Article

මම අසම්මත පෙමක පැටලුනු කෙල්ලෙක් සිනමාවට අලුතෙන්ම පෑයූ නිලි මදුශානි වික්‍රමසිංහ

Written by Prasad

අපේ රංගන ක්ෂේත්‍රයට කාලයෙන් කාලයට එකතු වෙන අලුත් මුහුණු අතරේ ඇයත් අපේ කලා ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වුණු මුහුණක්. ඉතින් මධුෂානී වික්‍රමසිංහවත් අපේ කලා ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වුණු දක්ෂ රංගන ශිල්පිනියක් විදියට අපිට හඳුන්වන පුළුවන්. මේ මස 18 වන දින තිරගත වීමට නියමිත එරංග සේනාරත්න ගේ අලුත්ම චිත්‍රපටය වන “මොනාලිසා” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නට ඇය අවස්ථාව හිමි කර ගන්නවා. පසුගිය දිනක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වුණු ඇය ප්‍රකාශ කළේ රිදී තිරයේ ඇගේ හතරවන චිත්‍රපට නිර්මාණය මොනාලිසා කියලයි. සරසවිය පුවත්පතේ පළවුණු මාධ්‍ය සාකච්ඡාවකින් ඇයව දුටු එරංග සේනාරත්න ඇයට මේ චිත්‍රපටිය සඳහා ආරාධනා කරපු බව තමයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

යථාර්ථවාදී සිනමා නිර්මාණයක් වන මෙම චිත්‍රපටයේ දී ඇය කල්පනා කියන චරිතය තමයි ඇය රඟ දක්වන්නෙ. ඒ වගේම අසම්මතයට පැටළුන චරිතයක් වුණු එයින් සමාජයට පොළොවේ පයගහල ඉන්න චරිතයක් වැඩිදුරටත් හඳුන්වා දෙන්න පුළුවන් වෙයි කියලා හිතන බව තමයි ඇය කිව්වේ.ඒ වගේම රිදී තිරයට පුංචි තිරයට පමණක් සීමා වෙන්නේ නැතුව නැතිව වේදිකා නාට්‍යවලත් රංගනයෙන් දායක වෙන්න ඇගේ හිතේ මනාපයක් තියෙනවලු. ඒ හින්දම මේ දිනවල වේදිකාගතවන සරත් කොතලාවල දී පාරාවෝ සටන් වදී කියන වේදිකා නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වෙනවා ලු.

ඒ හින්දම ඕනම ටෙලි නාට්‍යයක රඟපානවා කියන මතය ඇය නැහැ කියලා ඇය ප්‍රකාශ කළා. මේ වෙනකොටත් ඇයට බොහෝ ටෙලි නාට්‍ය ප්‍රමාණයකට ආරාධනා ලැබුණා වගේ ම ඒ දේවල් තමන්ගේ හිතට ගැලපෙන නිර්මාණ නොවු නිසා තමන් ඒ ආරාධනා බාර නොගත්ත බවත් ඇය ප්‍රකාශ කළා. නිසා තමන්ව සිනමා නිළියක් විදිහට හඳුන්වා දෙනවාට තමයි වැඩිපුරම කැමති කියලත් ඇයි කිව්වා. 2017 වර්ෂයේ දී ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරමින් තමයි ඇය කලාවට පිවිසෙන්නේ.

පුද්ගලික ජීවිතය සහ ආදරය විවාහය ගැන විමසූවහම ඇය දුන්නේ මෙන්න මේ වගේ අදහසක්. ආදරේ ගැන කතා කරනවා නම් ඇය තවමත් පෙම්වතියක් නොවන බව තමයි ඇයි කිව්වෙ. විවාහ යෝජනා නිතරම ආවා තාමත් ආදරය කරන්න ගැලපෙන කෙනෙක් ජීවිතය ලැබුණේ නැහැ. ක්ෂේත්‍රයේ කෙනෙක් විවාහ කර ගන්නේ නැහැ කියන මතයක නැතත් ජීවිතේට ගැළපෙන තමන්ව තේරුම් ගත්ත කෙනෙක් හමු උන දවසට තමයි තමන්ගේ විවාහය සිදු වෙන්නේ කියලා ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

About the author

Prasad

Leave a Comment