Article

මටත් තාම දරුවෙක් නෑ තමයි එහෙම කියල දරුවෝ නැති මන් වගේ අයට වඳ ගෑනි කියන්න එපා.

Written by Prasad

දවසින් දවස කලාවට එක එක විදියේ තරුණ තරුණියන් එනවා ඒ අතරින් වැඩියෙන්ම එන්නේ තරුණියන් අද එනවා හෙට නැහැ සමහරු ආයේ දකින්නම නැහැ ඉතින් කාලයක් අපේ රටේ කලාවේ වැජබුනු සුන්දර රු සපුවකට හිමිකම් කියන ඇය ෂෙරිල් ඩෙකර්.මේ වෙද්දී නම් අපට ඇයව කිසිම තැනක දැකගන්න ලැබෙන්නේ නැහැ ශේරිල්ට මොකද උනේ ඉතින් අද අපි හිතුවා ඇය ගැන තොරතුරු ටිකක් ඔබට ගෙන එන්නට.මේ වෙද්දී වසර 15 විතර වෙනවා ෂෙරිල් කලාවට ඇවිල්ල ඒ උනාට අපට දැකගන්න ලැබුනේ හරිම අඩුවෙන් ඒ වගේමයි ඇය අමා ටෙලි කතාවේ අමාගේ චරිතෙන් ලංකාවේ හැමෝගෙම සිත් හොරාගන්න සමත්වුනා,ඒ කාලේ අමා කිවුවාම නොදන්නා කෙනෙක් නැති තරම් ඇයට හැමෝම වගේ ආදරේ කළා ඇයවටා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් එකතුවුනා.

ඉතින් හිටිගමන්ම ඇයව හැමෝටම අමතකවුනා කලාවෙන් සමුගත්තද විදෙස් ගතවුනාද කියලා ගොඩක් දෙනා හොයලා බැලුවා ඉතින් ඇය මේ දෙකම කරලා නැහැ තවමත් ඉන්නේ ලංකාවේ ඒ වගේමයි කලාවට සමුදිලත් නැහැ.ෂෙරිල් මේ දවස් වල සතුටින් ජීවත්වෙනවා කියලා තමයි කියන්නේ ගෙදරින් කොහෙවත් යන්නේ නැහැ රුවන් එක්කම ගෙදරට වෙලා ඉන්නවා පවතින වසංගතය නිසා අපි හරිම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලයි ඇය කියන්නේ.අවුරුදු එක හමාරකින් විතර නිර්මාණයකට සම්බන්දවුනේ නැහැ මම තෝරාගන්නේ මට කරන්න පුළුවන් නිර්මාණ විතරයි හැම වෙලාවේම මුනපෙන්නන්න මට ඕනේ නැහැ මම ගන්න චරිතෙට උපරිමෙන් කරන්න තමයි මට ඕනේ ඒ නිසා හැමදාම මාව දකින්න ලැබෙන්නේ නැතිවෙයි කියලයි ෂෙරිල් කියන්නේ.

මට ශේෂ්ත්‍රයේ කැපිල්ල වැඩි මට ඉරිසියාකාරයෝ ඉන්නවා දක්ෂ අයට වැඩිය දැන් චරිත ලැබෙන්නේ ෆෙවරේෂන් තියෙන අයට එක නිසාම මට දැන් වැඩ අඩුයි අපි වගේ දක්ෂ අයට දැන් වැඩ ලැබෙන්නේ නැහැ.මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ මටත් ඕනේ නැහැ හැමදාම මුණ පෙන්නගෙන ඉන්න ඉදල හිටලා නිර්මාණයකට ආවම අගේ කිරීමත් හොදයිනේ එතකොට අපිව පිලිගන්නවා වැඩි.මගේ අවුරුදු 15ට මම නිර්මාණ කරලා තියෙන්නේ පොඩි ගානක් හැබැයි මාව හැමෝම දැනගත්තෙත් ඒ පොඩි කාලේ තුලම තමයි කියල ඇය කියනවා.ඉතින් ඒ වගේම හොඳ වගේම මටත් නරක ප්‍රතිචාර ඕනෑතරම් ලැබිලා තියනවා. විවහා වෙලා තාමත් දරුවෙක් නැත්තේ ඇයි කියලා අහනවා.

මන් හිතන්නේ ඒක විවහා වෙලා ඉන්න යුවලකගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් කන්තවන්ම තමයි අප, හස කරන්නේ ළමයි නැති වද ගෑනි කියලත් කියනවා. මමත් දෙපාරක් අම්මා කෙනෙක් උන කෙනෙක්. නමුත් මොකක්හරි හේතුවක් නිසා ඒක නැවත දෙවියන් මගෙන් අරගත්තා. කවදාවත් ළමයි නැති කෙනෙක්ට එහෙම කතා කරන්න එපා. මොකද ඒ අයට දරුවෝ නැතත් දරුවන්ට ගොඩක් ආදරෙයි.අපි දෙන්නා විවහා වෙලා මේ වෙද්දී වසර අටක් වෙනවා දන්නෙම නැතුව කාලය ගෙවී යනවා තවම නම් බබෙක් හදන්න අපේ අදහසක් නැහැ හැමෝම අහනවා බබාලා හදන්නේ නැද්ද ඔයාලා වෙන්වෙලාද ඉන්නේ කියලා.පව්ලක් විදියට අපි දෙන්නා අතරෙත් ප්‍රශ්න නැතුවම නෙවෙයි විවහා ජිවිතයේ හැමෝම සර්වසම්පුර්ණ නැහැ හැමෝටම ප්‍රශ්න තියෙනවා මගේ විවාහයේත් ප්‍රශ්න තියෙනවා ඒ උනාට අපි වෙන් වෙන තැනට ඒවා ඇවිල්ල නැහැ.

About the author

Prasad

Leave a Comment