

Prasad

Leave a Comment