Article

මගේ හස්බන්ඩ් මට වඩා අවුරුදු 11ක් වැඩිමල් නිසා එයා මාව තේරුන් ගන්නේ නෑ.මන් රඟපනවටත් අකමැති.

Written by Prasad

වත්සලා දියලගොඩ කියන්නෙ කාලයක් පුංචි තිරයට නැතිවම බැරි වුණ දඟකාර චරිතයක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ඇය අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වුණා. නමුත් වසර කිහිපයක්ම අලූත් නිර්මාණයක් හරහා ඇයව දකින්න ලැබුණේ නැහැ. මොකක්ද මේ දිගු නිහැඬියාවට හේතුව. වත්සලා රංගන ජීවිතයට සමුදීලද. ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.. මම රඟපෑමට සමුදීලා නැහැ. නමුත් ඉස්සර ඉඳලම සාමාන්‍යයෙන් අවුරුද්දකට එක ටෙලි නාට්‍යයකට වගේ තමයි සහභාගී වුණේ. දැනට අවුරුදු තුනක විතර කාලයකදි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මොකද මට පොඩි බබෙක් ඉන්නවා. කොවිඞ් තත්ත්වයත් එක්ක සියයට සියයක් එයාගෙ ආරක්‍ෂාව ගැන හිතල තමයි මේ තීරණය ගත්තෙ.

මේ ඉන්න පුළුවන්කමකට ඉන්නව නෙමෙයි. මොකද අපි ගොඩක් සමාජය ආශ‍්‍රය කරපු” සමාජයත් එක්ක ගැටුණ අය විදිහට මේ ගෙවන ජීවිතය හරි අමාරුයි. රංගනය කියන්නෙ ජීවිතය හා සමාන දෙයක්. කිසිම මොහොතක ඒක අතහරින්න පුළුවන්කමක් නැහැ. ඒ වුණත් දරුව කියන්නෙ ඊටත් වඩා ලොකු තැනක ඉන්න කෙනෙක්. එයා තමයි අංක එක. ඒ නිසා අමාරුවෙන් කොහොම හරි මේ කාලය ගෙවනව කියල හිත හදාගෙන ඉන්නවා.ඇත්තටම දැන් වැඩිය ටෙලි නාට්‍ය බලන්නෙ නැහැ. මේ දවස්වල ලොකු වැඩකුත් නැති නිසා මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය කිහිපයක් වගේම පැරණි ටෙලි නාට්‍ය කිහිපයක් ටීවී එකේ විකාශනය වෙද්දි මුල ඉඳන් බැලූවා. මෑත කාලයේ නම් පාරදිගේ සහ නාඩගම්කාරයෝ ආසාවන් බලනව.

මට ඉන්නෙ දුවෙක්. නම හිතෛෂී වෙනායා ගුණසිංහ. දැන් වයස අවුරුදු හතයි.මගේ සැමියා මේ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක්. නමුත් ඒ වගේ දේවල් වලට ඔහුගෙ කැමැත්තක් නැහැ. බොහෝ දෙනෙක් මගෙන් අහනව ගෙදරම වස්තුවක් තියෙද්දි ඇයි ඒකෙන් ප‍්‍රයෝජනයක් නොගන්නෙ කියල. ඇත්තටම මට ඒකෙන් ප‍්‍රයෝජන ගන්න විදිහක් නැහැ. මොකද පවුල් ජීවිතයයි කලාවයි එකට සම්බන්ධ කරන්න ඔහුගෙ කිසිම කැමැත්තක් නැහැ. ඇත්තටම ඔහු සියයට සියයක්ම මම රඟපානවට කැමති නැහැ. නමුත් එපා කියන්නෙත් නැහැ. මම දන්න එකම දේ මට රඟපෑම නැතිව ජීවත් වෙන්න අමාරුයි. මට රඟපෑම ඕනා. මේ හුදෙකලා බවත් එක්ක ඒක තදින්ම දැනෙනවා. කොහොම වුණත් මගේ රංගන ජීවිතයයි පවුල් ජීවිතයයි සමබරව කරගෙන යන්න උපරිම උත්සාහ කරනවා.

හස්බන් මට වඩා අවුරුදු 11ක් වැඩිමහල් එයා මාත් එක්ක අදහස් හුවමාරු කර ගන්නේ නැහැ මගේ කලාවෙන් එයාට වැඩක් නෑමගේ කලාවට එයා මට ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නැහැ. එයා ආස මම එයාගේ වයිෆ් බබාගේ අම්මා කියන තැන මාව තියන්න. එයාට වැඩක් නෑ මම actress කෙනෙක් කියන එක. එයා මට උදව් කරනවා ගෙදර වැඩ වලට. ඉතින් හස්බන්ඩ් එක්ක හොඳට ඉන්නවා තවම. ප්‍රශ්න පොඩි පොඩි දේවල් වෙනවා. ඒ දේවල් කතාබහ කරගෙන විසඳගෙන අපි තුන්දෙනා හොඳට ඉන්නවා.අපිට ජීවිතයේදී එක එක සීමාවන් එක එක කාලයේදී දාගන්න වෙනව. ඒ වුණත් මම කැමති චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. අපි බලමු ඉදිරියේදි මොකද වෙන්නෙ කියල.

About the author

Prasad

Leave a Comment