Article

මන් කිවුවා ඇහුවෙ නෑනේ.මුළු රටම සතුටු කරමින් ජනප්‍රිය නිලි පියුමි හංසමාලි සහ ප්‍රගීත් නැවත එක්වෙයි.

Written by Prasad

පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන නිසාම ඇයව නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙනවා.ඒ වගේම ඇයට අලුතින් ආදරණීය ආදරවන්තයෙක් මුණගැසී තිබුනා අපිට දැක ගන්නට ලැබුනා. කොහොමහරි මේ දෙන්න විවහා වෙන්න තමා හිටියේ නමුත් පසු ගිය දිනක අපට සමාජ මාධ්‍ය හරහා ඉතා කණගාටු දායක පුවතක් අසන්නන්ට ලැබුනා.

ඒ පියුමිගේ පෙම්වතා ප්‍රගීත් වෙන කාන්තාවක් සමඟ හෝටල් කාමරයකට ගිය බව පියුමි ප්‍රකශ කිරීමත් සමඟයි. ඒ වගේම ඇයගේ පෙම්වතා ප්‍රගීත් සමාජ මාධ්‍යට පවසා තිබුනේ ඔහු අරන් දීපු වහනය සහ රන් අභරණ රැගෙන පරණ පෙම්වතා වෙනුරත් සමඟ පැනගොස් ඇති බවයි.ඔහු තමයි ප්‍රගීත් තනුෂ්ක, ප්‍රගීත් අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් පස්සෙන් ගිහින් තමයි පියුමිව යාලු කරගෙන තියෙන්නේ,ඒ ගැන අය සමාජ ජාලාවලට ධීර්ඝ සටහනක් ඔස්සේ එකතු කරලා තිබ්බා, ඒ සටහනෙන් ඇය කියලා තිබ්බේ ආයේ කවදාවත් ආදරේ කරන්නේ නෑ කියලා,

කොහොම වුනත් පියුමිගේ හොඳම යාලුවා වෙන කෝටිපති චන්දිමාල් ජයසිංහනම් කිවුවේ ‘ඒ දෙන්න තව ටික දවසකින් යාලු වේවි ඔය ළමයි දැන් ගෙදර යන්න” කියලා, එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි පියුමිගේ මේ සිදුවීම සමාජ ජලාවල ගින්නක් වගේ පැතිරුනා, කොහොම වුනත් පියුමිගේ හොන්දම යාලුවා කියපු කතාව අද ඇත්ත වෙලා, ඒ ප්‍රගීත් සහ පියුමි යාළුවෙලා එක වාහනේ යනගමන් චන්දිමාල්ට වීඩියෝ කෝල් එකක් අරගෙන,

චන්දිමාල් ඒ කෝල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාලා සමාජ ජාලා ඔස්සේ අපූරු සටහක් එකතු කරලා තිබ්බා ඒ ”මන් කිවුවා ඇහුවෙ නැනේ ඹය ලමයි දැන්වත් ගිහින් නිදාගන්න” කියලා, ලස්සන කුරුළු ජෝඩුවක් වගේ හිටපු පියුමි සහ ප්‍රගීත් දැන් ආයෙමත් එකතුවෙලා, පවුලක් උනාම පොඩි පොඩි ප්‍රශ්න එනවා තමයි හැබැයි ඒවා එක්මනට විසඳෙනවා. ඉතින් සමාජ මාධ්‍ය තුල ගොඩාක් කතන්දර කිවුව අයට තමයි චන්දිමාල් මේ විදිහේ සටහනක් එකතු කර තිබුනේ.

About the author

Prasad

Leave a Comment