Article

මන් තමයි දැනට ඉන්න ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව. මුළු රටක් ආදරය කරන පියුමි හංසමාලි.

Written by Prasad

පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන නිසාම ඇයව නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙනවා. දරුවෙක් සමග තනි උන මවක් විදිහට ඇය සමාජයේ නොයෙකුත් නින්දා අපහාස වලට ලක් වුවත් ඇය ඒවා පිළිබඳව වැඩිදුර සිතන්නට යන්නේ නැහැ. ඒ වගේම තමයි කියන්නට තියෙන දේ කෙලින් කතා කිරීමට තරම් ඇය පෞර්ෂවත් කාන්තාවක් ද වනවා.

චන්දිමාල් ජයසිංහ වැනි රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉහළින්ම සිටින පුද්ගලයන් සමග සමීපව කටයුතු කරන ඇය වටා බොහෝ රසික රසිකාවියන් පිරිසක් එක්රොක් වී සිටිනවා.පහුගිය කාල වකවානුව තුළදී ඇය පිළිබඳව අපට සුභ දායක ආරංචියක් දැනගන්නට ලැබුණා. ඒ තමයි ලබන වසරේ ඇය විවාහ වීමට තීරණය කර ඇති පුවතයි.ඇය මින් පෙර එක්තරා පුද්ගලයෙක් සමග වසර පහක් මුළුල්ලේ පෙම් සබඳතාවක් පැවැත්වූ වත් ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක ගැටුම් නිසා එම සම්බන්ධය දිගටම පැවතුණේ නැහැ. ඉන්පසු දිගු කලක් මුළුල්ලේ තනිකඩව සිටි පියුමි නැවතත් කඩවසම් පෙම්වතුකු සමඟ පෙමින් වෙලි සිටිනවා. ඔහු නමින් තනුෂ්ක.

ඉතින් නිතර පියුමි ඔහු සමඟ සිටින චයාරුප සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා.නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය යාවත්කාලීන කන ඇය දිනපතාම ඇය සම්බන්ධ වී සිදු කරන කාර්යයන් ඇයගේ රසික රසිකාවියන් වෙනුවෙන් ඔවුන්ව දැනුවත් කිරීම සදහා සමාජ මාධ්‍යයට යොමු කරනු ලබන තැනැත්තියක් වනවා.කෙසේ නමුත් පියුමි තමන් ගැන විවිධ අය කෙසේ සිතුවත් ඇය ඒ පිළිබද වැඩිය ගනන් නොගන්නා බව විවිධ අවස්ථා වලදී ඇයගේ අදහස් දැක්වීම් වලදි පවසා තිබුනා. එහදි ඇය කියා සිටියේ.

ලංකාවේ සමහර මිනිස්සු හරිම කුහකයි, තව කෙනෙක් ලස්සනට ඇඳලා කරලා කාලා බිලා ඉන්නවා බලන්න ආස නැති බවත් තමන්ට වඩා තව කෙනෙක් දියුණු වෙනවානම්, තමන්ට නොලැබුණු දේවල් තවත් කෙනෙක්ට ලැබෙනවානම් පුදුම ඉරිසියාවක් තියෙන බවත්ය.ඊට අමතරව වැඩි දුරටත් ඇය කියා සිටියේ ඇයගේ ඇද සොයන්න පරිසක් සිටින බවත් ඇයටප්‍රසිද්ධියක් ලබන්න අමුතුවෙන් අළුශය නොවන බවත්. දැනටත් ලැබිලා තියන ප්‍රසිද්ධිය ඇයට හොදටම ඇති බවත් ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව තමන් කියලා කිව්වත් ඒකෙ වැරද්දක් දකින්නේ නැති බත් පියුමි හංසමාලි වැඩි දුරටත් පවසා සිටියා.ඉඉතින් අපි ඇයගේ ඉදිරිගමනට හදවතින්ම සුභ පතනවා.

About the author

Prasad

Leave a Comment