Article

මට දැන් ආකර්ෂණය වැඩිම ගැහැණු අයට වැඩිය පිරිමි.නැවතත් ප්‍රංශයට ගිය හෙක්ටර් ඩයස් කියන දේ

Written by Prasad

කාලයකදී ගායකයෙක් වෙලා ඉඳලා, එක පාරටම එක ගීතයකින් සහ එහි රූපරචනයකින් තම යුගයට වඩා තරුණ යුගයක තරුණියන්ගේ පවා ආකර්ෂණය ලබාගත්, වයස යනු ඉලක්කමක් පමණක් බව මනාව ප්‍රදර්ශනය කරන ඔහු නමින් හෙක්ටර් ඩයස්. අද වෙනකොට ඔහු පුංචි තිරයත් හැඩ කරන්න පටන් අරන්. ඔහුගේ මේ නළුවෙක් වීමේ කතාව පිටුපස බිරිඳ පාඨලී සිටින බව ඔහු පවසන්නේ.

ඔහුගේ බිරිද සහ දරුවන් දැනට ප්‍රංශය ජීවත්වෙන අතර පාඨලී විටින් විට ගොස් ඔවුන්ව මුණ ගැසෙයි. මේ මෑතකදී ඔහු ලංකාවේ තම පවුල බැලීමට ගොස් තිබුණි. ඒ අතරතුර ඔහු ඔහුගේ ජීවිතය ගැන අදහස් ප්‍රකාශ කර තිබුණි.මේ වන විට දිවිතුරා කතාවෙහි රඟපෑමේ නිරත වන ඔහු ප්‍රංශයට පැමිණියත් ඒ ආවේ කතාවේ සති ගණනක කොටස් රඟපෑමෙන් අනතුරුව බව ඔහු ප්‍රකාශ කර සිටියා. ප්‍රංශය තුළදී කොටස් කිහිපයක් රූගත කරන බව ඔහු පැවසුවා.

ගායකයෙක් විදිහට වැඩ කරපු මට රඟපාන්න කියලා කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. ඒ අතරෙදි විරාජ් වැලිවත්ත මෙහෙම වැඩක් තියෙනවා කියලා මට කතා කළා. ඒ ආරාධනයත් එක්ක මට ආපු ලොකුම ප්‍රශ්නය තමයි මේ චරිතයට මට සාධාරණයක් ඉෂ්ඨ කරන පුළුවන් වෙයිද කියන එක. ඒ ගැන මං මගේ බිරිඳ පාඩු වෙච්ච එක සාකච්ඡා කරාම එයා තමයි අපි උත්සහ කරලා බලමු කියලා. අන්න ඒ විදිහට අගස්තිගේ චරිතය කරන්න පටන් ගත්තහම තමයි මට තේරුණේ අපිට කළ නොහැක්කක් නොමැත කියන එක. ඒ කොහොම වුනත් නළුකමම බදාගෙන ඉන්න ඕනේ කියලා අදහසක් මගේ නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් සාමාන්‍ය විදිහට රඟපානවා.

දිවිතුරා කතාවේ මම රඟපෑමෙන් දායක වෙන්නේ කළු චරිතයකට. ඒත් ඉතිං අගස්ති කියන චරිතයයි හෙක්ටර් කියන චරිතයයි දෙකක්. ඒක මගේ බුද්ධිමත් ප්‍රේක්ෂකයා තේරුම් ගනියි කියලා මම විශ්වාස කරනවා.වර්තමානයේ ගත්තහම කාන්තා ආකර්ෂණය විතරක් නෙවෙයි පිරිමි ආකර්ෂණයක් මට තියනවා. මගේ බිරිඳ පාඨලීත් ඒක හොඳින්ම තේරුම් අරගෙන් ඉන්නවා. ඔයා දන්නවා කලාකාරයෙක් ක්ෂේත්‍රයේ රැඳෙන්න මේ ආකර්ෂණය හරිම වැදගත් කියලා.මම 2011 දී මගේ පවුලේ අයත් එක්ක ප්‍රංශයට එනවා. ඒත් නැවත වාරයක් දෙදහස් දොළහේ දී මම ආයෙම ලංකාවට ඇවිල්ල මගේ බෑන්ඩ් එක පටන් ගන්නවා. එතනින් පස්සෙ වැඩිහරියක්ම කාලය ගත කරේ ලංකාවේ ඇතුලේ. ඒත් මං පවුලේ අය බලන්න ප්‍රංශෙට යනවා එයාල මාව බලන්න ලංකාවට එනවා, ඒ විදිහට අපි හතර වතාවක් විතර මුණගැහෙනවා.

ලොක් ඩවුන් කාලයෙදි තමයි මම රැවුල කොන්ඩෙ ගැන එතරම් තකන්නේ නැතුව ගෙදරට වෙලා හිටියේ. මේ අතරතුර කාලයේ තමයි නිල්වන් මුහුදු තීරයේ ගීතය නිර්මාණ කටයුතු කළේ. මම තීරණය කරලා තිබුනා රැවුල කොන්ඩෙ කපන්නැතුව එම ගීතය කරන්න. එකම ඉතින් මට හොඳට ගියා. පාඨලීත් මට ලොකු සහයෝගයක් දෙනවා. එයාට කොහොමත් මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ලක්ෂ්මන් හේවාවිතාරණගේ දුවනේ. ඉතිං ඔය විදිහට තමයි මගේ කටයුතු කෙරීගෙන යන්නෙ.

About the author

Prasad

Leave a Comment