Article

පිල් තුන හරක් අවුරුදු හැත්තෑවක් තිස්සේ එකතුවෙලා රට කෑවා.මැති ඇමති වරුන්ගේ රෙදි ගැලවෙන්න ශිහාන් කියූ දේ

Written by Prasad

සිරස නාලිකාවේ පවත්වපු සුපර් ස්ටාර් රියැලිටි තරඟාවලිය ඔස්සේ අති විශාල තාරකාවන් පිරිස් බිහිවුනා. ඒ තාරකාවන් අතරින් බිහිවුන් හොඳම තරඟකරුවා, ගායන ශිල්පියා ඔහු කියලා අපිට අවිවාදයෙන්ම කියන්න් පුළුවන්. මුලින්ම ලැබුන ජනප්‍රියත්වය එක විදිහටම රැකගෙන එන ඔහු වගේ කලාකරුවන් හොයන්න ඇත්තටම ආහසුයි. ඉතාම විනයගරුක, මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන තරු ගුණය ඉතාම මැනවින් ප්‍රගුණ කරපු කෙනෙක් තමයි ඔහු. ඔහු නමින් ශෙහාන් මිහිරංග. කාලෙන් කාලෙට මොන තරම් තරු බිහිවුනත් වසර ගාණක් ගෙවිලා ගිහිල්ලත් ප්‍රේක්ෂකයගේ හිතේ ඔහු වෙනුවෙන් විශාල ආදරයක් තවමත් තියෙන්න තරම්ම ඔහු වාසනාවන්තයෙක්.

ඇත්තටම ශෙහාන් මිහිරංග කියන්නේ ලංකාවේ කොල්ලො කෙල්ලන්ගේ වීරයෙක් කියලා කීවත් වැරැද්දක් නෑ. මොකද ඔහු ක්ෂේත්‍රයට එන නවකයින්ට ඉතාම කාරුණිකව උපදෙස් අවවාද දෙන ගමන් ඔවුන්ගේ වැරදි නිවැරදි කරනවා අපිට දැකගන්න පුළුවන්. ඔහු කිසිම කෙනෙකුගේ හිත නොරිද්දවමින්, වැරැද්දක් වුනත් හරි විදිහට පෙන්නලා දෙමින් ආදරණීයම තම කාර්‍ය්ය ඉටු කරන්නෙක්. ඒ හින්දම වෙන්නත් ඇති මිනිස්සු මේ තරම් ඔහුට ආදරේ කරන්නෙ.අපි හැමෝම දන්නවා ශෙහාන් මේ දවස්වල හිරු ස්ටාර් වේදිකාවේ විනිශ්චයකාරවරයෙකු ලෙස ඉන්නවා කියලා. ඒ වේදිකාවෙන් බැසයන අයට පවා ඔහු ආදරණීයව ඉදිරි ගමන යන්නට උපදෙස් දෙනවා. ශෙහාන් කියන්නෙත් රියැලිටි කිරුල ලබාගත්තු කෙනෙක් නෙවෙයි. ඒත් ඔහු අද වෙනකොට ඒ ලබාගත්ත අයටත් වඩා ඉතාම ඉහළින් ඉන්නවා.

මේ දිනවල ශෙහාන් ගැන තව තව කතා කරන්න ගත්තේ හිරු ස්ටාර් වේදිකාවේදි ඔහු විසින් පළ කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශක් නිසා.හිරු ස්ටාර් වේදිකාවේ දී මව් ගුණ පිළිබඳව සංවේදී ගීතයක් ගායනා කරපු අවුරුදු 14ක් වන ගිරධා දියණියගේ පියා විදේශගතව ඉන්න නිසා ඒ මොහොතේ දී ඔහු skype ස්කයිප් මාර්ගයෙන් සම්බන්ධ වී තිබුණා. ඒ පිළිබඳව සංවේදී වුණු ශිහාන් මිහිරංග පහත ආකාරයෙන් තම අදහස් දැක්වූවා.දුවේ ඔයා මේ ගීතය ලස්සනට ගායනා කරා. ගීතයක් ගායනා කරන්න කෙනෙක්ට පුළුවන් වුණාට කලාකාරයෙකුට බැහැ ගීතයක් ඇතුළේ ජීවත් වෙමින් ඒක ගායනා කරන්න. එකට සංවේදී හිතක් තියෙන්න ඕනේ. ඔයා අපූරුවට කළා.

