Article

පිරිමි ඇති වෙලා ඉන්නවා කියූ නර්මදා යාපා හැමෝම පුදුම කරවමින් තම ආදරණිය පෙම්වතා ගැන හෙළි කරයි.

Written by Prasad

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ නිවේදනයෙන්, නිරූපණයෙන් වගේම රූසපුවෙනුත් අගතැන්පත් යුවතියක්. ඇය මේ දිනවල විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙනවා. ඇය මේ දිනවල ඉතා ජනප්‍රිය කාන්තාවක් බවට පත්වන්නේ ජීවිතයේ ගත් ආන්දෝලනාත්මක තීරණ නිසයි. ඇය ඇයගේ ජීවිතය ගැන පුවත්පතකට පැවසුවේ මෙහෙම දෙයක්.මේ දවස්වලනම් නිවේදනය පැත්තෙන් වැඩකටයුතු කිහිපයක් කරගෙන යනවා. ඒ එක්කම දරුවෝ දෙන්නා එක්ක වැඩියෙන් කාලයක් ගත කරන්න ලැබුණා. ලොකු පුතාට පාසල් නිවාඩු නිසා හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ.ඇත්තම කතාව ගැහැනියක් වුණත් ආර්ථිකය අතින් ශක්තිමත් වෙන්න ඕන. ඒකට හොඳ රස්සාවක් කරන්න ඕනේ. නමුත් ඒ රස්සාව කරන්න නම් පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඕන. තමන්ට හරි ස්ථාවරයක් තියෙනව නම් මම හිතන්නෙ නෑ කාටවත් ඔළුව නමන්න ඕන කියලා.

තනිවුණා කියලා ගැහැනියක් අසරණ වෙන්නෙ නෑ මේ දේවල් තියෙනව නම්.අපි පොඩි කාලේ වගේ නෙවෙයි දැන් ළමයි හරි බුද්ධිමත්. පොඩි දේවල් පවා හොඳින් තේරුම්ගන්න පුළුවන්. එයාලා පොඩි කාලේ ඉඳන් මාව දැකලා දැකලා ලොකු වෙනකොට එයාලා ජීවිතේ තේරුම්ගනී. මං හිතන්නේ නෑ තාත්තෙක් ගැන පැහැදිලි කරන්න වුවමනා වෙයි කියලා එයාලට. එයාලා දකිනවා අම්මා මහන්සි වෙනවා.. රස්සාවක් කරනවා.. නිදි මරනවා.. එයාලා වෙනුවෙන් මහන්සි වෙනවා. මටත් පුළුවන්කම තිබුණා තාත්තටම ළමයි දෙන්නව බාරකරලා හොඳ සැපපහසු ජීවිතයක් ගත කරන්න. නමුත් දරුවා දෙන්නාව මම ළඟ තියාගෙන හදාගන්නේ එයාලට මට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් සහ එයාලා මං ළඟ ආරක්ෂිතයි කියලා හිතෙන නිසා.මම මුලින්ම බැන්දේ අවුරුදු විසි තුනෙන්.

මම මගේ සහකරුවට ගොඩක් නිදහස දුන්නු බිරිඳක්. ඔහුව කවදාවත් හිර කළේ නැහැ. සමහර අයට ඒ නිදහස හරියට ප්‍රයෝජනයට ගන්නවා, සමහර අය ගන්නේ නෑ. මම මගේ කියලා කොටු කරලා තියාගත්තනම් අද මම ලොකු ගමනක් ගිහින්. මම හිතුවා ඔහු මාත් එක්ක පවුලක් විදිහට වගකීම් දරන් ඉඳීවි කියලා. නමුත් ඒ දේ මට ලැබුණේ නෑ.මම මගේ ජීවිතේ ඒ පැතිකඩ ගැන හිතන්නෙම නෑ. මට දැන් පිරිමි ඇතිවෙලා තියෙන්නේ. මම ඔවුන්ගේ ජීවිත තුළ රැඳෙන්න පුළුවන් තරම් උත්සාහ කළා. තවත් කසාදයකට යනවා කියන එක ඇත්තටම අමාරුයි. බලමු ඉස්සරහදි.කියලා පුවත් පතකට අදසක් දක්වා තිබු ඇය පසු ගිය දිනක තම සමාජ මාධ්‍ය ගිණුමේ ඇයගේ පෙම්වතාගේ චයාරුප සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනා. ඉතින් අපිට තවම කවුද කියලා දනුවත කරලා නෑ, ඉතින් අපිට පසු කාලිනව ඔහුව අපිට දන ගන්නට ලැබේවි.

About the author

Prasad

Leave a Comment