Article

මගේ ජීවිතයට ලැබුණු වටිනාම වස්තුව තමයි රිද්මා. ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය දැන් කියන දේ

Written by Prasad

රොෂාන් පිලපිටිය කියලා කියන්නේ දශකයකට අධික කාලයක් ලංකාවේ පුංචි තිරය හැඩ කරපු රංගන තාරකාවක්. දක්ෂ රංගන ශිල්පියෙකු වූ ඔහු, කාලයක් තිබුණා දකින දකින මොනම ටෙලි නාට්‍යයක හරි චරිතයක් නිරූපණය කරන. නමුත් මෑත කාලයේ දී නම් අපිට ඔහුව වැඩිය පුංචි තිරය හරහා දකින්නට හමුවුණේ නැහැ. පවතින වසංගත තත්වයත් සමගම ඔහු පවුලේ අයත් සමග නිවසටම වෙලා තමයි ද වැඩි කාලයක් ගත කරන්නේ.

මේ දවස් වල නම් මම ගෙදරට වෙලා තමයි ගොඩක් කාලය ගත කරන්නේ. කලාවට මම ආපු විදිය ගැන කියනවනම් ගොඩක් පොඩි තැනකින් පටන් අරගෙන හෙමින් හෙමින් ආපු ගමනක් තමයි මේ වෙනකම් මට තියෙන්නේ. මම මගේ රංගන කටයුතු මුලින්ම පටන් ගන්න වේදිකාවෙන්. මම පොඩි කාලේ රටේ තිබ්බ එතරම් හොඳ කාල වකවානුවක් නෙමෙයි. ඒ නිසා ලොකු ලොකු බලාපොරොත්තු ඒ කාලයේ තිබුණේ නැහැ. වේදිකාවෙන් පටන් ගත්තු මම මෙහෙම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙයි කියලා නම් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මට ඒ අවස්ථාව හම්බෙන් උදා වෙනවා. මොන තරම් ජනප්‍රිය වෙලා කාලය ගත කරත් මැරෙනකම්ම රංගන ශිල්පියෙක් වෙලා කාලය ගත කරන්න ඕන කියලා මම හිතන්නේත් නෑ.

අනික මං මගේ ජීවිතේ ලොකුවට ප්‍රශ්න මවාගෙන ජීවත් වෙන්නේ නැහැ. හරිම සැහැල්ලුවෙන් සරලව තමයි ජීවත් වෙන්නේ. අනික මම කරන දේ හරි දෙයක් නම් ලෝකයා මොන දේවල් කිව්වත් මම ඒක ගණන් ගන්නේ නෑ. මට ඕන දේ මම කරනවා. මේ වගේ පැහැදිලිව දෙයක් කරන නිසා මම දන්නවා මම කරන දේ හරි කියලා. ඒ හින්ද ලැබෙන ඕනම දෙයක් මම සතුටින් බාරගන්නවා.මගේ ජීවිතයට ලැබුණු හොඳම වටිනාම දේ තමයි රිදිමා සහ මගේ දරුවා. කලා කටයුතුවලට වගේම අනිත් හැම දේකටම මගේ බිරිඳගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා මාව හොඳට තේරුම් ගත්ත ගැහැනියක්. එනිසා හැල හැප්පීම් වලින් තොරව නිදහසේ කාලය ගත කරන්න මට හැකි වෙලා තියෙනවා.

ගේ ලොකුම බලාපොරොත්තුව තමයි මගේ පවුල් එක ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන එක. මගේ පවුල මට හයියක් වෙලා ඉන්න තාක් කල් එතනින් එහාට සිදු වෙන ඕන දේකට මම මුහුණ දෙනවා. රොෂාන් පිලපිටිය ඔහු ගැන, වර්තමානය ගැන, අදහස් පළ කළේ ඒ විදියට. කෙසේ නමුත් රොෂාන් පිලපිටිය ටත් ඔහුගේ ආදරණීය පවුලටත් අපි සුබ අනාගතයකට ප්‍රාර්ථනා එක් කරමු.

About the author

Prasad

Leave a Comment