Article

මන් විවහා වෙන්නේ බොඩි බිල්ඩර් කෙනෙක් එක්ක අපේ ආදර කතාවට දැන් අවුරුදු 10ක්.අනුෂා දමයන්ති.

Written by Prasad

අනුෂා දමයන්ති කියන්නේ ශ්‍රී ලංකාවෙ නර්තන ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ නර්තන ශිල්පීන් අතර අග්‍රස්ථානයේ තියන්න පුළුවන් චරිතයක්.ඒ වගේම තමයි ඇයව රංගන ක්ෂේත්‍රය තුළත් බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු රංගන ශිල්පිනියක්. බොහෝ අවස්ථාවන් වල දී අනුෂා දමයන්ති කියන මේ චරිතය අපි දැක බලා ගන්නේ රිදී තිරය තුලින්. රංජන් රාමනායක ඇතුළු බොහෝ කලාකරුවන් පිරිසක් එක්ක ආදරණීය චරිත රැසක් ම නිරූපණය කරපු අනූෂා අහම්බෙන් තමයි කලා ලෝකෙට එන්නෙ. ඇය සඳහන් කරන ආකාරයට පුංචි කාලේ ඉඳන්ම අනූශාට ඕනේ වෙලා තියෙන්නේ නටන්න.

ඇගේ ආදරණීය අම්මා කිරි අම්මා ඇතුළු සියලුම දෙනාට කලා ලෝකය පසුබිම් වූ අපූරු නර්තන හැකියාවක් තිබ්බ නිසා අනූශාට පුංචි කාලේ ඉඳන්ම නර්තනය කියන්නෙ ඇඟේම තිබුණු දෙයක් කියලා ඇය සඳහන් කරනවා. ඒ වගේම අදටත් අනුෂා අනුගමනය කරන්නේ කාගෙවත් විලාසිතා නෙවෙයි ඇය ඇයටම ආවේනික වූ විලාසිතා තමයි නිර්මාණය කරගෙන තියෙන්නෙ.ඒකට මූලිකම හේතුව ඇයට අවශ්‍ය වෙලා තියෙනවා කවුරුත් නොකරපු දෙයක් සමාජයට කරලා පෙන්නන්න.
ජීවිතේම විලාසිතාවක් වගේ කියලයි අනුෂා තමන් ගැන කියන්නේ. ඒ ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්, විලාසිතා කියන්නේ ඇඳුම් අදින එකම නෙවෙයි.

අපි කන බොන විදිය ඇවිදින විදිය පවා විලාසිතාවක්. ඒ හැමදෙයක්ම විලාසිතාවක් විදියට නිවැරදිව කරනවානම් ජීවිතේටත් හොඳ ආදර්ශයක් වෙනවා. ගැලපෙන ඇඳුමක් තෝරාගන්නවා වගේ තමයි.අපි කරන හැම දෙයක්ම විලාසිතාවක් විදියට කරන්න ඕන. ඕනම කෙනෙක්ම දැකපු ගමන් අපේ හිතේ මවනවා ඒකෙනා ගැන රූපයක්. කෙනෙක් අඳින පළඳින විදියෙන් එයා දිහා බලලා කොහොම කෙනෙක්ද කියලා කියන්න පුලුවන් වුනාට මිනිස්සු හොඳද නරකද කියලා එහෙම බලන්න බැහැ. මම නම් පුංචි කාලේ ඉඳලාම ලස්සනට පිරිසිදුව පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. ගෙදර ඉන්නකොටත් හැමදේම පිළිවෙලට තියාගෙන ඉන්නවා. තමන්ගේ වගේම වෘත්තියේත් ගරුත්වය ගැන හිතලයි මම වැඩ කරන්නේ.

ඉතින් ඒ වගේම විවාහය මොන ආකාරයෙන්ද පවත්වන්නේ කියලා තවම හරි අදහසක් නැතත් අනිවාර්යෙන්ම මේ අවුරුද්ද තුළ විවාහය ගන්නවා කියලයි ඇය නම් කියන්නේ. බොහෝ විට එය සරල චාම් විවාහ මංගල්‍යයක් වෙයි කියලත් ඇය කියනවා.ඉතින් ඒ වගේම ඇයගේ පෙම්වතා ව්‍යාපාරිකයෙක් සහ කායවර්ධන විනිසුරුවරයෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් ලංකාවේ ඉතාම දක්ෂ කායවර්ධන පුහුණුකරුවෙක් වගේම ලංකාවේ අඩු වයසින්ම ජාත්‍යන්තරය නියෝජනය කළ කායවර්ධන විනිසුරුවරයාත් ඔහුලු. ඒ වගේම ඔහු ඇයගේ රසිකයෙක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම අවුරුදු 10ක පමණ ලොකු ආදර කතාවක් තමයිලු මේ හැබෑ වෙන්න යන්නේ කියලා.

About the author

Prasad

Leave a Comment