Article

පෙම්වතුන් දෙදෙනාගෙන් කවුරු තොරගන්නවද කියලා හිතාගන්න බැ මම ඉන්නේ ටික් ටෝක් විතරයි ෂෙනායා

Written by Prasad

හිත ළඟ හින්නැහුනා ටෙලි නාට්‍යයේ කිරුලිගේ චරිතය හරහා ඔබේ ආලින්දයට ගොඩවදින ඇය ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.නමින් ශනායා වන ඇය ත් සමග අපි මුලින්ම කතා කරෙත් එම ටෙලි නාට්‍ය සහ කිරුළි ගේ චරිතය වගේම ඊට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවයි.
එම ටෙලි නාට්‍යයේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක් ඉහළින් ලැබෙනවා. මොකද කිරුළි කියන්න ගොඩක් දඟකාර සුන්දර චරිතයක්. ඉතිං ලොකු පොඩි බාල මහලු භේදයකින් තොරව ඒ චරිතයට ආදරය කරනවා. මගතොටේදී දැක්කත් ගොඩක් අය මාව අදුර ගන්නවා. සාමාන්‍ය ජීවිතයේ දීත් කිරුළියි මමයි ගොඩක් එක වගේ නොවුනත් මමත් වෙලාවකට කතා කරන්න පටන් ගත්තහම නතර කරන්නේ නැහැ. එහෙම බැලුවහම එයාගෙයි මගෙයි සමහර තැන් සමානයි කියලා කියන්න පුළුවන්.”

ඉතිං කිරුලි ට ඉන්න ප්‍රේමවන්තයෝ දෙන්නගෙන් එයා කවුරු තෝරා ගනීවිද කියලත් අපිට කියන්නකො. “එයා කවුරු තෝරා ගනීවිද කියලා නම් මට කියන්න බැහැ. නමුත් කතාව ඉස්සරහට ගොඩක් ලස්සනට දිගහැරෙනවා. ඒ නිසා ඒ කතාව බලන්න හැමෝටම මම ආරාධනා කරනවා.”ඔබ රංගනයට පිවිසෙන ආකාරය පිළිබඳව පොඩ්ඩක් අපිට කියන්න. “මගේ නර්තන ගුරුවරයා වන දිලීප ආරියරත්න සර් තමයි මට මුලින්ම වෙළෙඳ දැන්වීමක නිරූපණය කරන්න අවස්ථාව අරගෙන දෙන්නේ. මේ වෙලාවෙදි මං ඔහුව මතක් කරන්නම ඕනේ. ඊට පස්සේ මට music videos වෙළඳ දැන්වීම් වගේ දේවල් ලැබෙනවා. ඊට පස්සෙ මම තිළිණ බොරලැස්ස මහතාගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණත් ඒක විකාශය වුණේ නැහැ. නමුත් ඊට පස්සේ හිතලග හිනැහුනා කියන ටෙලි නාට්‍යයට මට ආරාධනා කළේ අශේන් සිරිවර්ධන අයියා. ඉතින් ඒ විදියට තමයි මම රංගන ක්ෂේත්‍රයට එන්නේ. මටත් මට පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුන නිළියක් වෙන්න. ඒත් මේ තරම් ඉක්මනට ප්‍රධාන චරිත කින් මුලින්ම මට රංගන ක්ෂේත්‍රයට එන්න හැකියාව ලැබෙයි කියලා හිතුවේ නැහැ. ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලබාගෙන මේ ආපු ගමන ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මම රංගනය පිළිබඳ හදාරලා නැහැ. නමුත් ඉදිරියේදී රංගනය පිළිබඳ හදාරන්න බලාපොරොත්තු වෙනවා.

අනික තමයි මම ටික් ටොක් කරන්න ගත්තෙ 2016 දී. අවුරුදු එකහමාරක් විතර කරගෙන යද්දි පොඩි පොඩි ගැටලු ටිකක් නිසා මම ඒක නැවැත්තුවා. නැවත මම ටික් ටොක් කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර තමයි වෙන්නෙ. මම කොහොමටත් ඉන්නේ ඉන්නේ ටික් ටොක් එකේ සහ instagram වල විතරයි. ෆේස්බුක් එකවුන්ට් එකක් මට නැහැ. සමහර අය මට කියනවා මගේ ෆේස්බුක් එකේ ඔයා කතා කරා අරකයි මේකයි කියලා. ඒවා ඔක්කොම ව්‍යාජ ඒවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි.මේ වෙනකොට මම පෙම්වතියක් නෙවෙයි. මම කැමතියි මාව තේරුම් ගත්ත ආදරවන්තයෙක් ට. විලාසිතා වලට ඇඳුම් පැළඳුම් වලට නීති රීති දාන කෙනෙක්ට මම කැමති නැහැ. ඒ නිසා මාව තේරුම් ගත්ත කෙනෙක් සමග තමයි විවාහ වෙන්නේ. අනාගත බලාපොරොත්තු ගැන කියනවනම් රංගනය තවදුරටත් හදාරලා මේ යන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”

About the author

Prasad

Leave a Comment