Article

මන් විශේෂයෙන්ම ආදරේ කරන්නේ මගේ හුරතල් පූසට එයාට ආදරේ කෙනෙක්ට තමයි මන් කැමති.

Written by Prasad

නිරුපන ශිල්පිනියක් වශයෙන් කළා ක්ෂේත්‍රයට පැමිණිලා වර්තමානය වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්වෙලා සිටින කෙනෙක් තමයි ප්‍රර්ථනා සෙව්වන්දි කියන්නේ. ඒ වගේම කළා ක්ෂේත්‍රය පැමිණෙන නවකයෙක් තමයි ඇය. ප්‍රර්ථනාව ඔබ වැඩියෙන්ම දැකලා ඇත්තේ රාවණ ටෙලි සිතුවමේ ප්‍රධාන සෙන්පතිනිය ලෙසයි. ප්‍රේක්ෂක ආදරය දිනාගත් වන මැටි කඩුලු ටෙලි සිතුවමේ දීපාගේ චරිතය නිරූපණය කරන්නේද ඇයයි. 2018 වර්ෂයේදී තමයි ඇය මුලින්ම කලාවට පිවිසෙන්නේ. ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්. ඇත්තටම මම ගැන මට සෑහීමකට පත්වෙන්න පුලුවන්.

මොකද මම පුංචිම තැන ඉඳන් ඉරිදියට ආපු කෙනෙක්. පොඩි පොඩි චරිත කර කර ඉඳලා ප්‍රධාන චරිතයක් කියලා මට ලැබුණේ රාවණ ටෙලි සිතුවමේ සෙන්පතිනියගේ චරිතයයි. ඉතින් දැන් වැඩිය ටෙලි නාට්‍ය වල ඇය දක්නට නොලැබුනත් ඉදිරියේදී අපිට ඇයව දැක ගන්නට ලැබෙයි. ඒ වගේම ඇය සතුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ විදිහටයි.ඔව් මන් සුරතලුන්ට ගොඩක් කැමති. දැනට මම ලා ඉන්නවා එක බල්ලෙකුයි පුස් පැටවූ හත් දෙනෙකුයි ඉන්නවා. බන්ටි, ටිකිරි, පින්කි, සුදු, චුටි, සුද්දී, බ්ලැකි කියල තමයි මම ඒ යට ආදරේට නම් දාලා තියෙන්නේ. මම ඒ ඔක්කොටම ගොඩක් ආදරෙයි. මම ඒ අයට දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් දීලා ආදරෙන් බලාගන්නවා.

මම ගෙදර ඉන්න හැම සතෙකුටම ගොඩක් කැමති. හැබැයි ඉතින් මන් ඒ අතාරින් ගොඩක් ආදරේ එක්කෙනක් ඉන්නවා. එයා තමයි බන්ටි. එයා විශේෂ කෙනෙක් වෙන්න ලොකුම හේතුව තමයි එයා නිසා තමයි මට අනිත් පුසෝ ටික හමුවෙන්නේ. ඒ කියන්නේ මම ලග ඉන්න අනිත් පුසෝ සේරම අය බන්ටිගේ පැටවූ. ඒ නිසා මම වැඩියෙන්ම ආදරේ බන්ටිට තමයි.බන්ටිගේ විස්තර ටිකක් කියමුද. එයා ෆර්සියන් වර්ගයේ පූසියෙක්. එයා අපේ ගෙදරට මුලින්ම එන්න ලැබුනේ අපේ ලග ගෙදරක අන්කල් කෙනෙක් නිසා තමයි. එය තමයි මට කිවේ පුස් පැටවූ දන්නෙක් ඉන්නවා කියලා. මන් කිව දෙන්නම මට දෙන්න කියලා. එත් මට හම්බුනේ එක පුසයි.

2016දී තමයි එය අපේ ගෙදරට ගෙනාවේ. දැනට එයාගේ වයස අවුරුදු හතරයි. එයා ටිකක් හොද වර්ගයේ කෙනෙක් කිසා හදන්න ටිකක් අමාරුයි. එයට කෑම එහම දෙන්න ගියාම ටිකක් නීති වැඩියි. ඒ කියන්නේ එයට මස් හෝ මලු ඕනෙමයි කන්න. නැත්නම් කන්නෙම නෑ. එය පුංචි කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි. හැබැයි මම දැකල තියන අනිත් පුසෝ එක්ක සෙල්ලමට යන්නේ නම් නෑ. එයා පුංචි කලේ දාලම කැමති තනියම ඉන්න එයට ඉන්න වෙනම තැනක් තියනවා එය ඉන්නේ එතන තමයි. මම හිතන්නේ එයට මම ගොඩක් ආදරේ වුනාට එයා වැඩියෙන්ම ආදරේ අපේ තාත්තට තමයි. මොඅද මමයි අම්මයි කතා කලාම ඇහෙන්නේ නෑ වග ඉන්නවා.

හැබැයි තාත්තා කතා කරපු ගමන් කොහේ හිටියත් දුවගෙන ලගට එනවා. බන්ටි දෙපාරක්ම පැටවූ බිහිකලා. ඒ සේරම දැන් මන් ලග ඉන්නවා. මේ වගේ දේවල් තමයි බන්ටි ගැන කියන්න තියෙන්නේ.විවාහ වෙන කෙනා සතුන්ට කැමති නැති කෙනෙක් වුනොත් මොකද කරන්නේ. ඇත්තටම මම ඒ ගැනත් හිතුවා. හැබැයි මෙහෙම දෙයක් තියනවා මම හිතාගෙන ඉන්නේ මම මුලින්ම මට කැමති කෙනා නෙවෙයි මගේ සතුන්ට කැමති ආදරේ කරන කෙනෙක් තමයි විවාහ වෙන්නේ කියලා හිතුවා. එයා මොන තරම් හොද කෙනෙක් වුනත් සතුන්ට ආදරේ නැත්නම් මම එයාව විවාහ කරගන්නේ නෑ. මම වගේ සතුන්ට ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕනේ එයත්.විශේෂයෙන්ම මන් ආදරේ කරන්නේ පුසන්ට ඉතින් මගේ ලග ඉන්න පුසන්ට කැමති කෙනෙක් නම් මාත් කැමති. කියලයි ඇය අවසානයේ පැවසුවේ.

About the author

Prasad

Leave a Comment