Article

පොඩි කාලේ ඉදන්ම මගේ ලෝකෙ සංගීත වීරයා වික්ටර්.” ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි කියන දේ

Written by Prasad

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉතාම අග්‍ර ගණයේ සේවාවක් ඉටු කරපු ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි වික්ටර් රත්නායක කියලා කියන්නේ. බොහෝ ගීතයන් ඔහුගේ අදටත් අපේ දෙසවන් අතර රැව් දෙන්නට තරම් ඒවා මිහිරි නිර්මාණ වෙනවා. අදටත් රියැලිටි තරඟ වන බොහෝ ප්‍රමාණයක් දෙනා ඔහුගේ ගීත ගායනා කරනවා. පටන් ගත් දා පටන් ඉතාමත් හරවත් සුන්දර නිර්මාණ තමයි ඔහු ප්‍රේක්ෂකයා වෙත දායාද කළේ.ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව හැමදාම රඳවා ගන්න තරම් සුන්දර නිර්මාණකරුවෙකු වූ ඔහු ඔහුගේ අසූ වැනි ජන්ම දිනය සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

තරුණවියේදී විවාහයට එක් වුනු ඔහු දරුවන් සහ බිරිඳ සමග සුන්දර ජීවිතයක් ගත කරලා කරලා කාලයක් යද්දී ඔහුගේ බිරිඳ ජීවිතෙන් සමු ගන්නවා. ඉතින් කාලයක්ම තනිකඩ ජීවිතයක් ගත කරපු ඔහු මැදි වයස මදක් ඉක්මවා යද්දී තවත් තරුණ බිරිඳක් සමග විවාහ වෙනවා. ඉතින් මේ ගැන නම් අපේ රටේ ආන්දෝලනාත්මක විදිහට කතාබහක් ගොඩ නැගෙනවා. ඉතින් මේ ගැන ගොඩක් අය කතා කළේ ඔහු විවාහ වුණු හෂිනි ඔහුට වඩා ගොඩක් වයසින් අඩු වුන හින්දා.මූල්‍ය ආයතනයක රැකියාවක් කරපු ඇය කුඩා කාලයේ පටන්ම ආසා කරපු ගායකයෙක් තමයි වික්ටර් රත්නායක කියලා කියන්නේ. මේ දවස් වල වික්ටර් වික්ටර් රත්නායක මහත්මයා අසනීප වෙලා හිටපු අවස්ථාවේදී ඇය තමයිලු ඔහුව ආදරයෙන් බලා කියා ගත්තේ. සුව වැනි ජන්ම දිනය සමරන වික්‍රම රත්නායක මහතාගේ උපන් දිනය දවසේ දී ඇය හරි අපූරු සටහනක් තමන්ගේ මුහුණු පොත හරහා පල කරනවා.

කුඩා කල පටන් මා ඇසුරු කළ සංගීත ලෝකයෙහි මගේ වීරයා ඔබයි.  ඔබේ ලයාන්විත හා තේජස්වී කටහඩ මගේ ළමා මනස හා ආත්මය අපූර්ව රිද්මයකින් සුවපත් කළා යැයි කීම අරුමයක් නොවේ.නමුත්, කුඩා කළ මගේ ලෝකයේ වීරයා අද වන විට මගේ ජීවන ගමනට අත්වැලක් හා පූජනීයත්වයක් ජනිත කරනු ඇතැයි මම එදා සිහිනෙනුදු නොසිතුවෙමි. ඇත්තෙන්ම,  මගේ ජීවිතය තුලට ඔබේ ආගමනය අභ්‍යන්තර හා බාහිර වශයෙන් මා තුළද,  මාගේ ආධ්‍යාත්මය තුලද ඇති කළ වර්ධනය හා සංහිදියාව මෙතෙකැයි කීමට‍ තරම් මම සමත් නොවෙමි.”එසේ වෙතත් සුන්දර දිවි දිවියක් දිගු කාලයක් ගත කරන්නට ඔවුන් හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment