Article

මට දැන් අලුත්පෙම්වතෙක් ඉන්නවා සැමියා සහා දරුවන් අතහැර තනිව ජීවත්වෙන මේධා පෙම්වතා ගැන කියුදේ

Written by Prasad

මේධා ජයරත්න කියන නම ඒ රූපය නොදන්න කෙනෙක් නැහැ. කටහඬ ඇහුනත් ඒ කවුද මොනවාද කරන්නේ කියලා කවුරුත් දන්නවා. නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙන මේධා පසුගිය කාලේ හිරු මෙගාස්ටාර් වැඩසටහන තුළිනුත් දැකගන්න ලැබුනා. තනිකඩ ජිවිතයක් ගත කරන මේධා දැන් පෙම්වතියක් කියලයි කියන්නේ. ඒ ගැන වගේම මේධාගේ අලුත් තොරතුරු ටිකක් අපි ඔබට ගෙන එන්නට හිතුවා.ඉතින් ඇය ඇගේ අලුත් තොරතුරු කිවුවේ මෙන්න මේ විදියට.

වසංගතය කියලා නැහැ ටෙලි නාට්‍ය තුනකට සම්බන්ධ වූණා. නාට්‍ය දෙකක රූගත කිරීම් පිට පළාත්වල තමයි කලේ .එක නිර්මාණයක් කොළඹ රූගත කලේ. සමහර දවස්වලට වැඩ ඉවර කරලා ගෙදර එන්නේ පාන්දර. ඩ්‍රයිවර්ට නිදිමත නම් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නෙත්. එහෙම නිදහසේ කාලය ගත කරන්න ලැබුනේ නැහැ. ඒ වගේම කියන්න ඕන මම හිරු මෙගා ස්ටාර්ස් සීසන් 3 වැඩසටහනේ තරගකරුවන් 16 අතරට ආව.මම හිතුවේ නැහැ මට ඒ තරම් දුරක් එන්න පුළුවන් කියලා. මම හිතුවේ මුලින්ම කැපිලා යයි කියලා. නමුත් 16 අතරට ආ නිසා ක්ෂේත්‍රයේ අය පවා මගේ දක්ෂතා ගැන කතා කළා. ඇත්තම කිව්වොත් ඉන් පස්සේ මට නිර්මාණ බොහොමයකට ආරාධනා පවා ආව.අදටත් ඔවුන්ට පෙනෙනවා ඇති මම දක්ෂයි කියලා මගේ දක්ෂකම් අගේ කරන්නත් ඔවුන් අමතක කලේ නැහැ.

රංගනයේදී මට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ අපි පිටපළාත් වලට වැඩට යද්දී ඒ පළාත් වල දේශගුණය මිනිස්සු වගේම ලස්සන තැන් දැකබලාගන්න ලැබෙනවා ඒ නිසා මම හරිම කැමති හරිම ආසාවෙන් තමයි රංගනයේ යෙදෙන්නේ කිසිම මහන්සියක් හිතට දැනෙන්නේ නැහැ.ඇත්තටම රංගනයෙන් ඈත්වෙලා ජිවත්වෙන්නත් දැන් අමාරුයි මොකද දැන් මේකට අපි හුරුවෙලා එකා කාරී රැකියාවක් නෙවෙයි මේක ඒ නිසා හිතේ සැහැල්ලුවෙන් කරන්න පුළුවන්.මෙය අපිව තෘප්තිමත් කරනවා. නිර්මාණවලින් ඈත් වෙලා ජිවත් වෙන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි.

ඉස්සරට වඩා දැන් මට චරිත ලැබෙනවා මම දැන් ජිම් යනවා ඇග ලස්සනට තිබෙන නිසා ඉස්සරට වැඩිය තරුණ චරිත ලැබෙනවා මට.ඒ චරිත එකිනෙකට වෙනස්. ඒ ගැන නම් සතුටුයි. මේ ලඟදි මට අම්මා කෙනෙකුගේ චරිතයක් ලැබුනා. නමුත් ඒ චරිතයට මම දැන් ගැලපෙන්නේ නැහැ කියලා චරිතය වෙනස් කරලා දුන්නා.දැන් අම්ම කෙනෙක්ගේ පෙනුම නැහැ දැන් මගේ.ගොඩාක් අය කියනවා මම දැන් එන්න එන්නම තරුණ වෙනවා කියලා ඒ වගේ දේවල් අහද්දී නම් ඇත්තටම හිතට සතුටක් දැනෙනවා.

ඇත්තටම මගේ පවුල් ජීවිතය එකපාරටම කැඩිලා ගියා ඒ ගැන දුකක් නැහැ කියලා කියන්න බෑ දුකක් තියෙනවා. නමුත් මම වැරදි වුනු දේවල් ගැන හිත හිතා ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. වැරදුනු තැනින් අයෙමත් නැගිටින කෙනෙක්. පවුල් ජීවිතය දෙකඩ වුනාට පස්සේ මම ආයෙමත් නැගිට්ටා. හොඳින් ජිවත් වෙනවා. මම තනියම ජිවත් වුනු කෙනෙක් නෙමෙයි. අදටත් මම ජිවත් වෙන්නේ අම්මා නංගී එක්ක. කවදත් තනියම ඉදලා පුරුදු කෙනෙක් නෙමෙයි.දැන් දිගටම වැඩ කරන නිසාත් පරණ ජිවිතේ අමතක කරපු හින්දාමත් මට දැන් ලොකු දුකක් නම් නැහැ ඒ උනාට ගෙවුණු ජිවිතේ ගැන හිතද්දීනම් පොඩි දුකක් තියෙනවා.

හැමෝම කියනවා මගේ දරුවන් දෙන්නට අම්මා කෙනෙක් නැතිවුනා නේද කියලා.මගේ දරුවෝ දෙන්නා මම ඉල්ලුවා. නමුත් දරුවන් ගැන හිතලා දිගින් දිගටම නඩු මගට යන එකෙන් දරුවන් තමයි අපහසුතාවයට පත් වෙන්නේ කියලා මටත් හිතුනා. ඒ නිසා දෙපැත්තක ඉදලා දරුවන්ගේ යුතුකම් ඉටු කරනවා. එයාලව බලන්න යනවා. කතාබහ කරනවා. අවශ්‍ය දේවල් අරන් දෙනවා. නමුත් දරුවෝ එක්ක ඡායාරූපයක්වත් ගන්න බැහැ. ඡායාරූප අරගෙන සමාජ මාධ්‍යවල දැම්මොත් ඒ දරුවෝ තාත්තාගෙන් බැනුම් අහනවා. ඇයි ඡායාරූපවලට පෙනී හිටියේ කියලා. ඒ නිසා දැන් මම ඒ දේවල් කරන්නෙත් නැහැ. දරුවන් ගැන හිතලා.මොකද කලින් සැමියා දරුවන්ට බනිනවා මගෙත් එක්ක චායාරුපවලට ඉන්නවා කියලා.

මටත් දැන් අනන්ත අප්‍රමාණව අනවශ්‍ය අයුතු යෝජනා එනවා. සමහර මිනිස්සු කියන දේවල් වලට කලකිරෙනවා. තනියම ජිවත් වෙනවා කියලා දන්න නිසා මොනවා හරි කරගන්න පුළුවන් කියලයි හිතන්නේ. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. මම එහෙම යෝජනා හරි පරිස්සමින් ප්‍රතික්ෂේප කරලා ඒවා මඟ හැරලා පාඩුවේ ජිවත් වෙනවා.මම එහෙම එක එක පිරිමි එක්ක යන කෙනෙක් නෙවෙයි හැමෝම කළා කරුවන් කිවුවාම හිතන්නේ ඒ විදියට ඒ උනාට හැමෝම එහෙම නැහැ එහෙම යන පිරිසකුත් ඉන්නවා ඒ උනාට අපි හම්බකරන්නේ දක්ෂකමින් මහන්සිවෙලා.

මට දැන් පෙම්වතෙක් ඉන්නවා. අපේ සම්බන්ධයට දැන් අවුරුදු 4ක් වෙනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ව්‍යාපාරිකයෙක්. ලංකාවේ නෙමෙයි ඉන්නේ. මගේ සම්පුර්ණ වියදම් බලන්නේ එයා තමයි. දුක් විදලා හම්බ කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ එයා වියදම් කරන නිසා. නමුත් මම රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඔහුත් එක්ක හොඳින් ජිවත් වෙනවා.හිතුනොත් මම ඔහුත් එක්ක විවහා වෙනවා නැත්තන් මෙහෙමම ඉන්නවා දිගටම ඔහු මන් ගැන හොයලා බලනවා හැමවෙලාවෙම ඕනේ තරම් සල්ලි දෙනවා ඒ උනාට මට කම්මැලි එක තැනකට වෙලා ඉන්න ඒ නිසාමයි මම රංගනයට යන්නේ.ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි ඇය අපට කිවුවේ.ඉදිරියේදී අපට ඇගේ පෙම්වතා සහා ඇගේ විවාහයත් දැකගන්න ලැබේවි.

About the author

Prasad

Leave a Comment