Article

පේෂල හා පූර්ණිකාගේ පුංචි අභිමන්යු පුතුගේ පළමු උපන්දිනය මැති ඇමති වරුන් පිරිවරා ජයටම සැමරු හැටි

Written by Prasad

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි පේෂල මනෝජ් වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ පූර්නිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් නිතරම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම ප්‍රවීණ තබ්ලා වාදකයෙක් විදිහට පේෂලව හදුන්වලා දෙන්න පුළුවන්.ඒ වගේම ඔහු ගැන සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කතා බහට ලක්වන්නේ ඔහු විනෝදෙන් අපූරුවට දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන මෙහෙයවන ආකාරය නිසයි. ඉතින් ඔහු මීට ටික කාලෙකට කලින් අපේ රටේ දක්ෂ ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්නිකා පීරිස් සමඟ යුග දිවියට එලඹුන බව මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

පෙෂලගේ දෙවන විවාහය සහා පුර්නිකාගේ තුන්වන විවාහය එයවුනා ඉතින් මේ වෙද්දී මේ යුවල රටටම ආදර්ශයක් දෙමින් ආදරෙන් සතුටින් ජීවිතය ගෙනයනවා ඔබට දැකගන්න පුළුවන්.මේ මේ වෙද්දී රටේ පවතින අරගල වලටත් පේෂල ගිහින් ඉන්නවා අපට දැකගන්න ලැබෙනවා ඒ වගේමයි පූර්ණිකා පිරිස් කියලා කියන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන දෙරණ නාලිකාව හරහා නිතරම දකින්න ලැබෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ ආදරණීය කළා යුවල පහුගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලබපු පුවතත් අපේ රටේ කාටත් රහසක් නම් නෙමෙයි. ඉතින් මේ දෙන්නට මව් පිය පදවිය උරුම කරමින් පුංචි පුත් කුමාරයෙක් තමයි මේ ලෝකෙට ඉපදුනේ. ඉතින් මේ පුංචි අභිමන්යු පුතු පැටියා මෙලොව එලිය දැකල දැන් වසරකුත් ගතවී හමාරයි.

මේ පුංචි පුතාගේ පළමු උපන්දිනය පහුගිය දවසක අපේ රටේ කළා තරු රැසක් වගේම ජනප්‍රිය චරිත රැසක්ද එකතු කරගෙන අපූරුවට ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ අපූරු අවස්ථාවට අපේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එකතු වෙලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණිය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ජයටම සමරපු උපන්දින සාදය මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ශාන් රූපස්සර ඡායාරූප ශිල්පියා විසිනුයි.

මොහොතකට අරගල පැත්තක තබා තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෙම දෙමව්පියෙන් දෙදෙනෙක් ඕනෙම කැපවීමක් කරන්න දෙපාරක් හිතන්නේ නැනේ ඉතින් මේ යුවලත් පුංචි අභිමන්යු ගේ පළමුවන උපන්දිනය උත්කර්ෂවත්ව සමරන්න අමතක කලේ නැහැ ඒ උත්සවයට සම්බන්දවුණු මැති ඇමතිවරුන් නිසා අරගල අස්සේ පෙෂලට විවිද කතා හදන්නත් මිනිස්සු අමතක කලේ නැහැ කෙසේ නමුත් දැන් රටම දන්නවා ඔවුන් පේෂල සමග මොකද කලේ කියලානම්.ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති පුංචි අභිමන්යු පුතු පැටියාගේ පළමු උපන්දිනය සමරපු අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.මේ පුංචි පුතුට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔවුන් දෙදෙනාගේ ජිවන ගමන වගේම කළා ගමනත් ඉතාමත් සාර්ථක වෙන්න කියා අපි හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

About the author

Prasad

Leave a Comment