Article

මට තාම අවුරුදු 17යි මම තවම පෙම්වතියක් නෙවෙයි සුරංගනාවියක් වගේ ලස්සන ටාශියා කාලිදාස

Written by Prasad

Inter නැසනල් ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයට ආව ඇය නමින් ටාෂියා කාලිදාස. පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලබන සුන්දර තරුණියක් තමයි ටාෂියා කාලිදාස කියන්නේ. ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ චලෝ ටෙලි නාට්‍යයේ සඳලිගේ චරිතය සහ ඉන්ටර් නැසනල් ටෙලිනාට්‍යයේ මීනුගේ චරිත එක්ක ටාෂියාව නිතර පේ‍්‍රක්ෂකයන්ට මුණගැසුනා. ඒ වගේම අලූත් නිර්මාණ එක්ක ඉදිරියේදී ටාෂියා දැකබලා ගැනීමට අවස්ථාව තියෙනවා.

ඇගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි ඇයයි. ගම වෙන්නේ නුවර. නුවර ඉඳන් තමයි ඇය ඇගේ කලා ජීවිතය වෙනුවෙන් කොළඹට එන්නෙ. ඇය කියන විදිහට ඇය කුඩා කාලයේ ඉඳන් ආස වෙලා තියෙන්නේ වෛද්‍යවරියක් වෙන්න. හැබැයි තේරුම් එන කාලෙට ආවට පස්සෙ ඇය ගුවන් සේවිකාවක් වෙන්න ආසාවෙන් ඉඳලා තියෙනවා. කෙසේ නමුත් අද ඇය කලාකාරියක් වෙලා ඉන්නවා. ඇගේ මුල්ම රංගනය වෙන්නේ inter නැසනල් ටෙලි නාට්‍යය. අවස්ථාව ලැබිල තියෙන්නෙ ඇගේ අම්මාගේ මිතුරියකගේ මාර්ගයෙන්ලු. ඊට පස්සේ ඇය ධනුෂ්ක රත්නායකගේ දාම් ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වුණා.

කුඩා කාලයේ ඉඳලාම රංගනයට ආසාවක් තිබ්බද කියලා ඇහුවහම ඇය දුන්නේ මෙහෙම උත්තරයක්.පොඩි කාලේ මම තනියම රඟපාපු අවස්ථා තිබුණා. සමහර වෙලාවට තොරතෝංචියක් නැතුව කියවපු අවස්ථා තිබුණා. ඉන්ටර් නැසනල් රඟපාන්න කලින් මම වෙළඳ දැන්වීම් කිහිපයක් කරලා තිබුණා.පළවෙනි ටෙලි නාට්‍ය රඟපාද්දි මම ගොඩක් ගොඩාක් අත්දැකීම් ලබාගත්තා දුලිකා අක්කි, තරින්දි අක්කි, සුජීව අයියා මට ගොඩක් දේවල් කියාදුන්නා. රංගනය ගැන කිසිම දෙයක් නොදැන හිටපු මම ඒ ප්‍රවීණයන්ගෙන් රංගනය ගැන ඉගෙන ගත්තා. වගේම තමයි දාම් ටෙලි නාට්‍ය කණ්ඩායමත්. එයාලත් මට ගොඩක් උදව් උපකාර කළා. ඒ වගේම මට තව නිර්මාණ ගණනාවකටම ආරාධනා ලැබුණා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. මේ වසංගතය තත්වය එක්ක කරන්න බැහැ වගේම මම උසස් පෙළට සූදානම් වෙන්න ඕනෙ. ඒ නිසා අද්‍යාපනයට මුල්තැන දෙන්න තීරණය කළා.

ඔබ සැබෑ ජීවිතයේ පෙම්වතියක්ද?අපෝ නැහැ. මට තාම අවුරුදු 17යි. ඒවට තව කල් තියෙනවා. ටාෂියාට සිනමා නිර්මාණවල රංගනයට ආරාධනා ලැබිලා තියනවා නේද. ඒ ගැන කියමු ටිකක්.මම මේ වෙද්දි හැපී බර්ත්ඬේ ෆිල්ම් එකේ රඟපාල තියෙනවා. මේ වසංගතය නිසා ඒ ෆිල්ම් එක තවමත් ප‍්‍රදර්ශනය කළේ නැහැ .ඉදිරියේදී පේ‍්‍රක්ෂකයන්ට ඒ නිර්මාණය රසවිඳින්න අවස්ථාව තියෙනවා

අනික මට මොන තරම් නිර්මාණ ලැබ්ජ්නත් මම අනිවාර්යෙන්ම මම චරිත තෝරා බේරාගෙන තමයි රඟපාන්නේ. විශේෂයෙන්ම මම පිටපත අනිවාර්යෙන්ම කියවලා අවබෝධයක් ලබාගෙන මට රඟපාන්න පුළුවන් කියලා හිතෙන චරිත විතරයි භාර ගන්නේ.ඒ වගේම ටාෂියා මේ වෙනකොට ටෙලිනාට්‍යක රූපගතකිරීම් වලට පකිස්තානයේ තමයි ඉන්නේ. අනාගතයේ කලාවෙන් දුර ගමනක් යන්න අපි ඇයට සුබ පතමු.

About the author

Prasad

Leave a Comment