Article

මන් විවහා වෙනවනම් විවහා වෙන්නේ මට උපරිම නිදහස දෙන කෙනෙක්ව. තරින්දි ප්‍රනාන්දු.

Written by Prasad

තරින්දි ප්‍රනාන්දු ඇය නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක් විදිහට හැඳින්වුවාට වරදක් නැහැ. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයකට ඇගේ නම නිර්දේශ වෙලා තිබුණා. ඒ ගැන ඇයත් එක්ක අපි කතා කරන්නට හිතුවා.මම සම්මානයක් නොලැබුනත් සම්මානයකට නිර්දේශ වීමත් මට ලොකු සම්මානයක් විදිහට තමයි මම සලකන්නේ. රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2020 වර්ෂය සුළඟ මහමෙරක ටෙලි නාට්‍යයේ රංගනයට හොඳම නැගී එන නිළිය සඳහා නිර්දේශ වෙලා තිබ්බා. ඒ වගේම 2021 වසරේ මහපොළොව ටෙලි නාට්‍යයේ රංගනය සඳහා හොඳම සහාය නිළිය ලෙස සම්මානයට නිර්දේශ වෙලා තිබුණා. ඉතින් වසර දෙකේම නිර්දේශිත නම් අතරට හරි එන්න ලැබීම ගැන මම ගොඩක් තෘප්තිමත්.”

රංගනයෙන් දායක වුණ ද ගේම් චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි නේද? ඒ ගැනත් අපි ටිකක් කතා කරමු. සුරංග අල්විස් මහත්තයාගේ the game චිත්‍රපටය රූගත කිරීම අපි අවසාන කළේ මීට අවුරුද්දකට විතර උඩදී. මම චිත්‍රපටියක ප්‍රධාන චරිතය නිරූපණය කරන පළවෙනි අවස්ථාව තමයි මේක. රංජන් රාමනායක ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම ජනිත් වික්‍රමගේ, චතු රාජපක්ෂ, ගීතිකා රාජපක්ෂ ආදී තරුණ පරපුරේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා ලස්සන අත්දැකීම් සමග නිර්මාණය වුන චිත්‍රපටියක් තමයි මේක. රන්ජන් රාමනායක මහතා සමඟ චිත්‍රපටය ප්‍රධාන රංගනයට දායක වෙන්න ලැබීම ඇත්තටම මට සතුටක්. ඔහු ගැන ලංකාවේ මිනිස්සු හොද වගේම නරකත් කියනවා. නමුත් මට නම් ඔහු හිත හොඳ මනුෂ්‍යයෙක්. තාමත් ලංකාවේ සුපර්ස්ටාර් රංජන් රාමනායක කියලා මම හිතනවා.

ඉතින් මට ඔහු සමග රඟපාන්න ලැබීම ලොකු ගෞරවයක් ආඩම්බරයක් වගේම ලොකු සතුටක්.”මෙගා ස්ටාර් හරහා ඔබේ නර්තන කුසලතාවයන් අපි දකිනවා. ඔබ නර්තනය හදාරා තිබෙනවා ද?මම පාසල් යන කාලේ නර්තනය හැදෑරුවා. කුඩා කාලයේ මගෙ සිහිනය වුණේ නර්තන ගුරුවරියක් වෙන එක සාමාන්‍ය පෙළ හදාරලා වාණිජ විෂය තෝරා ගැනීමත් එක්ක මගේ අරමුණ වෙනස් වුණා. මම රැකියාවට කොළඹ ආවට පස්සේ බටහිර සහ හින්දි නර්තන ශෛලීන් හැදෑරුවා. නර්තනය කියන්නෙ මගේ විලාසිතාව.”සිය රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එක පහසුයි ද? “වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන එක හොඳ වුනත් ඒකෙ ලොකු අවදානමක් තියෙනවා. මොකද එතකොට අපේ ප්‍රධාන අදායම් මාආදායම් මාර්ගය වෙන්නේ රංගනය. එහෙම උනහම අපිට හොඳ නිර්මාණ තෝරා බේරාගෙන විතරක් රඟපාන්න බැහැ. ඒ නිසා මම වෘත්තීමය රංගන ශිල්පිනියක් විදියට විතරක් ඉන්න කැමති නැහැ.

මම මගේ ව්‍යාපාරයක් අනාගතයේ දී පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා වෘත්තීමය වශයෙන් රංගනයේ පමණක් නියැලෙන මගේ බලාපොරොත්තුවක් නැහැ.”ජීවිතය ගැන කියනවනම් විවාහ වෙන්න නම් දැන්ම අදහසක් නැහැ. මම විවාහයේදී බලාපොරොත්තු වෙන්නෙ විශේෂයෙන්ම විශ්වාසය, තේරුම් ගැනීම, අවබෝධය තිබිය යුතුමයි. මාව හිරකාරියක් කරගන්නෙ නැතුව මට නිදහස දෙන්න ඕනෑ. ඒ කියන්නෙ විශ්වාසය තිබෙන්නම ඕනෑ. වෙන දේවල් අවශ්‍ය නැහැ. ගරුත්වය කියන දේ තිබිය යුතුම දෙයක්. මා ගැන එයාට ගරුත්වයක් නැත්නම්, එතැන ආදරයකුත් නැහැනෙ. වෙන ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”කියලයි ඇය පවසන්නේ.

About the author

Prasad

Leave a Comment