Article

පාන්දර 2 විතර මට ශාරුක් ඛාන් කතා කරා. මන් මට වඩා අවුරුදු 9ක් බාල මල්ලි කෙනෙකුට ආදරේ කර කර හිටියේ.

Written by Prasad

යුරේනි නොෂිකා කියන්නේ රංගන ශිල්පිනියක්,නිරුපිකාවක් වගේම දක්ෂ නිවේදිකාවක්.කොළඹ වැස්ලියන් විදුහලෙන් ඉගෙනුම ලැබූ ඇය කලාවට එක් වීමට පෙර නීති ක්ෂේස්ත්‍රය හා සම්බන්ද රැකියාවකට කැමැත්තෙන් සිට තිබෙනවා.මුලින්ම 2006 වසරේදී ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ “මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන් යන තරඟය ජයග්‍රහණය කිරීම නිසා යුරේනි, ටුවරිසම් වර්ල්ඩ් තරඟය තුල, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.ඉන්පසුව වෙළඳ දැන්වීම් කිහිපයකටම ඇය දායකත්වය ලබා දෙනවා. ඇය රංගනයෙන් දායක වූ මුල්ම ටෙලි නිර්මාණය වන්නේ ‘කිඳුරන්ගනා’ ටෙලි සිත්තමයි. ඉතින් මේ තාක් ආ ඇය පැමිණි ගැන සහ ඇගේ ආදරවන්තයින් ගැන ඇය අපිට කිවුවේ මේ විදිහටයි.

මව දැන් සිනමාවෙන් දැක ගන්න ලැබෙයි නුදුරේදීම ඒ 2017 වර්ෂයේ රූගත කළ නයිට් රයිඩර් සිනමා පටය තමයි තිරගත වෙන්නේ. මේ නිර්මාණය අධ්‍යක්ෂණය කළේ කසුන් පතිරණ. ඔහුගේ කුළුදුල් නිර්මාණය. නමුත් මේ නිර්මාණය ප්‍රේක්ෂකයින් ආදරෙන් නරඹයි කියලා හිතනවා. ත්‍රාසය, භිතිය එක්ක අන්තර්ගතය වෙනස් වූ නිර්මාණයක් නිසා.නිනෝ ලයිව් චිත්‍රපට ය, කුහුඹුවෝ නාට්‍ය, වගේම නයිට් රයිඩර්, ඉදිරියේ දි විකාශය වීමට නියමිත චිත්‍රපටය ඔක්කෝම අලුත් අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ. හිතලා භාර ගත්තා නෙමෙයි. තිරපිටපත හොඳ නිසා භාර ගත්තා. ඒ වගේම ඒ අධ්‍යක්ෂකවරුන් නිර්මාණය සාර්ථකව අවසන් කරයි කියන විශ්වාසයෙන් ඒ නිර්මාණ භාර ගත්තා. කොහොම නමුත් මගේ ඒ ‍ෙත්රීම් වැරදිලා නෑ.

ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙනවා කියන්නේ දවසකට පැය 10ක් 12ක් වැය කරන්න ඕන. එහෙම කාලය වැය කරන්න නම් මගේ මුදල මට ගෙවන්න ඕන. නැත්නම් මම භාර ගන්නේ නැහැ.මම සාධාරණ මුදලක් අය කරන්නේ. ඒ මුදල ලැබෙන්න ඕන. රටේ තියෙන ප්‍රශ්න එක්ක නිර්මාණ තෝරන්න බෑ. නමුත් මට හොඳ පිටපතක් ලැබුණොත් මුදල ගැන හිතන්නේ නෑ. මොකද මගේ ආච්චි කියන්නේ නිතරම සාධාරනාව මුදල් උපයන්න කියලා. මගේ ආච්චිට හිතෙන්න ඇති මම කොහොම හරි ගේමක් ගහලා ගොඩ යයි කියලා. මම හොදින් ඉගෙන ගත්තා. කවදාවත් ඒ දෙන්නා මට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නිති දාලා කොටු කළේ නැහැ . නිදහසේ ජීවත් වෙන්න ඉඩ හැරියා. මට වැරදුණෙත් නෑ.

මගේ අම්මා තාත්තා නැති වෙන්නේ මට වයස අවුරුදු 7දි. මම ඉගෙන ගත්තේ කොළඹ පාසලක. මට වියදම් කරන්න තරම් ආච්චිට වත්කමක් තිබ්බේ නෑ. ඒ නිසා මාව හොස්ටල් දැම්මා. පාසල් ආදී ශිෂ්‍ය සංගමයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. එදා ඉඳලා උසස් පෙළ අවසන් වනතුරු හොස්ටල් තමයි. උසස් පෙළ කරලා පළමු රස්සාවට ගියෙත් හොස්ටල් එකක ඉඳලා. පාසල් විදුහල්පතිනිය ප්‍රියානි ප්‍රනාන්දු මහත්මිය ආදරයෙන් මතක් කරනවා. එතුමිය මාව තෙරුම් අරන් මට උදව් කළා. මට අම්මා තාත්තා ගේ ආදරය පුංචි කාලේ ඉඳලා නැති වුණු නිසා වෙන්න ඇති ඒ කාලේ මට හරියට තරහා යනවා. ඇය මාව මනෝ උපදේශනයට යොමු කළා. මට නීති රිති දැම්මත් ඒවා කඩ කළා. එතුමිය ‍ෙත්රුම් ගත්තා මට ආදරෙන් කතා කරන්න ඕන කියලා. “යුරේනි හොඳට ඉගෙන ගන්නවා වගේ විනයත් හදාගන්න” කියනවා. ඒත් මම හරි මුරණ්ඩුයි.

මම උසස් පෙළ කරන්න මාස තුනක් විතර තියෙද්දි අපේ ආච්ච්ගේ ගමේ පිරිමි ළමයෙක් හිටියා. එයා මගේ පස්සෙන් අවුරුදු තුනක් විතර ආවා. මගේ ආච්චි අන්තිමට කිව්වා ඔය කොල්ලා ඔච්චර පස්සෙන් එන එකේ කැමති වෙන්න හොඳ කොල්ලා කියලා. නමුත් පිට කතාබහ බෑ. ගෙදර විතරයි. එතනින් තමා පළමු ආදරේ පටන් ගත්තේ. ඒක නැති වුණා. ඔහු විදෙස් කාන්තාවක් විවාහ කරගෙන පිටරට ගියා.මට ආදරේ කියන්න බොහෝ දෙනෙක් බයයි. ගොඩාක් වැදගත් පවුල්වල ළමයින්ට මම ගැන කැමැත්තක් තියෙනවා කියලා තේරිලා තියෙනවා. නමුත් අහලා නෑ. මම හතර දෙනෙකුට ආදරේ කරලා තියෙනවා. අයුතු යෝජනා ගේන්න කොහොමත් බය ඇති. ඒවට මගෙන් ඉඩක් නෑ.

වැඩිපුරම ආදරේ කළේ විදෙෂකයෙක්ට කිදුරංගනා නාට්‍ය මුල් කාලේ තමයි එයාව මට මුණ ගැහෙන්නේ. දවසක් මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියා රමණී සිරිවර්ධන ගේ සැලෝන් එකට කොණ්ඩේ හදන්න ඒ යනකොට මගේ යාළුවෙක් වාඩිවෙලා හිටියා. එයා ක්‍රිකට් ක්‍රිඩකයෙක්. මම ඔහුට හායි කියලා අතවනාගෙන ගියා. එතන තමයි ඔහු හිටියේ, එදා රෑ අර යාළුවා මට කතා කරලා කිව්වා අපේ කෝච් ඔයාගේ නම්බර් එක ඉල්ලනවා දෙන්නද කියලා. මමත් හා කිව්වා. එයා එතකොට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක පුහුණුකරු. එදා ඉදලා අපි හිතවත් වෙලා ආදරේ කළා. අපි විවාහ වෙන්න හිටියේ. වැඩිම කාලයක් ආදරේ කළේ ඔහුට. අවංකව ආදරේ කරපු කෙනෙක්. මම කිදුරංගනා එක්ක කාර්‍යබහුල වෙලා ඉද්දී එයාගෙන් මට මිස් කෝල්ස් ගොඩක් තියෙනවා.

මම විවේකයක් ලැබුණු ගමන් එයාට කතා කරනවා. මුලින්ම අහන්නේ ඔයාට මාව මිස් වුණා ද කියලා. එතරම්ම හොඳ කෙනෙක්. අවසානයේ ඒ ප්‍රේමයට සමු දුන්නා. එයා මට වඩා අවුරුදු 7ක් වැඩිමහල්. එයා හිතුවේ එයා නිසා මගේ රංගන ජීවීතේ නතර වෙයි කියලා. බොක්කට ම දැනුණු ආදරයක් ඒක. දවසක් පාන්දර 2ට විතර කෝල් කරලා යාළුවෙක් ඉන්නවා හායි කියන්න කියලා ඇමතුම වෙන කෙනෙකුට දුන්නා. අයි පී එල් කාලේක. ඒ කතා කළේ ශාරුක් ඛාන්. ඒ වගේ සුන්දර මතකත් තියෙනවා. ඊට පස්සේ හිතුවා කාටවත් ම ආදරේ කරන්නේ නෑ කියලා.ඒ පොරොන්දුව 2018දි කඩ කරමින් අවුරුදු නමයක් බාල මල්ලී කෙනෙකුට ආදරේ කළා. ඒක පාර්ශවීය ආදරයක්. එයා දන්නවා මම එයාට ආදරේ යි කියලා. ඒත් එයා මම අහනකල් හිටියා. මම පාඩුවේ හිටියා. දැන් එයා විවාහ වෙනවා ළඟදී.

About the author

Prasad

Leave a Comment