Article

මට දිනූෂව පෙනුනේ ලස්සන සුදු හාවෙක් වගේ දැන් ඒ හාවා මගේ ඉස්කෝලේ ආලෝකා ටීච නදුනි කරුණාතිලක

Written by Prasad

නදුනි කරුණාතිලක කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ හිනි පෙත්තේ ඉන්න තරුණියක්. මනාලියන් සඳහා නිරූපණය කිරීම ඇය වැඩිපුරම කරනවා අපිට දකින්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඇය අතිශයින්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබා දුන්නා. ප්‍රේක්ෂක ආදරය ඉතා ඉක්මනින් දිනාගත්තු මේ නදුනි විවාහ වුනේ ඇය වගේම ක්ෂේත්‍රයේ තරුණ නිරූපණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ද වන දිනූෂ සමග. මේ දෙදෙනාම එක්ව රංගනයේ යෙදුන ටෙලිනාට්‍යයද අපිට දකින්න ලැබුනා.

පසුගිය දිනවල විකාශය වුන පාවෙලා වලාකුලේ ඒවිද අම්මා කියන ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා අතර අතිශයින් ජනප්‍රිය වුනා. නදුනි, දිනූෂ යුවලම මේ ටෙලිනාට්‍යයේ රංගනයට දායක වුනා වගේම මේ ටෙලිනාට්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනාට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හම්බුනා.ඉතිං කොහොම වුනත් මේ වෙනකොට මේ දෙන්නා විවාහ වෙලා අතිශයින් සාර්ථක විවාහ ජීවිතයක් ගෙවනවා. ඉතින් මේ කතා බහ ඔහුගේත් ඇගේත් හමුවීම පිළිබඳව වගේම වර්ථමාන ජීවන රටාව සම්බන්ධයෙන්.

නදුනියි මායි යාළුවෝ වෙලා අවුරුදු දෙකක් විතර හිටියා. ඇත්තටම මම නදුනිට මුලින්ම කැමති වුනේ එයාගේ තිබ්බ ලස්සන අහිංසක හිනාවටයි පෙනුමටයි. එයාගේ තිබ්බ ලස්සන හිනාවට තමයි මගේ හිත වැඩියෙන්ම ඇඳිලා ගියේ. අපි දෙන්නා හමුවුනේ නුවරින්. ඒ විතරක් නෙවෙයි මුලින්ම අපි දෙන්නා දැක්කේ පවා නුවරදි. අපි ෆෝන් එකෙන් ගොඩාක් කතා බහ කරා. ඒ කතා කරද්දී එයාගෙයි මගෙයි හැඟීම් ආකල්ප ගොඩාක් එක වගේ කියලා මට දැණුනා. ඉතිං මම තීරණය කරා නදුනිට ආදරෙයි කියන්න. එයාත් එක්ක මගේ ජීවිතේ බෙදාගන්න. මම එයාට මුලින්ම ආදරෙයි කීවෙත් ෆෝන් එකෙන්ම තමයි. ටික කාලෙකින් එයාත් මගේ ආදරේ පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි ගෙවල් වලින් වුනත් අපේ ආදරේට බලපෑමක්, විරුද්දත්වයක් ආවේ නෑ.

නදුනි කියන්නේ වගකීම් සහගත හොඳ බිරිඳක්. එයාගේ මුලින් තිබුන ආදරේ අංශුවක්වත් අඩු නෑ. ඉදිරියටත් එයා මේ විදියට පවුල ආදරෙන් තියාවී. අපි විවාහ වෙන්න හිටියේ 2018 අවුරුද්දෙ වුනත් විවාහ වෙන්න ලැබුණේ නම් 2019 අවුරුද්දෙදි. කොහොම වුනත් ඉතින් නදුනි කියන්නේ හරිම ආදරණීය බිරිඳක්.දිනූෂ ඔය විදිහට නදුනි ගැන ගොඩාක් ආදරෙන් කතා කරද්දී නදුනි දිනූෂ ගැන කතා කරන්නේ මෙහෙම. ඇය නම් ඔහු ගැන කතා කරන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට. දිනූෂව මට හම්බෙන්නේ 2015 දී. එතන ඉඳන් අපි ගොඩාක් හොඳ යාලුවෝ වුනා. ඒ යාළුකම කාලයත් එක්ක ආදරේකට හැරුනා. ඒ කාලෙදි එයා මාව සහෝදරියක් ගානට, දුවෙක් ගාණට පරිස්සම් කරා. ඒ ආදරේ මට හුඟාක් දැණුනා.

දැක්ක මුල්ම කාලේ එයාව මට පෙණුනේ ලස්සන සුදු හාවෙක් වගේ. ඒකයි මම එයාට ආදරේ කරේ. කොහොම වුනත් කියන්නම ඕනේ දිනූෂ කියන්නේ කෝටියකින් හොයාගන්න බැරි ආදරණීය සැමියෙක්. මාව පුළුවන් හැමවෙලේම සතුටින් සැහැල්ලුවෙන් තියන්න උත්සහ කරන කෙනෙක්. හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්. ඒ නිසා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මම හරිම වාසනාවන්ත බිරිඳක් එයා වගේ සැමියෙක් ලබන්න තරම්.ඉතින් නදුනි, දිනූෂ මේ ආදරණීය කුරුළු කූඩුවට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරමු.

About the author

Prasad

Leave a Comment