Article

මන් සුදු හඳුන් සහ කස්තුරු දෙහි වගේ ස්වාභවික දේවල් පාවිච්චි කරලා තමා සුදු වුණේ. නතාෂා පෙරේරා.

Written by Prasad

දෙදහ දශකයේ පුංචි දරුවො නම් දගමල්ල කියලා කියපුවාම බොහොම ආදරේ කරන නාට්‍යයක් බවට පත් වුණා. ඒ වගේම එහි හිටපු පුංචි දගමල්ල කවුරුත් ආදරය කරන චරිතයක් බවට පත්වනවා.ඉතින් 2000 දශකයේ පොඩි දරුවෝ අවුරුදු පහළොවකට පස්සේ දැන් බොහොම වැඩිවියට පත් වෙලා. නමුත් එදා තිබුණු ආදරය අදටත් නොවෙනස්ව, ඒ විදිහටම දඟමල්ල කෙරෙහි තියෙනවා. එදා දඟමල්ල චරිතයට පණපොවන්නේ නතාෂා පෙරේරා කියන්නේ ආදරණිය පුංචි දැරිය.නමුත් අද නම් ඇය බොහොම තරුණ වියේ පසුවන තරුණියක් .

ඉතින් පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් ඔස්සේ නතාෂා, දඟමල්ල ගැන කතා කරලා තිබුණා.ඇය කියන විදිහට නම් දඟමල්ල කියන නිර්මාණය තුළින් තමයි ඇයගේ ජීවිතේ වෙනස් වෙන්නේ.දඟමල්ල වේදිකා නාට්‍ය සහ දඟමල්ල ටෙලි නාට්‍යය යන දෙකටම ඇයට හොඳම ළමා නිළියට හිමි රාජ්‍ය සම්මානය හම්බ වෙනවා. ඉතින් ආයෙමත් විකාශනය වන මේ ටෙලි නාට්‍යය නිසා ඇගේ ළමා කාලයේ සොඳුරු මතකයන් නැවත ආවර්ජනය වෙනවා කියලා තමයි නතාෂා කියන්නේ.දඟමල්ලට ප්‍රතිචාර ලැබෙන අතරතුර ඇයගේ වෙනත් නිර්මාණ පිළිබඳව ඇසූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ තවමත් කලා නිර්මාණයකට මෑතකදී සහභාගී නොවුණු බවයි.

ඒකට හේතුව ලෙස සඳහන් කරලා තිබුණේ ඇය ගේ අධ්‍යාපන කටයුතු වලට ඉඩ කඩ වෙන් කිරීම නිසා කලා ජීවිතය මගහැරී ගියපු බවයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇය යම් අවස්ථාවක කලා ජීවිතය කැප කිරීමකට ලක් කරා කියලා තමයි කියන්නේ.කෙසේ වෙතත් දැන් ඇය දිවුරුම් දුන් නීතිඥවරියක වෙනවා. මේ දවස්වල නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි කියා අසන පැනයට පිළිතුරු දෙන්නේ අධ්‍යාපන කටයුතු නිසා කියලා තමයි ඇය කියන්නේ.ෆැශන් වලට කැමැත්තක් දක්වන කෙනෙක්නේ නතාෂා කියන්නේ.ඉතින් ඇය කියන විදිහට සමහර පුද්ගලයෝ ඇයගේ ෆැශන් වලට කැමති නැතුව ඇති. නමුත් තාමත් ඇයට ආදරය කරන පිරිසක් සිටිනවා.

ඔවුන් වෙනුවෙන් තමයි ඇය ලස්සනට ෆැශන් කරල ඉන්නේ කියලා තමයි නතාෂා කියන්නේ. නමුත් ඇය නීතිඥ වෘත්තීය තුලදී කිසිම මේකප් එකක්වත් භාවිතා කරන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ.කලා ක්ෂේත්‍රය තුළ දී ඇයව අනුගමය කරන පිරිසකුත් සිටිනවා කියලා තමයි කියන්නේ. ඒත් සමගම ඇය කියන තවත් කාරණාවක් තමයි මේ දවස්වල බොහෝ නිෂ්පාදන අලෙවි කරුවන් ඇයගේ රුව භාවිතා කරමින් ඇතැම් නිෂ්පාදන වෙළඳාම් කිරීමට යොමුවන බව.ඉතින් ඇය කියන විදිහට කිසිදු එන්නත් කරනයකට හෝ ප්ලාස්ටික් සර්ජරි හෝ ආලේපන වර්ගයක් හෝ පාවිච්චි කරන්නේ නැහැ කියනවා. ඇය කියන්නේ ඇය නිතර සුදු හදුන් සහ කස්තුරු දෙහි වගේ ස්වාභවික දේවල් පාවිච්චි කරලා තමයිලු. ය මෙතරම් සදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඇය විශ්වාෂයෙන්ම කියනවලු.

About the author

Prasad

Leave a Comment