Article

මගේ ලස්සන සහා මගේ කටහඬ නිසා දේශපාලනයටත් මට ගොඩක් ආරාදනා අවා ජනප්‍රිය නිලි මීනා කුමාරි

Written by Prasad

මීනා කුමාරි කියලා කියන්නේ පුංචි තිරයේ හිටපු දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. නිතර නිතර පුංචි තිරයේ දකින්නට නොලැබුනත් අපේ මතකයෙන් ඇයව වන්නේ නැහැ. මිනා කුමාරි ප්‍රේක්ෂකයා අතර අතිශය ජනාදරයට පත් වුණේ ” වසූදා” ටෙලි නාට්‍ය හරහායි. වසූදා කියන්නේ මෙගා ටෙලි නාට්‍ය ඉතිහාසයේ මුල්ම පුරුකක් කිව්වොත් නිවැරදියි. එම ටෙලි නාට්‍යයේ වසුදා ගේ චරිතය හෙබවූයේ මීනා කුමාරි විසින්.

ඊට අමතරව වර්තමානයේ ගත්තොතින් නාඩගම් කාරයෝ හි කුසුමලතාගේ චරිතයෙනුත්, තාදි ටෙලි නාට්‍යයේ මවකගේ චරිතයකිනුත්,කවුරුන්ද නුඹ මගේ ටෙලි නාට්‍යයෙන් ඇය අපේ ආලින්දයට ගොඩ වැදුනා. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඇගේ රංගන කුසලතාව පෙන්වන්නට ඇය සමත් වුණා.
ඔබ රංගන ජීවිතයට එන්නේ කොහොමද?කොළඹ විශාඛා විද්‍යාලයේ අවසන් උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය මට දිනා ගන්න ලැබෙනවා. මගේ රංගන ජීවිතයට මග පෑදෙන්නේ අන්න එතැනින්. ඇත්තටම ඒක ලොකු අහම්බයක්. මොකද මං පාසලේදී දක්ෂතාවය දක්වන්නෙ ක්‍රීඩා ක්ෂේත්‍රයට. ඒත් ඉතිං අහම්බෙන් වගේ නිළියක් වීමේ අවස්ථාව මට උදා වෙනවා. එතනින් මට සම්මාන උළෙලකට අවස්ථාව ලැබෙනවා උපාලි ගම්ලත් මහත්මාගේ “අපරාජිතයෝ” නාට්‍යයෙන්. ප්‍රසිද්ද වේදිකාවකට අවස්තාව ලැබෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහත්මාගේ “සාන්තුවර සෙබළාණෝ” අනුව නාට්‍යයෙන්. පුංචි තිරයට මුලින්ම සම්බන්ධ වෙන්නේ ආරියරත්න ඇතුගල මහත්මයාගේ “තුන්බිය” කියන ටෙලි නාට්‍යයෙන්.ඔය විදිහට තමයි මගේ කලාවේ ගමන් මග සිද්ධ වුණේ.

ඔය විදිහට ආපු ගමන් මගේදී තමයි මට වසූදා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මේක දීර්ඝ ටෙලි නාට්‍යයක් නිසා ඉතින් යෝජනා චෝදනා ගොඩක් මිනිස්සුන්ගෙන් ආවා. මෙගා නාට්‍යවලට මිනිස්සුන්ගෙන් ගොඩක් චෝදනා ආවා. වසූදා කියන්නෙත් ඉන්දියානු පිටපතක්. ඒක ශ්‍රී ලාංකීය කරගෙන තමයි අපි එකට දායක වුණේ. ඒ හින්දම අපි ඒකට සම්බන්ධ වෙද්දී කතාව ගැන හොඳ අදහසක් තියාගෙන තමයි සම්බන්ධ වුණේ. ඒ නිසා චරිතවල බිඳවැටීමක් නොවෙන්න අපිට ඒ චරිත වලට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වුණා. කවුරු කොහොම කිව්වත් පසුකාලීනව මේකට බැනපු කලාකාරයො පවා මෙගා නාට්‍යවලට සම්බන්ධ වුණා. මිනිස්සු ඉල්ලන දේ අපි දෙද්දී කැමැත්තෙන් හෝ කැමැත්තෙන් අපට යම් යම් දේවල් වලට නතු වෙන්නට සිද්ධ වෙනවා. ඒක තමයි ඕනෑම ක්ෂේත්‍රයක විදිහ. ඉල්ලුමටයි සැපයුම දිය යුත්තේ.

ඔබ කලින් හමුදා ශ්‍රේෂ්ත්‍රයේ කෙනෙක් නේද?ඔව් මම ඒ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් තමයි. මම ආසාවෙන් තමයි හමුදා සේවය තෝරගත්තේ . නමුත් අවුරුදු දෙකක් තුනත් යද්දි මට තේරුනා මට යන්න ඕන තැනට යන්න ලැබෙන්නේ නැහැ කියලා. මොකද කැපිලි කෙටිලි ඕනම තැනක තියෙනවා. අන්න ඒ නිසා මම අවුරුදු පහක් සේවය කළ යුතු නිසා ඒ වසර පහ මගේ පූර්ණ කාලීන සේවය ලබා දීලා මම හමුදා සේවයෙන් ඉවත් වුණා. ඉවත්වෙලා රංගන ශිල්පිනියක් විදියට පූර්ණකාලීනව කටයුතු කරන්නට යොමුවුනා.

මගේ රූපය සහ මගේ කථන ශෛලිය නිසා මට දේශපාලනයට ආරාධනා ලැබුණා. මගේ තාත්තා හමුදා නිලධාරියෙක් වුණත් දේශපාලනික දැනුම ඔහු සතුව තිබුණා. මටත් ඒ ආභාෂය ලැබුණා. වසුදා කරන කාලෙත් මට ආරාධනා ලැබුණත් මම ඒවා බාරගත්තේ නැහැ. මොකද මට තේරුණා නිදහසේ දේවල් කරන්න බැහැ කියලා. ඒ නිසා මම මොන දේශපාලන මතිමතාන්තර දරුවත් දේශපාලනයට යොමු වෙන්න නම් අදහසක් නැහැ.පවුල ගැන විස්තර ටිකක් කියන්නකෝ. මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි අක්කයි නංගියි මල්ලියි තමයි ඉන්නේ. දැනට අම්මයි තාත්තයි ඉන්නේ මගේ ගාව.මට දුවෙක් ඉන්නවා. එයා සුහදි සුභාර්යා බණ්ඩාරනායක. මෘදුකාංග ඉන්ජිනේරුවරියක් වෙන්න ඉගෙන ගන්නවා.”

About the author

Prasad

Leave a Comment