Article

බ්‍රෑන්ඩ් නේම් එකක් කිව්වම ලංකාවේ මොඩ්ලර්ස්ලා උඩ බිම බලනවා.මම අදින හැමදෙයක්ම බ්‍රැන්ඩඩ් ත්‍රිකලා ධරණී

Written by Prasad

අපේ රටේ ඉන්න තරුණ වගේම දක්ෂ සුරූපී නිරූපන ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී කියලා කියන්නේ.2017 වර්ෂයේ දී විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළඳින්නේ ද ඇය තමයි. ජාත්‍යන්තර වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන ඇය මේ මෑතකදී මිලදී ගත්තු ඇයටම කියා නිමවා ගත රෝස පැහැ range rover රථය නිසා බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණා. කෙසේ වෙතත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇය පිළිබඳව තමයි. පසුගිය දිනක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමඟ ඇගේ කාලීන තොරතුරු බෙදාහදා ගත්තේ මේ විදිහට.

මේ දවස් වල කාර්යබහුලව කාලය ගත කරන ඇය ඇගේ නවතම ගීතය එළියට දැම්මා. ඇගේ රේන්ජ් රෝවර් රථය යොදා ගනිමින් ඇය අලුත් විදිහ වැඩක් කරා කියලා තමයි ඇය පැවසුවේ. එය නවතම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙන බවත් ඇය පවසන අතරම ඇගේ නවතම ගීතය වන පාට ගෑ කියන ගීතය ශ්‍රී ලංකාවේ එළිදකින අනෙක් ගීත වලට වඩා තරමක් වෙනස් ගීතයක් විදිහට තමයි ඇය හඳුන්වා දුන්නේ. ඒක මෝර්ටිවේෂනල් සෝන්ග් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන් කියලා ඒ ප්‍රකාශ කළා. නිර්මාණයක් තුළින් වුණත් ජනතාවට යමක් දෙන්න ඕන කියලා තමයි ඇය හිතන්නේ. ගීතයක් ඇතුලේ මරන්න වත් අඩන්නවත් ඕන නෑ කියලා ප්‍රකාශ කළා. ඒ වගේම ජනතාව එක බලල හොඳ මොර්ටිවේෂන් එකක් ලබාගන්න එක තමයි ඇගේ බලාපොරොත්තුව කියලා කිව්වේ. මේ ගීතය තුළ එක් අතකින් තමන්ගේ ජීවිත කතාවත් නිරූපණය වෙනවලු.

මේ වෙනකොට ඇය නිරූපණය පිළිබඳව ක්ලාස් කරන බවත් පැවසුවා. ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන ඇය brand ශෝස් ටිකක් කරන්නත් මේ වෙනකොට කාලය වෙන් කරලා තියනවා කියලා පැවසුවා. ත්‍රිකලා කියන්නේ ජීවිතේ බිංදුවෙන් පටන් ගත් කෙනෙක් කියලා තමයි ඇය කියන්නේ. ඇගේ දෙමව්පියන් ගේ මුදල් වලින් වත් කිසි කෙනෙකුගේ දේවල් වලින් ඇයි ජීවිතය දින්නේ නැහැ කියලයි ප්‍රකාශ කලේ. ඒ වගේම ඇයගේ නවතම ගීතය කිසිම ප්‍රමෝට් කිරීමකින් තොරව පැයක් ඇතුලත නැරඹුම් වාර ලක්ෂය ඉක්මවා ගියා කියලත් ඇය ප්‍රකාශ කළේ ගොඩක් සතුටින්. ඇය කුඩා කාලයේ ඉඳන්ම තරමක් වෙනස් විදියට හිතන්න පුරුදු වෙච්ච ගැහැණු ළමයෙක් කියලා තමයි කියන්නේ. ඇය පොඩි කාලෙදිම හිතුවලු සංස්කෘතිය කියන්නේඅඳින පළඳින විදිය කතා කරන්න ඕන විදිය මේකයි කියලා රාමුවක් ඇතුළේ හිර කරන එක කියලා. නමුත් මේක ඇය පොඩි කාලේ විශ්වාස නොකළා වගේම මේක විශ්වාස කලොත් එකම රාමුවක් අතර හිර වෙන්න වෙනවා කියලා හිතපු නිසා ඇයට අවශ්‍ය විදිහට ජීවිතේ ජයගත්තා කියලා තමයි ඇය තවදුරටත් ප්‍රකාශ කළේ .

පොඩි කාලේ ඉඳන්ම ඉඳන්ම ඇය පිටරට සෙලිබ්‍රිටීලා පාට පාට වාහන පදිනවා එයාලගේ ජීවන රටාව දිහා බලන් ඉඳල තියෙනවා. ඒ නිසා ඇය කුඩා කාලෙ ඉදන්ම ගොඩක් වාහන වලට කැමතියිලු. ඒ විදිහට ආස කරපු හීනියක් තමයි ඇය මේ වෙනකොට හැබෑ කරගෙන තියෙන්නේ.වෘත්තීය කටයුතු ගැන කියනවනං ඇයගේ මුල්ම වෘත්තීය වෙන්නේ ගුරු වෘත්තිය ල. ඇය ඕලෙවල් ඒලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්නකොට පොඩි ළමයින්ට ක්ලාස් කරාලු. ඇයි හිතුවා ඒ කාලයෙ වත් නිකරුනේ නාස්ති කරන්න ඕනේ නැහැ කියලා. එහෙම පටන් ගත්ත ජීවිතේ තමයි ඇය අද වෙනකොට කාන්තාවක් විදියට ස්වාධීන වෙන තැනට වෙනකම් ගේන්න මාර්ගය පාදගෙන තියෙන්නේ.

ඒ වගේම ඇය මිලෙන් අධික ඇඳුම් පැළඳුම් භාවිත කරන කෙනෙක් විදියටත් ක්ෂේත්‍රයේ ගොඩක් අය අතර ප්‍රසිද්ධයි. ඇය සමහර බ්‍රෑන්ඩ් එකක නම කිව්වම ලංකාවේ මොඩ්ලර්ස්ලා උඩ බිම බලනවා කියලත් ඇය කිව්වා. තව දුරටත් මිනිස්සුන්ට ලෝකෙ ගැන අවබෝධයක් අවශ්‍යයි කියලා තමයි ඇය කිව්වේ. පිටරට මොඩ්ල් කෙනෙක් අනිවාර්යෙන්ම අඳින්නේ පළඳින්නේ බ්‍රෑන්ඩඩ් දේවල්. ත්‍රිකලා පිටරට ඉන්ටවිව් එකකට යනවනම් හිසේ සිට දෙපතුල දක්වාම බ්‍රෑන්ඩ් එක බලල තමයි අදින්නේ කියලයි ඇය කිව්වේ. ඉතිං නිරූපිකාවක් වුණත් රංගන ශිල්පිනියක් වුනත් සාමාන්‍ය ජනතාවට වඩා සෙලිබ්‍රිටි පෙනුමක් එන විදිහට අඳින්න ඕනි කියලා ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළා. ඒක තමන්ගේ ප්‍රතිරූපයට බලපානවා කියලා තමයි ඇය කිව්වේ.

About the author

Prasad

Leave a Comment