Article

මගේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් සමඟ සම්බන්දයක් තියනවා කියලා කියනවා. ජනප්‍රිය නිලි නයනතාරා.

Written by Prasad

දෙවෙනි ඉනිම’ හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනා ගත් ඇය, අද සිනමා නිළියක බවට පත්ව තිබේ. පුංචි තිරය ඔස්සේ රසිකයන්ගේ සිත් වසඟයට පත්කළ ඇය නමින් නයනතාරා වික්‍රමආරච්චි. ඉතින් මේ ඇයගේ අලුත්ම තොරතුරුයි. අලුත් චිත්‍රපටයක් දැන් එකතු වෙලා තියනවා. එක දවසක අපි’ තමයි මගේ එළිදක්වපු පළමු චිත්‍රපටය. ඊට කලින් චිත්‍රපට 02ක් කරලා තියෙනවා. මේක තුන්වැනි චිත්‍රපටය. ඒක තමයි මුලින්ම ප්‍රදර්ශනය වුණේ. එක දවසක අපි කියන්නේ වෙනස්ම නිර්මාණයක්. සාමාන්‍ය ආදර කතාවකට එහා ගිය කතාවක් එතැන තියෙනවා. මම අනුරුද්ධ ජයසිංහ මහත්මාගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා සමනලුන්ට එන්න කියන්න කියලා. ඒ ටෙලි නාට්‍යයෙන් දැනගෙන තමයි මේ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ.

මන් සිනමාවට ගොඩක් කැමති නාට්‍යවලත් අකමැත්තක් නෑ ටෙලි නාට්‍ය කියන්නේ නරක දෙයක් නෙවෙයි. නවකයන්ට ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හොඳ පිවිසුමක්. හැබැයි අපි එතැනින් යමක් හැදෑරුවාට පස්සේ ප්‍රේක්‍ෂකයන්ට යමක් ඉතිරි කරන්න ඕන. මම හිතන්නේ ඒකට හොඳම තැන සිනමාව. මොකද සිනමාවේදී යමක් ඉතිරි වෙනවා. ඉතින් මම වැඩි නැඹුරුවක් සිනමාවට දෙන්න කැමැතියි.ඉතින් සිනමාවට අවා කියන්නේ ජනප්‍රිය තාවය වැඩි වෙනවා. එතකොට ඉතින් ප්‍රශ්න වැඩි නමුත් ඒ දේවල් වලින් ඉදිරියට යන්න පුලුවන්නම් තමයි දක්ෂ කම ඇත්තටම කටකතා හදන එක නම් හරිම පහත් වැඩක්. ගොඩක් වෙලාවට එහෙම කටකතා හදන්නේ අපි හිතන, අපට දුර මිනිස්සු නෙවෙයි.

ඇත්තටම අපි ඒ කටකතා ගැන එච්චර හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයාලාට වෙන වැඩක් නැති නිසානේ කටකතා හදන්නේ. ඒක කරගත්ත දෙන් ඉතින් නිදහසේ.මටත් ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් සම්බන්ධ කරගෙන කටකතාවක් හැදිලා තියෙනවා.මම එය කවුද කියලවත් දන්නේ නැහැ. බහුතරයක් ප්‍රේක්‍ෂකයොත් මාව දන්නවා. මට කවුරුත් එහෙම මුකුත් කියන්නේ නැහැ. කියලත් නැහැ. එහෙම කියනවා නම් ඒක කටකතාවක්ම තමයි. ඒවා මම නම් හිතන්නේ නැහැ. අපි නිවැරදි නම්, ඒ දේවල් කාලෙත් එක්ක මැකිලා යනවා. කටකතා හදන අයගේ ඒ වෙලාව අපරාදේ. ඒ වෙලාවෙන් එයාලගේ ජීවිතයට යමක් කරගත්තා නම් හොඳයි.

ම කලින් කිව්වා වගේ මමත් ක්‍ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. අවුරුදු දෙකක් වගේ. අපට ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හොඳ තැනක්. මෙගා ටෙලිනාට්‍යවලට මොකුත් කියන්න බැහැ. මොකද ‘දෙවෙනි ඉනිම’ කියන්නේ මෙගා නාට්‍යයක් නිසා. නාට්‍යයේ චරිතයට හානියක් සිදු නොකර දීර්ඝව කරනවා නම් ඒක හොඳ දෙයක්. හොඳ නිර්මාණත් එනවා. මම හිතන්නේ ‘දෙවෙනි ඉනිම’ මගේ අවසාන මෙගා ටෙලිනාට්‍ය වෙයි. මොකද මම සිනමාවට වැඩි නැඹුරුවක් දෙන්න කැමැතියි. ඒ වෙනුවෙන් වැඩ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි විදේශීය දේවල්වලට වඩා දේශීය දේවල්වලට මුල් තැන දෙනවා නම්, මෙගා වුණත් කමක් නැහැ. මොකද අපේ දෙයක්නේ. කියලයි ඇය අවසානයේ පැවසුවේ.

About the author

Prasad

Leave a Comment