Article

මන් ඇඟ පෙන්න අඳින්න අකමැති හොඳ චරිත පවා මන් ප්‍රතික්ශේප කරා. ජනප්‍රිය නිලි ශලනි ප්‍රනාන්දු.

Written by Prasad

2017 වසරේ දෙරන නාලිකාව මඟින් පැවැත්වූ “අවුරුඳු කුමරි” තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ‚ රංගන ක්ෂේත්‍රයට පිවිසුණු‚ මෙන්ම ඉහල රසික ආදරයක් දිනාගත්‚ ඉතාමත් දක්ෂ මෙන්ම ගොඩක් ජනප්‍රිය රංගන තාරකාවියක් ගැන තමයි අද අපි කථා කරන්න යන්නේ.ඉතින් ඇය වෙන කවුරුත් නෙවෙයි. අපි කවුරුත් හොඳින් දන්න ශලනි ප්‍රනාන්දු යි. ඉතින් “අවුරුඳු කුමරි” තරඟයෙන් ජයග්‍රහණය කළ ඇයට “ දෙවනි ඉනිම” ටෙලිනාට්‍ය යේ “ ලිහිණි” ගේ චරිතයට පන පොවන්නට අවස්ථාවක් ද ලැබුණු අතර‚ එම චරිතයෙන් ඇය විශාල ප්‍රේක්ෂකාදරයක් වගේම ජනප්‍රියත්වයක් ද ලැබී තිබෙනවා.

ශලනි රංගනයට අමතරව නර්ථනයට ද ඉතා හපන්කමක් දක්වන අතර‚ ඇය මීගමුව ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර‚“උපමාවක්” සහ “ආයේ නම් ආදරේ” වැනි මියුසික් වීඩියෝ සඳහාද දායක වෙමින්‚ තම රංගන දක්ෂතාවයන් ඉස්මතු කරමින්‚ විශාල රසික ආදරයක් දිනා ගන්නට ඇය හට හැකි විය.ඉතින් ඒ වාගේම ශලනිගේ විනෝදාංශයක් විදියට ඇය දස්කම් දක්වන්නේ “මෝස්තර නිරූපනය” වන අතර‚ මෝස්තර නිර්මාණය පිළිබඳව ද ඇය තුළ කැමැත්තක් ඇති අතර‚ ඇය “මෝස්තර නිරූපන ශිල්පිනියක්” විදියට ගොඩක්ම කැමත්ත දක්වන්නේ‚ “මනමාලියක් විදියට” ෆොටෝශූට් වලට පෙනී සිටීමට යි.

ඉතින් ඒ වාගේම මේ දවස්වල‚ ශලනිට සිනමා රංගනයට දායක විමට අවස්ථාවන් ලැබී තිබෙන අතර‚ හොඳ සිනමා චරිතයන් ඇය හට ලැබුණහොත් ඒ සදහා ඇය‚ රසික ආදරය දිනා ගනිමින්‚ මනා කැපවීමෙන් දායක වන බවත් ඇය තව දුරටත් කියා සිටිනවා. ඔව් ඇත්තටම සිනමා පටයකට අරාධනා ලැබිලා තියෙන්නේ ඉදිරියේදී දැක ගන්න ලැබෙයි. වැඩ ගොඩක් භාර අරගෙන හිරවෙන්න මම කැමති කෙනෙක් නෙවෙයි’ ලස්සන වැඩවලට එකතුවෙලා සංයමයෙන් ගමනක් යන්න තමයි කැමති’ මොකද මම කලබල කෙනෙක් නෙමෙයි.පෞද්ගලික ජීවිතේ මම බොහෝම නිස්කලංක යුවතියක්’ කොටින්ම කියනවනම් මම ගැමිත් නෑ’ ෂෝෂලූ‍ත් නෑ’ ඔය දෙක අතර මැද්දේ මම ඉන්නේ’

හැමවෙලේම හිතට එකඟව හරියි කියලා හිතන දේ කරනවා’ අනවශ්‍ය විදිහට ඇඟ පේන්න අඳින්නේ නැහැ’ රඟපාන්න ආපු දවසේ ඉඳලම ඔය ප‍්‍රතිපත්ති මම ආරක්‍ෂා කර ගත්තා’ ඇඳුම නිසා චරිත ප‍්‍රතික්‍ෂේප කරපු අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා’මම සාමාන්‍යයෙන් චරිත බාර ගන්නකොට ඇදුම් ගැන විශේෂයෙන්ම බලන කෙනෙක්. ගොඩක් චරිත ඒකේ අදින්න තියෙන ඇදුම් නිසා මම ප්‍රතික්ශේප කරලා තියෙනවා. අපේ අම්මා මට කියන්නේ මම ආදර් කරන කෙනෙක් නෙමෙයි මට ආදරේ කරන කෙනෙක් හොයා ගන්න කියලා. තවම ෆීල්ඩ් එකේ කාගෙන්වත් මට යෝජනා ඇවිල්ලා නෑ. මම කැමති හරිම නිදහසේ මගේ ගෙදරට වෙලා ඉන්න බල්ලොත් එක්ක.”

About the author

Prasad

Leave a Comment