Article

පේෂල පුර්නිකා පුංචි අභිමන්යු බබාගේ මාස හයේ උපන්දිනය සමරු හැටි මෙන්න

Written by Prasad

පේෂල මනෝජ් සහ පූර්නිකා පීරිස් කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් කලා යුවළක්. කොහොම නමුත් පේෂල කියන්නේ මෙරට සිටින දක්ෂ වාදකයෙකු වගේම දක්ෂ නිවේදිකයෙක්. ඒ වගේම තමයි ඔහුගේ බිරිඳ පූර්නිකාත් නිවේදිකාවක ලෙස ලංකාවේ ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඉතින් මේ යුවළ පිළිබඳ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. කෙසේවෙතත් පේෂල ඔහුගේ බිරිඳ පූර්නිකා සමගින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා දෙදෙනාගේම පෙර විවාහයන් වලින් ඈත්වී ඔවුන් අලුත් ජිවිතයක් ආරම්බකරනවා ඉතින් එම ජිවිතේ ඉතාම සාර්ථකව ඔවුන් ගෙවනවා.

පුර්නිකා රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ඒ වගේමයි පේෂල දක්ෂ හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක් නිවේදනයට ගීත ගායනයට වගේම වාදනයටත් උපන් හපන්කමක් ඇති කෙනෙක් තමයි පේෂලා කියන්නේ.පූර්නිකා කියල කියන්නේ මීට පෙර විවාහවෙලා හිටපු කෙනෙක්. ඒ වගේම ඇයට පළමු විවාහයේ පුතෙකු ඉන්නවා. ඔහු තමයි ආදී කියල කියන්නේ. ඉතින් මේ පුංචි ආදී පුතාත් ඉන්නේ ඔවුන් එක්කම තමයි.

ඉතින් පේෂල පුර්නිකා දෙමව්පියන් කරමින් පුංචි පුතෙක් ඔවුන්ට ලැබුනා ඔහුගේ නම තමයි අභිමන්යු කියන්නේ.ඉතින් මේ පුංචි දරුපටියාගේ මාස හයේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුනා.එම අවස්තාව සමරන්න ඔවුන් අමතක කලේ නැහැ ගයාන් සහා චතුරිකා දෙදෙනාත් එම අවස්තාවට එකතුවී තිබුනා.පේෂල පුර්නිකා වගේම ගයාන් චතුරිකා දෙදෙනාගේත් සෑම විශේෂ කටයුත්තකටම මේ දෙගොල්ලෝ සහබාගි වෙනවා අපට දැකගන්න ලැබෙනවා.ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් ඔවුන් සිය සමාජ මාධ්‍ය ගිනුම්වලට එකතු කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එලෙස උපන්දිනය සමරන අභිමන්යු පුතුට සුබ උපන් දිනක් වේවා කියා අපිත් හදවතින් සුභපැතුම් එකතුකරනවා.

About the author

Prasad

Leave a Comment