Article

මගේ හදවත දන්නවා මම වැරදි නැ කියලා මට ගල් ගැහුවට මම වැටෙන්නේ නැ ශලනි තාරකා කියන දේ

Written by Prasad

මේ වන විට බිහිවුන අලුත් නිලියන් අතරේ ඇය සාර්තකම නිලියක් කියලා කීවොත් වැරදි නෑ. තමන්ට දෙන ඕනෑම චරිතයක් ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඇස සතුව ඇත්තේ ඉතාමත් හොඳ හැකියාවක්. අද වෙනකොට ඇයව පුංචි තිරයට නැතිව බැරි තරම්ය. ඒ තරම් ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගෙන අවසන්‍.නමුත් පසුගිය වසංගත කාලය තුළ ඇය කලාවෙන් මදක් ඈත් වුන අතරම එක් ටෙලිනාට්‍යකින් ඉවත්ම වෙලා යන්නට පවා සිදුවිය. කොවිඩ් රෝගයට මුහුණ දුන් කෙකෙන් විදියට ඇය ඒ ගැන අදහස් කිහිපයක් ප්‍රකාශ කරා.අසනීපයත් එක්ක පොඩි පොඩි අපහසුතා කිහිපයක් ඇතිවුනා. පඩිපෙළක් නගිද්දී පොඩි මහන්සි ගතියක් වගේම කොන්දේ කැක්කුමක් එහෙම ආව. ඒ නිසා රඟපෑමෙන් ටිකක් ඈත්වෙලා සෞඛ්‍ය ගැන ටිකක් හිතන්න වුනා. ඒත් මේ වෙද්දි ආයෙමත් වැඩ පටන් අරගෙන තියෙනවා. ඒත් ඉතිං පරිස්සමෙන් වැඩ ටික කරගෙන යනවා. චලෝ කතාවෙදි එහෙම ගොඩාක් වෙලාවට රඟපාන්න වෙන්නෙ කදුවල ,ගල් උඩ එහෙම යන ඒවා නිසා ටිකක් පරිස්සමෙන් වැඩ ටික කරගෙන යනවා.

අවුරුදු එකහමාරක් විතරම රංගන කටයුතු කරන ගමන්ම ලෙඩෙන් බේරිලා හිටියා. ගොඩාක් පරිස්සමින් ඉන්න උත්සාහ කරා. අසාදිතයින් සමග ඒ තරම් ගැටුනෙ නැහැ. ඒට් මෙවර නම් මම සමග රඟපාපු කීප දෙනෙක්ම ආසාදිතයින් කියලා දැනගත්තට පස්සේ පී සී ආර් එකක් කරනත් කලින්ම රෝග ලක්ෂණ මට මතු වුන නිසා මම කලින්ම දැනගෙන හිටියේ මටත් රෝගය ආසාදනය වෙලා කියලා. ඒක දැනගත්ත ගමන්ම මම වටා ආශ්‍රිතයෝ වුන සියලු දෙනාවම දැනුවත් කරා. ඉතිං රෝගයට ලොකුවට බය වෙන්නේ නැතුව රෝගයට මුහුණ දෙන විදිය දන්න නිසා පරිස්සම් වුනා. ඒ විතරක් නෙවෙයි ලෙඩ වුනාට පස්සේ මට ගොඩාක් අය කතා කරා. මම ගැන හොයලා බැළුවා.

ජීවිතේට එක පාරක්වත් දැකලා කතා කරලා නැති අය මම වෙනුවෙන් පඬුරු පවා ගැටගැහුවා කියලා කියද්දී මගේ ඇස් වලට කඳුළු ආවා එයාලගේ ආදරේ නිසා. අපි කරන චරිත වලින් ඒ අය අපිත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ වගේ බැඳීම් හමුවෙන්නේ පෙර පිනකට. ඒ අතරේ මැරිලා ගියානම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා. එහෙම ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා. අපිට කැමති අය වගේම අකමැති අයත් ඕන තරම් ඉන්නවනෙ. ඒ කොහොම වුනත් වැඩි පිරිසකගේ ආශීර්වාදය නිසා මට ඉක්මනින් සනීප වුනා.මට පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියන එක කියන එකනම් මම දැන්ම කියන්න කැමති නෑ. මොකද ඒකට වෙලාව එන්න ඕනේ. ඕනවට වඩා පුද්ගලික ජීවිතේ ගැන කතා කරන්න මම ආස නෑ.

සමහර මිනිස්සු අපිට චරිත සහතික දෙන්නේ හරියට එයාලා අපේ ගෙදර ඇවිල්ලා නතර වෙලා ඉන්නවා වගේ. ඒත් අපිව නෙවෙයි මිනිස්සු විවේචනය කරන්න ඕනේ අපේ රඟපෑමයි. එක සිද්ධියක්දි මිනිස්සු එක එක කතාවලින් මාව නොමරා මැරුවා. කවුරුත් නෙවෙයි අපි ගැන හොඳටම දන්නෙ අපිනේ. ඒ කාලේ මිනිස්සු මට කෙල්ලෙක් විදියට දරාගන්න අමාරු තරම් අපහාස කරා. මාස ගාණක් මම නොකා නොබී ඇඬුවා. ඒ සමහ කාලවලදි හිතුණා මම අපරාදේ නිළියක් වුනේ කියලා. හැබැයි දැන් හිතෙනවා ඒ වගේ මිනිස්සු නොකීවනම් මම මේ තරම් ශක්තිමත් වෙන්නේ නෑ කියලා. මොකද ඒ හැමදේම දරාගත්තු නිසා මම අද සෑහෙන්න හයිය කෙල්ලෙක්. අද මම සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙ කියලා හැමදේම උපේක්ෂාවෙන් දරාගන්නවා.

කලාව ගැන කීවොත් ටෙලිනාට්‍ය කිහිපයටම මම රංගනයෙන් දයක වෙනවා. පසුගිය වසරෙදි චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුනත් කොවිඩ් වසංගතය නිසා භාරගන්න බැරි වුනා. නිෂ්පාදක වරුන් පවා බයයි ලොකු මුදලක් යට කරලා නිර්මාණ කරන්න. මොකද රූගත කිරීම් වලටත්, දර්ශනයටත් අවසර නොලැබෙන නිසා. කොහොමටත් මට ටෙලි නාට්‍යවලට එන ආරාධනා එක්ක බලද්දි චිත්‍රපටි වලට අඩුවෙන් තමයි ආරාධනා ලැබෙන්නෙ. එකට හේතුවක් මම දන්නේ නැහැ. සමහර විට ඒකට මගේ දක්ෂතාවය අඩු ඇති. කොහොම වුනත් මම මට ලැබෙන දේවල් හොඳින් කරලා සාර්ථකව ඉදිරි ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

About the author

Prasad

Leave a Comment