Article

මගේ ඇඟ චුටිනේ ඒ නිසා නිලියක් උනා ඒ ගමන යන්න බැරිවුනා ෂෙහානි කහඳවල

Written by Prasad

ආදරණීය දඟකාර පෙම්වතිය ලෙසින් පුංචි තිරය හැඩකරන රුවත්තියක් වන ශෙහානි කහඳවල මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ වෙනස් වූ චරිතයකින්. ඒ සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන පාර වසා ඇත ටෙලි නාට්‍යයේ නිත්‍යා වීරසිංහ කියන චරිතයෙන් ඉතින් එම චරිතයත් එක්කම කාලෙකින් ෂෙහානි ගැන අපි ඔබට ගෙන එන්නට හිතුවා.ඉතින් ෂෙහානි ඇය ගැන අපිට කිවුවේ මෙන්න මේ වගේ කතාවක්.ඇත්තටම ටෙලිනාට්‍ය ගැන කිවුවොත් මේක ටිකක් කලින් පටන් ගන්න හිටපු ටෙලි නාට්‍යයක්. මට සිවගුරුනාදන් මහත්තයා තමයි කතා කරේ අප්‍රේල් මාසයේ වගේ. ඊට පස්සේ ඇතිව තිබුණු කොරෝනා ප්‍රශ්න නිසා ටික කාලයක් පස්සට ගියා. ඊට පස්සේ ආයෙමත් සැප්තැම්බර් තමයි අපි පටන් ගත්තේ.

මම හිතුවේ නැහැ මේ වගේ චරිතයක් මට ලැබෙයි කියලා. මොකද බොහෝ අය මාව දකින්නේ හුරුබුහුටි ආදරණීය චරිතයක් විදියට නිසා. මට හිතුණා මේ චරිතය තුළින් මට මගේ රංගන ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා. මම ඒ නිසා ආරාධනා කරපු ගමන් මම කැමැත්තෙන්ම භාර ගත්තා.දැන් කරගෙන යනවා ඉහල ප්‍රතිචාර ලැබෙනවා ඒ ගැන නම් හිතේ ලොකු සතුටක් තියෙනවා.මම ස්පෝර්ට්ස් පැත්තෙන් කිසිම දෙයක් කරලා නැහැ. මේ චරිතය වෙනුවෙන් ටික කාලයක් බොක්සිං ක්‍රීඩාව පුහුණු වුණා. කොහොම හරි ටීම් එකක් විදියට බොක්සිං ප්‍රැක්ටිස් වෙලා ලස්සනට දැන් නම් වැඩේ කරගෙන යනවා. දැන් මට ගහගන්න බැරි උනත් පන බේරගන්න පුළුවන් මම බොක්සින්ග් ගහන්න දැන්නම් ටිකක් දන්නවා.මේ කතාවෙත් මට ෆයිටින් සීන් තියෙනවා. එක ෆයිට් එකකදී මගේ ඔළුවට වැදුණු පහරක් නිසා පැරලයිස් වෙනවා.

මම ආව දවසේ ඉඳන් ලැබුණේ එකම වගේ චරිත. කොහොමත් මම අවුරුද්දක කාලයක් විතර බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අලුත් මුහුණක් විදියට තමයි ආයෙම එන්නේ. එක දිගටම මම වැඩකරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ පාර නම් මම වැඩ කිහිපයක් කරනවා.මට ලැබුනේ වෙනස්ම ඒවා නිසා ඔක්කොම වගේ මම බාර ගත්තා.සමහර අය ගොඩක් මහන්සි වෙනවා නමුත් නිර්මාණ ලැබෙන්නේ නැහැ. ඒක මට වුණත් පොදුයි.ඉතින් මටත් කාලෙකින් වැඩ ටිකක් ලැබුනේ.දක්ෂතාව වගේම වාසනාවත් තියෙන අයට විතරයි ඉහළට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ කලා ක්ෂේත්‍රයේ එහෙම එකක් තියෙනවා

නිළියක් වුණාම විලාසිතා කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒකෙන් තමා එයාව ප්‍රේක්ෂකයන්ට මතක තියෙන්නේ. ඒ නිසා ඕනෙම කලාකරුවෙක්ට විලාසිතාවක් තියෙන්න ඕනේ. මම මගේ ස්වරූපයට ශරීරයේ හැඩයට ගැළපෙන විලාසිතා කරන කෙනෙක් මම.හැම කෙනෙක්ගෙම ආදරය ලබන්න ප්‍රශංසා ලබන්න වාසනාවක් තියෙන්න ඕනේ. මම හිතනවා මම වාසනාවන්තයි කියලා ජනප්‍රිය කෙනෙක් වෙන්න ලැබීම ගැන.මගේ පෞද්ගලිකත්වය රැකගෙන මම මගේ ජීවිතය විඳිනවා.ඒ නිසා මම ප්‍රසිද්ද උනා නැ කියලා මම වද වෙන්නේ නැහැ,

මගේ සිහිනය තිබ්බේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න. නමුත් ඒක බැරි වුණා. මොකද මම චූටියිනේ. ඊට පස්සේ කොහොම හරි අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක්. දැන් සිහිනය වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුළ මගේ දෙයක් කරන එක ඉතින් දැන් මම මේ කලාව තුලින් දිගු ගමනක් යන්න පටන් අරන් කාලයක් ගතවෙලා ගිහින් ඒ නිසා මෙය තුලින්ම ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ.

About the author

Prasad

Leave a Comment