Article

බබාට කිරි ඔක්කොම දීලා තමයි මම පපුව හදන සජරි එක කරේ. දැන් ඒ දෙක හරිම ලස්සනයි පියුමි හසමාලී

Written by Prasad

පියුමී හංසමාලි කියන්නේ කාලයෙන් කාලයට අපේ සමාජ මාධ්‍ය ජාලා ජාලා ඔස්සේ බොහෝමයක් ප්‍රවෘත්ති මවන තාරකාවියක්. හැම වෙලාවෙම විලාසිතා අනුගමනය කරමින් සුන්දරව ඉන්න උත්සාහ ගන්න ඇය පිළිබඳව බොහෝ දෙනෙක් බොහෝ ආකාරයකින් කතා කරන්න පෙළඹිලා තියෙනවා. දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන ඇයව අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. පහුගිය කාලයේ දී ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරපු නිසා ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්න වගේම ඇය පිළිබඳව ආකර්ෂණයක් ගොඩනගාගන්න පෙළඹුණා.

එක් දරුවෙකුගේ මවක් වන ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා හිටියත් තමන්ගේ දරුවා තමන් ළග තියාගෙන හදාගන්න දිරිය මාතාවක් විදිහට තමයි ගොඩක් ඇය ගෙන කතා කරනනෙ.ගොඩක් විලාසිතා අනුගමනය කරන්න දක්ෂ කාන්තාවක්. ඒ නිසා ඇයගේ රූප ස්වභාවය පිළිබඳ වත් ගොඩක් අය එක එක මත පළ කරනවා. විශේෂයෙන්ම ඇයගේ පපුව වර්ධනය කරගැනීම සඳහා ඇය යම් යම් දේවල් කරා කියලත් ගොඩක් අය කියනවා. ඉතින් මේ පසුගිය කාලයේ දී එක්තරා යූටියුබ් නාලිකාවක වැඩ සටහනකට සම්බන්ධ වෙමින් ඇය මේ ගැන අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

ලෝකයේම ප්‍රසිද්ධ කිම් කඩේශයින් කයිලේජා වැනි අයත් plastic surgery කරලා තියෙනවා.කයිලේජා ව තමයි ගොඩක් දෙනෙක් අනුගමනය කරන්නේ. ඒවා නොදන්න ලංකාවෙ මිනිස්සු කියනවා පියුමි ගිහින් බුබුස් හැදුවා කියලා. මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. අපි ළමයින්ට කිරි දෙද්දී ඇඟ වැරහැලි වෙනවා.මම මගේ ළමයට අවුරුදු අටක් කිරි දුන්නා. දැන් එයාට අවුරුදු 11යි. ළමයා ඉස්කෝලෙ පහ වසරෙදි මගේ අම්මා තමයි එයා ව එක්කන් ආවේ. ගෙදර එද්දි මම නිදි. එයා ටක් ගාලා පඩිපෙල ගාව බෑග් එක දාලා දුවගෙන ඇවිත් මගෙන් කිර බොද්දී තමයි මම ඇහැරෙන්නේ.

ඉතිං අවුරුදු ගාණක් එයාට කිරි දීලා කිරි හිදුනට පස්සේ තමයි මම ඔපරේෂන් එක කළේ.ලමයින්ට කිරි දීලා ඉවරවෙද්දි ඇඟ වැරහැලි වෙලා. ඉතින් මම ඒක හදා ගත්තා. මං ඒක හංගන්නෙ නැහැ. මම ඇඩ්මින්ට කියල තියෙන්නෙ ඒ ගැන ඇහුවොත් ඔව් කියලා කියන්න කියලා.ඉතින් ඇය ඒ පිළිබඳව ඒ විදියට තමයි විවෘතව අදහස් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් සුන්දරව ඉදිරියට ගමනක් යන ඇයටත් සුබ ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment