Article

මම එයා ලොකුවෙනවා දැක්කේ වීඩියෝ වලින් බබව දාලා ලංකාවට ඇවිත් දැන් අවුරුදු දෙකයි ලෝචනා ඉමාෂි

Written by Prasad

කාලයක් තිබ්බා “ලෝචනා” කිවහම ඕනම කෙනෙක් දන්න. ඇගේ කටකාර කතා විලාසයත්, සුන්දර ලගන්නා සිනහවත්, රංගනයත්, සැහැල්ලුවෙන් ගත කළ ජීවිතයත් නිසා ඇය ඉතාමත් ආකර්ෂණීය තරුණියක වුනා. රංගන ශිල්පිණියක් ලෙස වගේම ඇය නිවේදිකාවක ලෙසද කටයුතු කළා. නමුත් අද වෙද්දි ඇය වගකීම් සහත බිරිඳක්, වගේම ආදරණීය පුතෙකුගේ මවක් වෙනවා.

ලෝචනා කියන්නේ වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වුණාට හරිම සාමාන්‍ය කෙනෙක්. මම ආසම සාමාන්‍ය විදිහට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මම ජීවිතේ ගොඩක් කැපකිරීම් කරපු කෙනෙක්. කරපු ලොකුම කැප කැප කිරීම තමයි පුතාගෙන් ඈත් වෙලා අවුරුදු දෙකක් ජීවත් වීම. මේ රටේ දාලා මෙහෙට එද්දී ගොඩක් ඇඬුවා. ලංකාවට ආවත් වසංගත තත්වය නිසා මට ආයෙත් එහෙට යන්න බැරි වුණා. එක දරා ගෙන ඉඳීමම මම මගේ ජීවිතේ කරපු ලොකුම කැප කිරීමක්.

අනිත් හැමෝටම වගේ ජීවිතය කඩා වැටී මටත් වෙලා තියෙනවා. ඒ වෙලාවට අඬලා දොඩලා හිත සනසගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මම ඉරිසියා සහගත පුද්ගලයෙක් නෙවෙයි. ජීවිතේ නොලැබීම කියන්නේ අනිත් අයට වගේම මටත් පොදු දෙයක්. මොන තරම් සැහැල්ලුවෙන් හිටියත් මටත් නොලැබුණු දේවල් තියෙනවා. ඒත් ඒ මට නොලැබුණු දේවල් අනිත් අයට තියනවනේ කියලා ඉරිසියා කරන්නේ නැහැ. හැමදේම ලැබෙන එක හැමෝටම උරුම දෙයක් නෙවෙයි. ඉතිං ඒක මටත් පොදුයි. අන්න ඒ හින්දා ඕනිම දෙයක් මම සම සිතින් දරාගත්තා.

සමහර වෙලාවට අපිට ජීවිතේදි ලොකු කැපකිරීම් කරන්න වෙනවා. අපේ දෙමව්පියෝ පොඩි කාලේ අපි වෙනුවෙන් කැපකිරීම් කරා. මේ වෙද්දි මම මගේ දරුවා වෙනුවෙන් කැපකිරීම් කරනවා. රංගන ශිල්පිනියක් විදිහට රංගනයේදී මම කැප කිරීම් කරලා තියෙනවා. ඒක තමයි සාර්ථක මනුස්සයෙක්ගේ රහස.මේ ආපු ගමන දී කාලයෙන් කාලයට එක එක අභියෝග මගේ ජීවිතයට ආවා. අභියෝග ආව කියලා මං ඒවගෙන් පැනල ගියේ නෑ ඒවට ඒවාට සාර්ථකව මුහුණ දුන්නා. ඒ එන දේවල් අභියෝග කියලා හිතනවට වඩා අපි විසින් කළ යුතු දේවල් කියලා කියල හිතනකොට අපිට ඒවට මුහුණ දෙන්න ලේසියි.මගේ ජීවිතය ලොකුම ඉලක්කය තමයි මේ වසංගත තත්ත්වය මැඩ ගෙන මගේ පුතාව මගේ ගවට ගන්න එක. ජීවිතයේ මට ලැබිච්ච ආදරය ගැන කිව්වොත් මේ ලැබිලා තියෙන දේ තමයි ලැබුණු හොඳම ආදරය. ඒ අයත් එක්ක මගේ ජීවිතේ සතුටින් ගෙවනවා.

මම මේ තාක් කාලයකට ලබපු ජයග්‍රහණ ගැන කියනවා නම් ජයගත්තු තැන් වගේම පරාජය වුණ තැනුක් තියෙනවා. මගේ පුතාව දුර තියාගෙන එයා ලොකු වෙන හැටි මම පියවි ඇසින් නොවුනොත් වීඩියෝ කෝල් වලින් බලාගෙන ඉන්නවා. අවුරුදු දෙකක් තිස්සේම අපි දෙන්නා එහෙම තමයි මුණ ගැහුනේ. එයා චුට්ට චුට්ට ලොකු වෙන හැටි, එයා බත් කන හැටි, එයා ඉස්කෝලේ වැඩ කරන හැටි, හැමදේම වගේ එයා මට කතා කරලා පෙන්නනවා. වර්තමානයේදී මට ලබන්න තියෙන ලොකුම ජයග්‍රහණය තමයි කොහොමහරි එයා මං ගාවට එන එක. කොහොමත් ඉක්මනින්ම එයා ලංකාවට ඒවි. ඉතිං අම්ම කෙනෙක් ඊට වඩා සතුටක් කොහෙන්ද තමන්ගේ දරුවා ළඟ ඉන්නවා තරම්.

About the author

Prasad

Leave a Comment