Article

මගෙයි කවිදුගෙයි සම්බන්දයට දැන් අවුරුදු 6ක් එක නිසා මට එයා එක්ක නටන්න ලේසි ශනුද්‍රි කියන දේ

Written by Prasad

ප්‍රියසාද් පවුල කියලා කියන්නේ කලා ලෝකයේ මුල් බැසගත් පවුලක් කීවොත් නිවැරදියි. ඒ පවුලේ බඩපිස්සි තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ. 1997 සැප්තැම්බර් මස 8 වනදා ඉපදුන ඇයට තවමත් වෙන්නේ අවුරුදු 24ක් වගේ පොඩි වයසක්. ඇය මේ පොඩි වයසට නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, වැනි අංශ කීපයකින් දක්ෂතා දක්වන්නට සමත් වෙලාත් තියෙනවා. දෙවනි ඉනිම, ගමනේ යා, දිවිතුරා, අඟර දඟර, කොළඹ ඉතාලිය වගේ ප්‍රේක්ෂකයා අතර අතිශයින් ජනාදරයට පත් වුණ නිර්මාණ රැසකට මේ වෙනකොට ඇය තම දායකත්වය ලබා දීලා තියෙනවා.

ශනුද්‍රි සිනමාවට පිවිසෙන්නේ කුඩා අවධියේදී. ඇගේ මුල්ම රංගන කුසලතාව ඇය පෙන්වන්නේ “ඔන්න බබෝ” කියන සිනමාපටය තුලින්. හොඳම ළමා නිලිය, වසරේ නැගී එන නිලිය, වැනි සම්මාන දිනා ගත්තා වගේම තවත් සම්මාන රැසකට ඇයගේ නම නිර්දේශ කිරීමත් සිද්ධ වුණා. ඒ අතින් බලනකොට ඇය ඕල් රවුන්ඩර් චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.අම්මගේ තාත්තගේ සහ අක්කලා දෙන්නගේ ආදරය මැද හැදුන ඇයත් අද වෙනකොට කලා ලොවේ ජනප්‍රිය තාරකාවක්. රංගනයට, නර්තනයට, වගේම ගායනයටත් උපන් හපන්කම් දක්වන්නියක්. නර්තනයට ඈ තුළ පවත්නා සහජ හැකියාව පසුහිය කාලයේ නිමාවට පත්වුන හිරු මෙගා ස්ටාර් තරඟාවලිය පුරාම ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර දැක්වූවා.

හිරු මෙගා ස්ටාර් වේදිකාව තුළ දී මෙන්ම, ඉන් පිටදීත් ඇයගේ සහායකයා ලෙස කටයුතු කරන ලද කවිඳු සමඟ ඇගේ තිබුණේ තිබුනේ සමීප සම්බන්ධයක්. වසර හයක් තිස්සේ ඔවුන් දෙදෙනා සමීපතම මිතුරන් බවත්, තමන් සතුව නර්තනයට කුමන හැකියාවක් තිබුණත් ඔහුගේ මඟ පෙන්වීම සහ පුහුණු කිරීම් නැතිනම් මේ තරම් දුරක් පැමිණීමට නොහැකි බවත් ඈ කියා සිටියා. අපේ මිතුරු සම්බන්ධය පරණ නිසාම මට ඉතා පහසුවෙන් ඔහුගෙන් ඉගෙන ගැනීමටත් හැකි වුණා කියල තවදුරටත් කියා සිටියා.

කවිඳු කියන්නේත් මේ දවස් වල ටික් ටොක් වලත් ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්. මේ වෙනකොට ඔහුත් රංගනයට අවතීර්ණ වෙලා ඉන්නවා. මෙගා ස්ටාර් කිරුළ ඔවුන්ගෙන් ගිලිහී ගියත් ඔවුන්ගේ සැබෑ දක්ෂකම් ඒ හරහා ලංකාවේ ප්‍රේක්ෂක ජනයාට පෙන්වීමට ඔවුන් දෙදෙනා සමත් වුණා.ඒ ගැන ඔවුන් තුළ ලොකු තෘප්තියක් ඇති. ඉතින් අපි මේ දෙදෙනාගේම අනාගතයට සුබ ප්‍රාර්ථනා එක් කරමු.

About the author

Prasad

Leave a Comment