Article

මගේ හිතේ පොඩි කාලේ ඉදන්ම හිටිය කාන්තා රූපය තමයි රෝසි සේනානායක.සාරංග දිසාසේකර

Written by Prasad

සැබැවින්ම ඔහු දක්ෂයෙක්. විටෙක සුන්දර රංගන ශිල්පියෙක්, විටෙක කන්කලු හඬක් සහිත නිවේදකයෙක්, විටෙක මිහිරි ගායකයෙක් ලෙස අපි හමුවට එන ඔහු නමින් සාරංග දිසාසේකර. සාරංග කියන්නේ කලාවට නෑකම් කියන පවුලකින් පැවත එන තරුවක්. ඔහුගේ කලාවට ආගමනය ගැන කියන්නේ මෙහෙම දෙයක්.

මම කලාවට මුලින්ම සම්බන්ධ වෙන්නේ මට අදුරුදු දහයෙදි. ඒත් පූර්ණ විදිහට කලාවට එකතු වෙන්න බැරිවුනා. අම්මා එක්ක ඔය එක එක වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වුනාට ඒලෙවල් ඉවර වෙනකම්ම මම රංගනයට සම්බන්ධ වෙන්නෙ නෑ.පස්සේ තමයි ටික ටික කලා කටයුතු එක්ක සමබන්ධ වුනේ. මුල්ම කාලයේ කරපු නිර්මාණ අතරින් පිපි පියුම් ටෙලිනාට්‍ය රසිකයන් අතරේ ඉක්මනින් ප්‍රසිද්ධ වුනා. එතනින් පටන් ගත්ත ගමන තමයි මේ වෙනකම් මෙහෙම එන්නේ.

මගේ ප්‍රේමය ගැන කියනවානම් මගේ ප්‍රථම ආදරය අප්‍රකාශිත ආදරයක් කීවොත් තමයි හරි.උසස් පෙළ කරන කාලෙ තමයි මට ඒ හැඟීම් ඇතිවෙන්නේ. එයා කාන්තා විද්‍යාලයක ශිෂ්‍යාවක්. නමුත් මට මගේ ආදරය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒක ඒක පාර්ශ්වික අප්‍රකාශිත ආදරයක්.මගේ හිත ගත්තු සුන්දර රූපය දුටු කාන්තාව තමයි රෝසි සේනානායක. මොකද එයා අපේ රටේ නම ජාත්‍යන්තරයට අරන් ගියා. ඒක මගේ හිතේ පොඩි කාලේ ඉඳන්ම රැඳිලා තිබුණා.

ඔබේ කඩවසම් බව රැකගන්න සාරංග මොනාද කරන්නේ? කඩවසම් බව රැකගන්න කියලා විශේෂ දේවල් කරන්නේ නැහැ. හැබැයි නිරෝගීව ජීවත් වෙන්න ඕන දේවල් ටිකක් මම කරනවා. හොඳ පෝෂදායී ආහාර ගන්න එක, ව්‍යායාම වල නිරත වෙන එක, වගේ දේවල් ටිකක් කරනවා. ඒ වගේම මගේ මානසික සතුට ගැන මම ගොඩක් හිතනවා. කෙනෙක් සුන්දර වෙන්න එයාගෙ මානසික ඒකාග්‍රතාවය වැදගත් කියලා තමයි මම විශ්වාස කරන්නේ.

ඔබට කාලයක්ම එක දිගට ජනප්‍රියත්වයේ ඉහළටම යන ලැබිලා තියනවා. ජනප්‍රිය නළුවා සම්මානය කිහිප වරක්ම හිමිකරගත්ත එක ගැන ඔබ මොකද හිතන්නේ? මම හැමදාමත් මට ලැබෙන චරිත වලට සාධාරණයක් කරන කෙනෙක්. මේ වෙනකොට ජනප්‍රිය නළුවා සම්මානය මට දොළොස් වතාවක් ගෙදර ලැබිලා තියෙනවා..ඒක මගේ රංගනයට ලැබුණු වටිනාකමක් හැටියටයි මම සලකන්නේ. ඒත් එහෙමයි කියලා ඒ හැම රංගනයක්ම මම සම්මාන බලාගෙන කරන්නේ නෑ.

About the author

Prasad

Leave a Comment