මෙතන ඔයාගේ අම්මයි තාත්තයි නංගිලා යි ඔක්කොමල හිටියනම් තමයි ගොඩක් වටින්නේ. තාත්තා පිටරට රස්සාවක් කරද්දි මෙහෙට එන්න කියන්න ඕනේ වුණත් කොහොමද නේද මෙහෙට එයාට එන්න කියලා කියන්නේ. කටක් ඇරලා ඉන්න ඉන්න කියන්න බෑනෙ මොකද අපිට ඒ වගේ හොඳ රටක් නැහැනේ. අවුරුදු හැත්තෑවක් තිස්සේ පිල් දෙක තුනක් එකතු වෙලා මේ රට කාලා දාලා තියෙන්නේ. පින් බිමක් තමයි. ඒත් අපිට මේක දාලා යන්න තමයි සිද්ධවෙන්නේ. තාත්තේ ඔයා මෙහෙට එන්න කියලා නෙමෙයි, තාත්තේ අපිවත් ඔහෙට ගන්න කියලා තමයි පුතාලට කියන්න වෙන්නේ.

මේ රට ඇතුළේ ළමයින්ට තාත්තා අම්මා නැති වීම හරිම සාමාන්‍ය දෙයක් වෙලා. මගේ තාත්තත් 96 ඉඳන්ම මම ගාව හිටියෙ නැහැ. මේ රටේ ඉඳලා තමන්ගේ පුතාට දුවට කන්න දෙන්න බැරි එයා හිටිය බහරේන් වල. දියුණු රටවල් වල මිනිස්සු කවදාවත් වෙන රටවල් වල රැකියාවලට යන්නෙ නෑ නේද. අපි අවුරුදු ගාණක් තිස්සේ ම ඉගෙන ගත්තෙ අපේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා. තාමත් එහෙමයි වෙනසක් වෙලා නැහැ වෙන්නෙත් නැහැ. ඉස්සර අපිට අම්මා තාත්තා රට ඉන්නේ කියලා කියන එක ආඩම්බරයක්. ඒ එවන බඩුමුට්ටු පාට පැන්සල් එහෙම යාළුවන්ට පෙන්නන්න ගොඩක් ආසයි. පිරිමි නැතිවෙන කෙල්ලටත් මොකද කරන්නේ? අපේ අම්මට තාත්තට දරුවන්ට සතිපතා ගිහින් දෙමව්පියො දරුවො බලන්න බැහැ. සල්ලි තියෙන කොටස විතරක් ඒ දේවල් කරනවා තමන්ගෙ ළමයාව රට යවලා ගිහින් බලල එනවා.

මිනිසා අලුත් පරම්පරාව කරන්න ඕනේ තමන්ගේ අම්මගෙන් තාත්තාගෙන් තමන්වත් ඒ රටවල් වලට ගන්න කියල ඉල්ලන එක විතරයි. එක පින් බිමක් තමයි. ඒත් පිල් තුන හතරක් එකතු වෙලා මේ රට කාපු හින්දා අපිට මේ පින් බිම දාලා යන්න වෙනවා. ඉස්සරහට අපේ සිලබස් එකේ උගන්වන්න ඕන මේක දියුණුවෙමින් පවතින රටක් නෙවෙයි දියුණු නොවන රටක් විදිහට. මොකද අපේ ආච්චිලාගේ කාලය ඉතාම ඉගෙන ගත්තේ දියුණුවෙමින් පවතින කියලනේ, ඒක වැඩක් නෑ.ඇත්තටම පුතේ ඔයා තාත්තගෙන් ඉල්ලන්න ඔයාලවත් ඒ රටට ගන්න කියල ඇත්තටම මමත් උත්සාහ කරනවා යන්න”ශෙහාන් ඒ වේදිකාවේ දී තමන්ගේ අදහස් දැක්වූවේ ඒ විදියට. ඔහුගේ මේ කතාව ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගොඩක් කතා බහ වුණා. කොහොම වුනත් අපි ශිහාන් මිහිරංගට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment