Article

මගේ ගණන් ඇහුවම අම්මෝ ඒ ගානට නම් බැ කියනවා මගේ සැමියා මම හින්දම කලාවෙන් අයින්වුනා නිරෝෂා තලගල

Written by Prasad

නිරෝෂා තලගලව බොහෝ අය හඳුනා ගත්තේ නර්තන ශිල්පිණියක් හැටියටයි. නමුත් ඇය වඩාත් කතාබහට ලක් වුණේ ජනප්‍රිය වුණේ රංගන ශිල්පිණියක් හැටියටයි.දක්ෂ රංගන ශිල්පිණියක් ලෙස වගේම නර්තන ශිල්පිණියක ලෙස නිරෝෂා තලගල කා අතරත් සිත් දිනාගෙන සිටින්නියක්.පහුගිය කාලේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිතර නිතර දක්නට ලැබුණු නිරෝෂා මේ දවස් වල නර්තන කණ්‌ඩායමත් සමග කාර්යබහුල වෙලාලු. ඒ වගේම පවුල් ජීවිතය ගැනත් ඉදිරි වැඩසටහන් ගැණත් ඇය අපිට කිවුවේ මේ විදිහට.අලුත් නාට්‍ය දෙකකත් වැඩ පටන්ගත්තා. අර්ජුන කමලනාත්ගේ කුසල් චිත්‍රපටය මං හිතන්නේ ඉක්‌මනටම දකින්න ලැබේවි. ටෙලි නාට්‍ය නං හුඟක්‌ එන්න තියෙනවා ඉස්‌සරහට. මේ ටිකේ ෂෝස්‌ වැඩියනෑ රටේ තියන තත්වයත් එක්ක . ඒ නිසා නර්තන කණ්‌ඩායමට සහ එහි පුහුණුවීම් වලට වැඩි ඉඩක්‌ දෙන්න සිද්ධ වුනෙත් නෑ.

වේදිකා නාට්‍ය වලටත් මන් ගොඩාක් කැමති. මගේ මුල් කාලේ වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඊට පස්‌සේ ඉතිං කරන්නත් ආසයි හොඳ පිටපත්, ආරාධනා ලැබෙනවා. නමුත් මගේ නර්තන කණ්‌ඩායමේ පුහුණුවීම් සහ වැඩකටයුතු හුඟක්‌ වෙලාවට සතිඅන්තයේ යෙදෙන නිසා කාලය වෙන් කරගන්නයි අමාරු. මොකද මං වැඩියෙන් කැමති නර්තනයට නිසා ඒක මඟහැර ගන්න මං කැමති නෑ.මම ඩාන්සින් හරහා තමයි නිළියක්‌ වුණේ. අනික හස්‌බන්ඩ්ගේ ආසාව නිසයි නිළියක්‌ වුණේ. රඟපාන්න මුල ඉඳන් ඔලුවේ තියන් හිටපු කෙනෙක්‌ නෙමෙයි මම. මම ඩාන්සර් කෙනෙක්‌. මගේ මුල එතන නිසා ඒක කවදාවත් මගේ ජීවිතෙන් ඈත්වෙන දෙයක්‌ නෙමෙයි.මම දන්නේ නැහැ අනිත් අය කොහොම හිතනවද කියලා. මගේ හස්‌බන්ඩ් කලාවට බොහොම ලැදි කෙනෙක්‌. ඇත්තටම මට කලින් රංගනයට ක්‌ෂේත්‍රයට ආවේ එයා. අද මම නිළියක්‌ විදිහට මෙහෙම තැනක හිටියත් මට දකින්න බැරි වුණා එයා තව අය එක්‌ක රඟපාන එක. ක්‌ෂේත්‍රය ගැන රංගනය ගැන එදාට වඩා අද මම දන්නවා වුණත් එයා රඟපානවා බලන්න මම අදටත් කැමති නෑ. ඒක මට දකින්න බැහැ. ඒ නිසා ඔහු මගේ කැමැත්තට ඉඩ දීලා රංගනයෙන් ඈත් වුණා. හැබැයි මටත් ඒ දක්‌ෂතාව තියෙනවා කියලා ඔහු තමයි රංගනය ගැන වුවමනාවක්‌ නැතුව හිටපු මාව උනන්දු කරලා ක්‌ෂේත්‍රයට යොමු කළේ.

මම ක්‌ෂේත්‍ර දෙකක කටයුතු කරලත් ඒක එහෙම තමයි. මට පුළුවන් නං තව දෙයක්‌ කරන්න ඒකට කාලය තියෙනවා නං මං ඒ දේ කරනවා.අද හැමදේම ගණන් යනවා. හැබැයි ඩාන්සින් ටීම් එකක්‌ විදිහට මං ගාණක්‌ කිව්වොත් අම්මෝ ඒ ගාණට නං කරන්න අමාරුයි කියනවා. ටීම් එකටම බෙදන්න ඕන, අනිත් වියදම් ඇරියම මොකක්‌ද මේ දේ ලාභය කියලා හිතන්නේ නැහැ. අනික දැන් නර්තන කණ්‌ඩායම් වැහි වැහැලා. හුඟක්‌ අය හිතන්නේ රෙදි කෑල්ලක්‌ පටලාගෙන අතපය ඔහේ හෙළෙව්වම ඒක තමයි ඩාන්සින් කියලා. එවැනි අය දෙන ඕන ගාණකට ඔහේ නටනවා. ඉතිං වටිනාකමක්‌ නැහැ. ෂූටින්ග් වලදීත් එහෙමයි. නාළිකා වලින් නිෂ්පාදකට පුංචි ගාණක්‌ ගෙව්වම කොහොමද නළු නිළියන්ට ඔවුන්ගේ වටිනකම ලබාදෙන්නේ. පොඩි පොඩි ගණන් වලට ඔහේ රඟපාන අයත් ඉන්නවා. ඉතිං කර්මාන්තයක්‌ විදිහට පවත්වාගෙන යන්නේ කොහොමද. ඕවා කතාකරන්න ගියාම ඉතිං ඉහළටම යනවා වගකීම.සමහර වෙලාවට දක්‌ෂතාව තියේද කියලා බලන්නෙත් නෑ, රූපය ටිකක්‌ තියේනං ගාණ අඩු නං ගන්නවානේ. සමහර නිෂ්පාදකවරු, අධ්‍යක්‌ෂවරු එහෙම නෑ. නිර්මාණයට සාධාරණයක්‌ කළ හැකි අයව සම්බන්ධ කරගන්නවා. සීයට පනහ පනහ ඔය ප්‍රශ්නේ තියෙනවා ඉතිං.

මම රංගනයට එන්නේ මෙගා නාට්‍ය කලාවේ ආරම්භයත් එක්‌ක. ඉතිං ඉන් පස්‌සේ බිහිවුණ නිර්මාණ අපට ලැබෙන්නේ. අපි පුංචි කාලේ දැකපු දඬුබස්‌නාමානය වගේ නිර්මාණ අපිට ලැබෙන්න ඇත්තේ නැහැ. හැබැයි මෑත කාලේ නං මට එවැනි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්‌ථාව් ලැබුණා.යම් තෝරා බේරා ගැනීමක්‌ කළත් මෙවැනි චරිතම පමණයි කරන්නේ කියලා ඉන්න පුළුවන්කමක්‌ නැහැ. මොකද අපේ වෘත්තීය රඟපෑමනේ. එහෙම නැති වුණොත් අපිට කරන්න වැඩ නෑ. ඉතිං ඒ වගේ කාරණා එක්‌ක නිර්මාණයක්‌ තෝරා ගනිද්දී චරිතය තුළ යමක්‌ කළ හැකි නං මිසක්‌ ප්‍රධාන චරිතය ද කොටස්‌ කීය ද වැනි දේවල් ගැන මං හුඟක්‌ හිතන්නේ නැහැ. හැබැයි මගේ වටිනාකම මට ලැබිය යුතුයි.අපේ ටෙලි නාට්‍ය කලාව නඟා සිටුවන්න රංගන ශිල්පීන් සහ මේ කර්මාන්තය යහ මට්‌ටමින් පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් වෙන්න ඕන තමයි. හැබැයි හඬකැවීම් ශිල්පීනුත් අපේ රටේ ඉන්නවා. ඔවුනුත් ජීවත් වෙන්න ඕන. එක පැත්තක්‌ නඟා සිටුවන්න තව පැත්තක්‌ අකර්මන්‍ය විය යුතු නැහැ. මං කියන්නේ හැමදේටම සාධාරණව සමබරව දේවල් වෙන්න ඕන කියලා.තමයි ඇය අවසානයේ කියා සිටියේ.

About the author

Prasad

Leave a Comment