Article

බබා ලැබුණෙන් පස්සේ එයා ගෙදර අවේ නෑ කිළි අහුවෙන නිසා එයා දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක්නේ.

Written by Prasad

මින් ටික කලකට පෙර ටෙලි නාට්‍ය රැසක පෙනී සිටි නවක නිළි භාග්‍යා ගුරුසිංහ විවාහයෙන් පසු ක්ෂෙත්‍රයෙන් තරමක් ඈත් වුණා. ඇය විවාහවූයේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුත්‍රයා වූ පියුෂාන් සමගින්ය. මේ හේතු කොට විවිධ දේව විශ්වාස මත පදනම්ව ඇගේ පළමු දරු උපතින් පෙර සහ පසු කාලය ගෙවුණ බව ඇය හෙළිදරව් කර තිබේ.මෙම විශ්වාස නිසා ඇය සැමියාව ගෙදරටවත් වැද්දාගෙන නැත.ඒ ගැන ඇය මෙසේ කියයි. පුතා ලැබුණ මුල් කාලෙ මං ඉතින් තනියෙන්ම තමා වැඩ කරගත්තේ. කතරගම දේවාලයට සම්බන්ධ නිසාම පියුෂාන් පුතාගෙන් වෙන්වෙලා හිටියා.

පුතා ලැබිලා මාස තුනක්ම පහුවෙනකල් කිලි කියලා බබාගේ තාත්තටවත්, සීයටවත් එයාව බලන්න එන්න විදියක් තිබ්බේ නැහැ. මාස තුන පහු වෙනකල් එයාලා ඇඟිලි ගැන ගැන හිටියේ. මට පුතාව ලැබෙන්න ඉද්දී ත් එයා ඈත්වෙලා හිටියේ. ක්ලිනික් ගියෙත් අම්මා එක්ක.Video call වලින් තමයි අපි කතාබහ කළේ. මොකද එයා දේවාලයේ වැඩ කටයුතු කරන නිසා මාස තුනක් යනකං බබා ලඟට එන්න බැහැ කිළි අහුවෙන නිසා. ඉස්සෙල්ලා මගේ පුතාව ලැබිලා මාස තුනක් යනකන් එයා ඇඟිලි ගැන ගැන තමයි බලන් හිටියෙ. එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා.

බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවා. එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ. ඇඬුවෙත් නැහැ. ඇත්තටම බබා ලැබුනට ලැබුණට පස්සේ මගේ බර කිලෝ 80 ක් පමණ වුණා. ඉතින් ගෙවල් ළඟ තියෙන ජිම් එකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් කිලෝ පනස් නවයක් දක්වා දක්වා බස්ස ගත්තා. මං මුලදි නම් ඒ ගැන විශ්වාසයක් තියාගත්තෙ නැහැ. මම ජිම් ගියාට පස්සේ ලොකු වෙනසක් මගේ දකින්නට ලැබුණ නිසා ඒ දේ සාර්ථකයි කියලා හිතෙනවා. කොහොමහරි ඉතින් මේවෙද්දී ඇය හුරතල් දඟකාර පුතුන් දෙදෙනෙකුගේ සහ පුංචි දියණියකගේ ආදරණීය මවක්. විවාහයෙන් පස්සේ මව් පදවිය ලැබීමත් සමගම ඇය කලාවෙන් සමු ගැනීමටයි තීරණය කරන්නේ. නමුත් ඇයට එදා හිමිවුන ඒ ප්‍රේක්ෂක ආදරය අදටත් එලෙසින්ම පවතින බව නොරහසක්.

About the author

Prasad

Leave a Comment