Article

පාරේ යද්දිත් සමහර පිරිමි කට්ටිය යකෙක් දැක්කා වගේ මං දිහා බය වෙලා බලනවා ධරණී චන්ඩි කෙල්ල ඩිලුෂි

Written by Prasad

අද වෙනකොට කාන්තාවන් අතරේ ඇය ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම සමහර පිරිමි කට්ටියට ඇයව දැක්කහම ඇතිවෙන්නෙ බියක්. මොකද මේ දිනවල ධරනී ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ටිකක් පිරිමින්ට වත් මෙල්ල නැති දරදඩු චරිතයක් විදියට තමයි ඇය නිරූපණය කරන්නේ. ඉතිං අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධරණී ටෙලි නාට්‍යයේ විනුලිගේ චරිතය රඟදක්වන ඩිලූෂි හංසිකා එක්ක.අපි ඇගේ පාසල් කාලයෙන්ම කතාව ආරම්භ කරන්න තීරණය කළා.” මම පාසල් ගියේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්යාරාමය ට. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ගොඩක් බාහිර වැඩ වල නිරත වුණා. ඒ අතරෙ ඩ්‍රාමා, ඩාන්සින්ග්, කථික තරග වගේ දේවල් තිබුණා. ඒ හින්දා පාසල් කාලයේ ම ගුරුවරුන් ළමයින් ගොඩක් අය අඳුනගන්න චරිතයක් වෙන වාසනාව මට ලැබුණා. පවුල ගැන කතා කරොත් මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලිලා දෙන්නයි. ඒ දෙන්නනම් තවම ඉගෙන ගන්නවා.

මගේ කලා කටයුතුවලට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ රූපය මගේ ගමනට ලොකු රුකුලක් වුණා කියලා මම හිතනවා.”පුංචි කාලේ ඉඳන්ම කලාවට එන්න කැමැත්තෙන් හිටිය හිටියද කියන දේට සහ කලාවට ආපු ආකාරය පිළිබඳව ඇය පැවසුවේ මේ විදියට. “පුංචි කාලේ කලාවට එනවා කියලා හීනයක් තිබුණේ නැහැ. මම ඒ කාලෙ ආස කළේ නීතිඥවරියක් වෙන්න. කොහොමහරි මම අධ්‍යාපනය හදාරලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මේ කාලෙ වෙනකොට මම ජපන් භාෂාව හදාරනවා. කලාවට ආපු විදිහ ගැන කිව්වොතින් 2020 දෙරණ අවුරුදු කුමාරි තරඟයට ඇවිල්ලා තමයි මම ධරණී ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ. තරගාවලිය ජයග්‍රහණය කරන්නේ ධරණි ටෙලිනාට්‍යයේ තරුමිණීගේ චරිතය නිරූපණය කරන හේෂානි ලියදිපිටිය විසින්. ඇයව මට මුණ ගැහෙන්නෙත් මේ තරගාවලිය තුළින්. කොහොම වුණත් මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ අධ්‍යාපනය තුලින් හොද රැකියාවක් කිරීම.”

පැරණි ටෙලි නාට්‍යයේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් පොඩ්ඩක් කතා කරමු. “එය ටෙලි නාට්‍යට නම් ගොඩක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ගොඩක් අය මට ආදරේ කරන්න පටන් ගත්තෙ මේ චරිතය හරහා. මුලින්ම මට මේ චරිතය රඟපාන එක ලොකු අභියෝගයක් වුණා. මොකද ගොඩක් තැන් වල මේකි සටන් ජවනිකා තියෙනවා. ඒවා තාත්විකව රඟපාද්දී ගුටි කන්නත්, ගහගන්නත් කියන දෙකම කරන සිද්ධ වුණා. සමහර වෙලාවට එළිවෙනකං ඇඟ රිදෙන අවස්ථා නොතිබුණා නෙවෙයි. කොහොම නමුත් ලොකු කැපකිරීමක් කරලා මේ චරිතය මම හිතෙනවා සාර්ථකව කරගෙන යනවා කියලා. සමහර වෙලාවට පාරෙ යද්දි මේ අර ගහගන්න කෙල්ල නේද අහනව, පිරිමි කට්ටියත් එක එක කතා කියනවා, ගහයිද දන්නේ නැහැ කියලා කියනවා, සමහරු යකෙක් දිහා බලනවා වගේ බයෙන් බලන වෙලාවලුත් තියෙනවා. කොහොම නමුත් ඉතින් හොඳ ප්‍රතිචාර නම් ලැබෙනවා.

රංගන කටයුතුවලට මගේ ගෙදර අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. රඟපාද්දී හොඳම කමෙන්ට් එක හම්බෙන්නෙ මගේ මල්ලිලා දෙන්නගෙන්. ඒ වගේම තමයි මගේ කැම්පස් එකේ යාලුවන්වත් මතක් කරන්න ඕනේ. මාව කොතැනකදී වත් එයාලා පහතට දැම්මේ නැහැ. මාව දිරි ගන්වනවා විතරයි. ඒ නිසා ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මගේ රංගන කටයුතුත් අධ්‍යාපන කටයුතුත් හැමදේම සමබරව කරගෙන ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න තමයි.”

About the author

Prasad

Leave a Comment