Article

මන් ඉස්සර හරිම කැතයි. දුෂ්‍යන්ත් කියන්නේ මන් කොටට අන්දහම ලස්සනයි කියලා.ස්ටෙෆනි සිරිවර්ධන.

Written by Prasad

සිරස නාළිකාවෙන් විකාශය වුණු Voice of teens Sri Lanka වැඩසටහනත් සමඟම එහි නිවේදන කටයුතු කළ ස්ටෙෆනි සිරිවර්ධන කා අතරත් ජනාදරයට පත් වුණු චරිතයකි. ලාංකේය රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුණු ඇය විවාහ වූයේ ගායන ශිල්පී දුෂ්‍යන්ත් වීරමන් සමඟය. Voice of teens වැඩසටහන පිළිබඳව සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයේ වැඩකටයුතු පිළිබඳ ෆ්ටෙෆනි සිරිවර්ධනවකියුවේ මේ විදිහටයි.හරිම සතුටින් මන් කාලය ගෙවනවා. සිංහල දැන් හොඳට පුළුවන්. හොඳටම පුළුවන් කියලත් කියන්න බැහැ. ඒත් මම හිතනවා Voice of teens වැඩසටහනෙන් පසුව මගේ සිංහල කලින්ට වඩා ගොඩක් improve වෙලා කියලා.

voice of teens වැඩසටහනත් එක්කම මට ගොඩක් අය ආදරේ කරන්න පටන්ගත්තා. විශේෂයෙන් පුංචි ළමයි මාව දකිනකොට දුවගෙන ඇවිත් මාව බදාගන්නවා. ඒ අයගේ ආදරේ මට නොඅඩුව ලැබෙනවා. මට ගොඩක් සතුටුයි ඒ ගැන.ගොඩක් අය මට ආදරේ දෙනවා. මම වැඩසටහන ඉදිරිපත් කරන විදිහට ළමයි ඒක අනුකරණය කරලා වැඩසටහන ඉදිරිපත් කරන වීඩියෝ ගොඩක් අය මට එවනවා. හරිම ලස්සනයි. ඒවා දැක්කාම මට ගොඩක් සතුටු හිතෙනවා ඉතින්. මාව අගය කරන හැමෝටම මම ස්තූති කරනවා.

මොකද මගේ සිංහල උච්චාරණය ඒ තරම් හොඳ මට්ටමක නොතිබියදීත් ඒ අය මාව අගය කළා. මම සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් නිවේදන කටයුතු කරන්නේ නැහැ. මට ගොඩක් අය කියනවා “Akki you can do it” , “ඔයා හරිම ලස්සනට present කරනවා” කියලා. ඇත්තටම ඒ ප්‍රතිචාර මට ලොකු හයියක් වුණා.සෝෂල් මීඩියාවල මට බැනලා දාන දේවල් මම දකින්නේ නැහැ. දුෂ්‍යන්ත් වුණත් ඒ දේවල් මට කිව්වේ නැහැ. එයා හරිම ධනාත්මක කෙනෙක්. එයා ඒ දේවල් දැක්කාම දැක්කේ නැහැ වගේ ඉන්නේ. හැබැයි මම ළමයින්ගේ නම් කියද්දි වචන අදින විදිහට විහිළු කරලා හදපු memes දැක්කා facebook එකේ.අපි දැන් බැඳලා අවුරුදු දෙකක්.

මගේ husband හරිම හොඳයි. මම එයාට ගොඩක් ආදරෙයි. එයත් මට ගොඩක් ආදරෙයි.මම පිට රටක ඉපදුනේ ඉතින් පොඩි කාලේ ඉදලා දැක්කේ බෝනික්කො වගේ ලස්සන සුදු ළමයි. ඉස්සර මම එච්චර ලස්සන නෑ.මහතයි. යාලුවො මට විහිලු කරනවා එතකොට මම ගෙදර ඇවිත් අඩනවා හොදටම මට ලස්සන වෙන්න ඕනේ කියලා. එතකොට අම්ම මට කියනවා පුතේ ඔයා ඔයාම වෙන්න කියලා. ඉතින් ඒ කලේ කැත වැහෙන්න මන් කොටට අන්දා. දැනුත් ඒ පුරුද්ද තමා තියෙන්නේ දුෂ්යන්ත් කියන්නෙත් මන් කොටට ඇන්දහම හරි ලස්සනයි කියලා.ඉතින් එයා මාව හොඳට තේරුම් ගන්න නිසා මන් එයට ගොඩාක් අදරෙයි.

About the author

Prasad

Leave a Comment