Article

මම ඒලවල් කරා විතරයි හේමාල් අයියාගේ පෙම්වතිය වෙන්න ලැබීම මගේ පෙර වාසනාවක් ඉෂන්කා ජහන්වී

Written by Prasad

ඇය සුන්දර තරුණියක්. මේ දිනවල ඇයව අපේ කලා ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් කතා බහට ලක්වෙලා තියෙන්නේ ආශාවරී චිත්‍රපටියේ හේමාල් රණසිංහ සමඟ ඇය ප්‍රධාන චරිතයට දායක වන නිසා. මෙවැනි කොටයි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාර නිසා ගොඩක් සතුටින්ලු ඉන්නෙ. කලාවට ආපු විදිහ පිළිබඳව ඇය පැවසුවේ මේ ආකාරයෙන්.

මගේ තාත්තා කලාවට සම්බන්ධ කෙනෙක්. රැකියාවේ සභාවේ නිසා දිගින් දිගටම එයාට කලාවත් එක්ක ඉන්න හැකියාව නොලැබුනත් මටයි මල්ලිටයි දෙන්නටම පොඩි කාලේ ඉඳන්ම වෙලද දැන්වීම් වලට එම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනකොට වෙළඳ දැන්වීම් තිහකට වඩා දායකත්වය ලබාදීලා තියෙනවා.මේ මුල්ම රංගනය වෙන්නේ Eclipse Depth Of Darkness කියන හින්දි චිත්‍රපටියට. චන්ද්‍රරත්න මහතා කළ විශාල ව්‍යාපෘතියක් ලොව පුරා සිටින බොහෝ නළු නිළියන් මේ සඳහා දායක වුණත් එහි ප්‍රධාන චරිතය හෙබ වූ විදේශික රංගන ශිල්පිනියකගේ නැගණිය ලෙස තමයි මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ.

“මගේ කුලුඳුල් චිත්‍රපටය වන ආෂාවරි මට හොඳ නැවුම් අත්දැකීමක් උනා. ආශාවරී කියන්නේ දඟකාර ආදරණීය චරිතයක්. මම හිතනවා ඒ චරිතය ඇත්තටම ඉන්නේ මමමයි කියලා.නවකයෙකුට සිනමාවට පිවිසීම ගොඩක් අසීරු කාර්යයක්. අධ්‍යක්ෂවරු නවකයන් විශ්වාස කරනවා අඩුයි. නමුත් මගේ පෙර වාසනාවකට තේජා ඉද්දමල්ගොඩ නමැති අධ්‍යක්ෂකවරයා ව මට මුණ ගැහෙනවා. මම උසස් පෙළ කරනකම් මාස හතරක කාලයක් ඔහු මා වෙනුවෙන් බලා හිටියා. මේ ජීවිතයට මම අත්දැකීම් සම්භාරයක් එකතු කරගත චිත්‍රපටියක් වුණා.

ආෂාවරි වගේම පළවෙනි චිත්‍රපටය ම නූතන සිනමාවේ කුමාරයෙක් වෙන හේමාල් රණසිංහ අයියා එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබීම මම ලබපු භාග්‍යයක් විදිහට තමයි මම සළකන්නේ. ඔහුගේ පෙම්වතිය වීමට ලැබීම ඇත්තටම භාග්‍යක්. ඔහු එකේ රංගනයෙන් දායක වෙන්නේ හමුදා නිළධාරියෙක් ගේ චරිතයකට ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පියන් බොහෝ ප්‍රමාණයක් එක මට ගැටෙන්න අවස්ථාව ලැබීම ඇත්තටම සුන්දර වගේම සතුටුදායක කාරණාවක්. ඉතින් මම මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඉතාම හොඳින් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ මම යන්නෙ හෙමින් ගමනක්. ඒ නිසා මම අනාගත බලාපොරොත්තු ටිකෙන් ටික හෙමින් හෙමින් ඉෂ්ට කර ගන්නවා. ඒ විදියට තමයි ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළේ.

About the author

Prasad

Leave a Comment