Article

මගේ අම්ම රට යන්නේ මන් පොඩි කාලේම මන් තාම අම්මව හැබෑවටම දැකලා නෑ. ජනප්‍රිය නිලි චතූ රාජපක්‍ෂ.

Written by Prasad

සිරස ෆිල්ම් ස්ටාර් හරහා කරළියට එන චතූ රාජපක්‍ෂ ඉන් අනතුරුව ඔබ දකින්නෙ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට. අද ඇය රංගන ශිල්පිනියක්. මේ දිනවල ‘බන්ධනා’ ටෙලි වෘතාන්තය හරහා ඔබ හමුවට එන චතූ ඇයගේ තොරතුරු මේ විදිහට පුවත් පතකට පල කර තිබුනා.බන්ධනා. කියන්නෙ මගේ අළුත්ම ටෙලි නිර්මාණය. මෙතනදි මට ද්විත්ව චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබෙනව. මේ අවස්ථාව මට හිමිවෙන්නෙ පළමු වතාවට.මේ වන විට නාට්‍යයේ කොටස් හතක් අටක් පමණයි විකාශනය වෙලා තියෙන්නෙ. නමුත් මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.

චරිත දෙක අතරින් එකක් ‘ලක්මි.. මේ මිය ගිය කෙනෙක් වගේම දඟකාර කටකාර යුවතියක්. අනෙක් චරිතය ‘බන්ධනා.. ඒක නාට්‍යයේ ප්‍රධාන චරිතය. ඇය අහිංසකයි. කාගෙවත් හිත රිදවන්න කැමති නැති කෙනෙක්. ඒ නිසාම ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන චරිතයක්.මට මේ ආරාධනය කරන්නෙ බුද්ධිනී ජයවර්ධන මහත්මිය. මේ නාට්‍යයේ නිෂ්පාදනය වගේම තිර රචනයත් ඇයගේ.ඇත්තටම ගොඩක් සතුටුයි. මම නිර්මාණ බොහෝමයකට සහභාගී වුණ කෙනෙක් නෙමෙයි. සීමිත නිර්මාණ ගණනකට සහභාගී වුණ මට ප්‍රධාන නාළිකාවක ප්‍රධාන චරිතයක් හරහා ජනතාව අතරට යන්න ලැබීම ලොකු වාසනාවක් කියල හිතනව.

විවාහයෙන් පස්සෙ මම රඟපාන්නෙ නෑ” විදේශගත වෙලා ඉන්නෙ කියල පසුගිය කාලයේ මං ගැන බොරු ප්‍රචාර පැතිරුණා. නමුත් ඇත්තටම මේ කිසි දෙයක් නැහැ වගේම මගේ රංගන කටයුතු වලට ඔහු සීමා දාලත් නැහැ. කොහොම වුණත් මට චරිතයක් ලැබුණම ඒක මට ගැලපෙනවද නැද්ද කියල මම ම තීරණය කරල තමයි බාර ගන්නෙ.මම මේ ගමන ආවෙ ඉතාම සෙමින්. බොහෝ දෙනෙක් මාව දන්නෙ නිවේදිකාවක් විදිහට. සිරස ආයතනයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිිකාව හැටියට වසර දෙකහමාරක් කටයුතු කළා. එතකොට ගොඩක් දෙනෙක් කතා කළේ නිවුස් කියන චතූ කියල. අද වන විට රංගන ශිල්පිනියක් හැටියට මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.මොකද මන් පොඩි කාලේ ගොඩක් දුක් වින්ද කෙනෙක්.

මම හතර වසරෙ ඉන්නකොට අම්මා විදෙස් ගත වෙනවා. ඊට පස්සේ අපේ පවුලේ අක්කයි නංගියි මල්ලියි මමයි තාත්තයි පවුලක් විදියට විසිරෙනවා. අපි අම්ම එක්ක එකට ජීවත් වුන කාලයක් මට මතකයකවත් නෑ. ඉතින් එහෙම අම්ම රට ගියාම මම සාමාන්‍ය පෙළ කරලා රැකියාවක් කරන්න හිතා ගන්නවා. ඒ කොහොමහරි සල්ලි හොයලා අම්මව ලංකාවට ගෙන්නගන්න. ඉතින් මම අම්මට යන්න එපා කිව්වත් අම්මා යනවා.මම කාලයක් ගෙදර කාටවත් කතා නොකර තනියම ගමනක් යන්න ලෑස්ති වුණා. ඊට පස්සෙ තමයි මම පෞද්ගලික ආයතනයක රැකියාව කරන්න යන්නේ. එතනදි තමයි මම කලාවට එකතු වෙන්නේ. ඉතින් මම අද වෙනකොට අම්මට වීඩියෝ කෝල් ගන්නවා. නමුත් හැබෑවටම එයාව අවුරුදු 12කින් දැකලා නෑ. කියලයි ඇය පවසන්නේ.

About the author

Prasad

Leave a Comment